LionSoft Nano Portable Dictionary



මෙන්න මගේ දෙවෙනි සොෆ්ට්වෙයා කෑල්ල. LionSoft Nano. මේකත් Dictionary එකක් තමා. දැන් කට්ටිය හිතනව ඇති චින්තක හැමදාම Dictionary ම විතරක් හදනවද කියල. නෑ නෑ, එහෙම දෙයක් නැහැ. ඔයාලට මතකනේ මගේ Lion Dictionary එක. අර 2012 දී මම එලිදක්වපු. ඔන්න මතක නෑ කියන්න එපා.. හරි ඒක හැදුවට පස්සෙ මම විවිද අත්හදා බැලීම් කලා. ඒක ඉතින් දිග කතාවක්. ඒ සොයාගැනීම් වල ප්‍රතිපලයක් හැටියට තමයි ලංකාවේ ප්‍රතම වරට Portable Dictionary එකක් හැදුවේ තනි File එකේ. 

Lion Nano යනු ඉංග්‍රීසි වචනයක් සිංහලට හරවන්න පුලුවන් පරිගණක වැඩසටහනක්. මේක සම්පූර්නයෙන්ම Portable Program එකක්. ඒ වගේම තමා මේ මුලු වැඩසටහනටම තියෙන්නේ තනි EXE File එකක් විතරයි. ඒ වගේම මේ File එක හරිම කුඩයි. ඒ නිසා Lion Nano කියන්නේ Pen Drive එකක් ඇතුලේ දාල තියා ගන්න පුලුවන් ඉතා කුඩා ඉංග්‍රීසි - සිංහල පරිගනක ශබ්ද කෝශයක්. වැඩසටහන භාවිතා කරන කොට ඔයාලටම තේරේවි මේක අමුතුම ජාතියක අත්දැකීමක් කියල. මොකද සාම්ප්‍රදායක UI වලින් මිදිල වෙනස්ම UI එකක් තමා මේ වැඩසටහනට තියෙන්නේ.



මේ වැඩසටහන මම Windows XP / 7  සහ 8 වලට සහය දක්වනව. නමුත් Windows XP කට්ටියට නම් පොඩි අව්ලක් තියෙනව. මොකද එයාල අනිවාර්යෙන්ම Dot Net 2.0 දාගන්නම වෙනව. හරිද.











Comments

Unknown said…
සුපිරි චින්තයියේ ..... කොරෝලා තියන වැඩේට උන මහන්සියටනම් කමෙන්ට් එකක් දාලා මදි ඒ උනාට අපිට කරන්න පුළුවන් තව තවත් ඔයාලා වගේ අය දිරිමත් කරන එක විතරයි.. all the best bro
Unknown said…
නියමයි චින්තක අයියා...... super වැඩක් නේ.... ඔයාට මගේ හදවතින්ම සුබ පතනවා තවත් මේ වගේ ලොකු වැඩක් කරන්න ශක්තිය ෛධර්ය ලැබෙන්න කියලා.. all the best bro... ^_^