සුරතල් " gold fish " මත්ස්‍යයාගේ අබිජනනය සොයමු.

        මම ඔයාලට ඔන්න අලුත් post එකක් අරගෙන ආවා... සුරතල්  මත්ස්‍යයන් ඇති කරන යාළුවන්ට මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා.. ඉතින් අපි බලමු ඒ කරුණු මොනවද කියලා යාලුවනේ... මම කොටස් කොටස් ආකාරයෙන් මේ පිළිබඳව ඔයාලට කියන්නම්...
         
        විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගත හැකි මාර්ගයක් වන සුරතල් මසුන් අපනයන කර්මාන්තයේ ඉතා වැදගත් අංගයකි අබිජනනය හෙවත් බෝ කිරීම.සමහරු මසුන් බෝ කිරීම හුදු විනෝදාශ්වාදය සඳහාම සිදු කරන අතර , තවත් සමහරු එය හුදෙක් ආර්ථිකමය වාසි සඳහාම කරති.

  v අබිජනන ක්‍රම.
        
        විසිතුරු මත්ස්‍ය වර්ග වලින් වැඩි ප්‍රමාණයක් බිත්තර දමන වර්ග වලට අයත් වේ. ඔවුන් අතරින් බිත්තර හොඳින් රැක බලා ගන්නා වර්ගද, බිත්තර හොඳින් රැක නොගන්නා වර්ගද වේ. බාර්බි හා කැට්ෆිෂ්, බිත්තර හොඳින් රැක බලා නොගන්නා වර්ග වලට උදාහරණ ලෙස දැක්විය හැක. මේවට අමතරව පැටවූ බිහිකරන වර්ගද ඇත. අපි ඒවා එකිනෙක සොයා බලමු.

       
    

  •                       ගෝල්ඩ් ෆිෂ්  මත්ස්‍යගේ අබිජනනය.

        මෙම මසුන් අවුරුද්ද මුළුල්ලේම අබිජනනය සඳහා යෙදවිය හැකි අතර, වෙන්කර තැබූ ගැහැණු හා පිරිමි සතුන් සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේදී එක් කිරීම වඩාත් යෝග්‍යවේ. ගැහැණු හා පිරමි සතුන් වෙන් කර තැබීමේදී මාංශජනක ධාතු හෙවත් අඩංගු ආහාර දීම වඩාත් යෝග්‍ය වේ. පාරිසරික උෂ්ණත්වය වැඩි කාල වලදී පිරිමි සතුගේ කරමල වැසී ඇති පිධානය මතුපිට කුඩා සුදු පැහැති බිබිලි වැනි දේ හටගනී. එය පරිනත භාවයට පත්වීමේ ලක්ෂණයකි. ඒ අතරම ගැහැණු සතුන්ගේ ශරීරය හොඳින් වැඩි ඇත්නම් , පිරී ඇති බවක් පෙනේනම්, මොවුන්ද පරිනත භාවයට පත්වී ඇති බව සඳහන් කල හැක.
         
         බිත්තර දැමීමේ ශිඝ්‍රතාව රඳා පවතිනුයේ උෂ්ණත්ව වෙනස්වීම් මත වේ. මෙම තත්ත්වය විශේෂයෙන්ම බලපානුයේ පොළොවේ සාදා ඇති ස්වභාවික පොකුණු වල මසුන් ඇතිකිරීමේදී වේ. නමුත් වීදුරු ටැංකි වල මෙම මසුන් ඇතිකිරීමේ දී බිත්තර දැමීමට සතියකට පමණ පෙර ගිල්වූම් තාපකයක් මගින් උෂ්ණත්වය fෆැරන්හයිට් අංශක 80 දක්වා ඉහල යැවීමෙන් බිත්තර දැමීමේ ශිඝ්‍රතාවය වැඩිකරගත හැක. බිත්තර සංඛ්‍යාව ඉතා විශාල බැවින්, බිත්තර දැමීම සඳහා තෝරාගත යුත්තේ විශාල ටැංකි වේ. මෙම මසුන් බිත්තර දැමීම සිදු කරනුයේ ජලජ පැළෑටි මතය. එබැවින් කුඩා පත්‍ර ඇති ජලජ පැළෑටි ද ටැංකිය තුලට දැමිය යුතුය. බිත්තර දැමීමෙන් පසු අබිජනන මසුන් එම ටැංකියෙන් ඉවත් කර බිත්තර පිපිරිම සඳහා ඉඩදිය යුතුය.
          
         බිත්තර දැමීමෙන් පසු අබිජනන සතුන් ඉවත් කර ටැංකියට මෙතිලින් බ්ලූ ද්‍රාවනයෙන් ස්වල්පයක් (බිත්තර නොපෙනෙන තෙක්) එක් කල යුතුය. මෙමඟින් අජීවී මත දිලීර වැඩිම වැළකේ. බිත්තර දැමීමෙන් දෙවන දින අසංසේචිත බිත්තර සුදු පැහැයට දැකිය හැක. ඒවා ඉවත් කිරීමෙන් සංසේච්ත බිත්තර ආරක්ෂා කරගත හැකිය.
         
        
         මෙම සංසේචිත බිත්තර සුදුසු උෂ්ණත්වයක් යටතේදී දින 04කින් පමණ පුපුරනු ලැබේ. මෙම බිත්තර පිපිරීමෙන් කුඩා මාළුන් (fry) දහස් සංඛ්‍යාවක් නිදහස් වේ. මේ කුඩා මසුන්ගේ ආහාර වශයෙන් “ Infusoria ” විශාල වශයෙන් අවශ්‍ය වේ. දහස් ගණනින් වූ මෙම කුඩා මාළු පැටවුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට කුඩා මාළු ටැංකියකට නොහැකි බැවින් අපිරිසිදු ස්වභාවික පොකුණකට මෙම පැටවුන් දැමීමෙන් අවශ්‍ය ආහාර ප්‍රමාණය සැපයිය හැක. එසේ නොකළහොත් කුඩා පැටවුන් විශාල ප්‍රමාණයක් නිරාහාරව මිය යාම වැලැක්විය නොහැක.
          
        බිත්තර වලින් පිටවී හතරවන දිනයේදී මෙම කුඩා මාළු පැටවුන් පිහිනීමට පටන් ගනී. නිදහසේ පිහිනන කුඩා මාළු පැටවුන්ට ඉතා හොඳ ආහාරයක් වනුයේ විදුලි අංශු තරම් කුඩා බිත්තර කහ මදයි. බිත්තරයක් විනාඩි 10ක් පමණ තම්බා පිරිසිදු ලේන්සුවකට දමා ජලයට මිරිකීමෙන් දූලි අංශු තරම් කුඩා බිත්තර කහ මදයේ අංශු කුඩා මාළු පැටවුන්ට ලබා දිය හැකිය.
          
        දින 10ක් වයස් වූ කුඩා මාළු පැටවුන්ට “ බ්‍රයින් ශ්‍රිම්ප්” ( Brine Shrimp ) කෑමට දිය හැකිය. මෙම කුඩා පැටවුන්ට පැය දෙකකට වරක් බැගින් දිනකට දස වතාවක් ආහාර සැපයීම යෝග්‍ය වේ. රාත්‍රී කාලයේදී ද ආහාර දෙන්නේ නම් ටැංකියට ආලෝකයක් ලැබීමට සැලැස්වීම වැදගත් වේ.


                




                               මේ ආකාරයට “ගෝල්ඩ් ෆිෂ්” මසුන් ඉතා සාර්ථක ලෙස අබිජනනය කරගත හැකිය.

Comments

Chinthaka said…
good post radika
Unknown said…
මමනම් මාළු ඇති කරන්නේ නැ නමුත් මාළු ඇති කරන අයට මේක ලොකු පිටුවහලක් වෙයි .. all the best radhika.................
Unknown said…
thnq kristi & chinthaka aiya...
ගීත් said…
ඔයා ගත්ත උත්සහය හොදයි එත් තව කරැනු තියෙනවා මෙම ලිපියට ඇතුලත් විය යුතු....
උදා- මසුන් අභිජනන ටැන්කි වලට ඇතුලත් කරන විදිහ...ලිපියක් දාන්න කලින් එවගේ දේවල් ගැනත් සැලකිලි මත් වෙන්න....ඔබට සුබ පැතුම්...
Unknown said…
වැඩේහොදයි.