රස නහර පිනා යන "පීසා" එකක් ගෙදරදීම හදමුද?


පීසා එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප   1 ¾
ඔලිව් තෙල් මේස හැඳි   2
ලුනු තේ හැඳි    ½
යීස්ට් තේ හැඳි   1 ¾
සීනී තේ හැඳි   1
යන්තමින් රස්නේ ඇති උණු වතුර කෝප්ප ¼
කැමති එළවලු වර්ග වලින් 150 g
කැමති වර්ණයකින් බෝල්පෙපර් ගෙඩි 1 හෝ මාලූ මිරිස් කරල් 3ක් පමණ.
ලොකුවට කපාගත් බී ළුණු ගෙඩි 1ක් පමණ
කුඩාවට කපාගත් සුදු ළුණු බික් 3
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සිහින්ව ගා ගත් මොසරැල්ල චීස් 200 g පමණ ( සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන්.)


      ඔන්න ඉතින් යාලුවනේ මේවා තමයි අපිට පීසා එක හද ගන්න ඕනේ කරන දේවල්. දැන් අපි බලමු මේ පීසා එක හදා ගන්නේ කොහොමද කියලා... පියවරින් පියවර...
මුලින්ම මද රස්නය තියෙන වතුරේ සීනී දියකර ගන්න ඕනේ. ඊට පස්සේ එකටම යීස්ට් දාලා කලවම් කරලා පියනකින් වහලා මිනිත්තු 10 ක් විතර තියලා තියන්න ඕනේ.. ඊට පස්සේ යීස්ට් ටික දියවෙලා පෙන නැගලා තියෙනවා ඔයාලට පෙනෙයි.

      දැන් පාන් පිටි පෙනේරයකින් හලලා එකට ලුණු, ඔලිව් තෙල් දාලා කලවම් කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණයට කලින් හදාගත්ත අර යීස්ට් මිශ්‍රණයයි වතුර ටිකයි එකතු කරගෙන අතේ ඇලෙන්නේ නැති වෙන්න පදමට මුදු පිටි මෝලියක් විදිහට අනාගන්න ඕනේ. මේ මෝලිය ගොඩක් තද එකක් නොවෙන්න ඕනේ.. දැන් මේ පිටි මෝලිය මිනිත්තු 10 ක් විතර අත් ගසා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පිටි මෝලිය යන්තම් තෙල් ගා ගත්ත භාජනයකට දාලා පිරිසිදු තෙත රෙදි කෑල්ලකින් වහලා පැය එකහමාරක් විතර පිපෙන්න තියන්න ඕනේ.
      දැන් එළවලු ටික තමන්ට කැමති හැඩයකට කපාගන්න. බෙල්පෙපර් ගෙඩියත් තමන් කැමති හැඩයකට කපාගන්න. මාංශමය ආහාරද කුඩා කැබලි වලට කපාගන්න.දැන් තෙල් ස්වල්පයක් භාජනේකට දාලා ලිප තියාගන්න ඕනේ. මෙයට සුදු ළුණු , ලුණු, බෙල්පෙපර් ටික දාලා තෙල්පරාදු කරගන්න ඕනේ. ඒකටම මාංශමය ආහාරද එකතු කරලා හොඳින් පිස ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු , ගම්මිරිස් දාලා රසවත් කරගන්න ඕනේ. මිස්ක්ඩ් හ්ර්බ්ස් හොයාගන්න පුළුවන්නම් ඒවායින් තේ හැඳි ¼ පමණ එකතු කර ගන්න. මේවා ප්‍රණීත සුවඳ ගෙන දෙන කුළුබඩු වර්ගයක් වෙනවා.

     දැන් පෝරණුවක අංශක 170ට රත් කර ගන්න ඕනේ. පිටි මෝලිය අරගෙන අඟල් ¾ ක් විතර ඝනකමට රවුම් විදිහට අඟල් 14ක් විතර විෂ්කම්භයකට බටර් හෝ තෙල් ගා ගත් තැටියක තුනී කරගන්න ඕනේ.දැන් පිටි මෝලිය පැය 1 ½ කට පස්සේ තිබුනට වඩා දෙගුණයකින් විතර විශාල වෙලා කියල ඔයාලටම පෙනෙනවා නේද?  දැන් ඒ පිළියෙළ කර ගත්ත පීසා රොටිය උඩින් තක්කාලි සෝස් අවශ්‍ය පදමට දාලා තුනී කරගන්න. තක්කාලි පෙති තියනවනම් ඒව අතුරා ගන්න. එකට උඩින් තෙම්පරාදු කරගත්ත එළවලු මිශ්‍රණය ද එකතු කර ගන්න ඕනේ. දැන් මේක රත් කරගත්ත පෝරණුවේ දාලා මිනිත්තු 20ක් විතර පුළුස්ස ගන්න ඕනේ.. පස්සේ මේක තරමකට පිලිස්සුනට පස්සේ එලියට අරගෙන සිහින්ව ගා ගත්ත මොසරැල්ල චීස් අතුරලා ආයෙත් පෝරණුවට දාලා තව මිනිත්තු 10ක් විතර පුළුස්සා ගන්න ඕනේ. හොඳින් පිළිස්සුන පීසා රොටිය වටේට ලා දුඹුරු පැහැයක් අපිට බලාගන්න පුළුවන්. චීස් දියවෙලා උණු වූනාට පස්සේ පෝරනුවෙන් එළියට අරගෙන කෑලි වලට වෙන් කර ගන්න ඕනේ.

     පීසා එක තමන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. පාන්පිටි ගන්නකොට සැලකිලිමත් වෙන්න, මොකද, ලූස් පිටි දැම්මම පිපෙන්නේ නෑ. ඒ නිසා හොඳ ඇසුරුම් කල පිටිම භාවිතයට ගන්න ඕනේ.




   ඔන්න දැන් අපේ පීසා එක හදා ගෙන ඉවරයි.. දැන් තියෙන්නේ හොඳම හරිය තමයි.. රස බලන්න... හි හි හි.... කොහොමද රසය?... රස නහර පිනා යනවා නේද?... ඔන්න ඉතින් යාලුවනේ ඔහොමයි රස පීසා එකක් හදා ගන්නේ.. දැන්ම ඔයාලා හැමෝම Test කරලා බලන්න...

Comments