සිංහලෙන් ලියන්න Lion Writer


                                      සිංහලෙන් එක එක දේවල් ලියන්න ගිහාම එච්චර ලේසි නෑ. මම මේ කියන්නේ අතින් නෙමේ, කොම්පියුටර් එකෙන්. මේ නිසයි මම හිතා ගත්තේ සිංහල පහසුවෙන් ලියන්න පුලුවන් පරිගනක වැඩසටහනක් නිර්මාණය කරන්න ඕනේ කියල. මේ අදහස මට තිබ්බේ සෑහෙන කාලෙක ඉදන් (2011 ටත් පෙර සිට). නමුත් මේ වගේ වැඩසටහනක් නිර්මාණය කිරීමට අදාල දැනුම මට ඒ දවස් වල තිබ්බේ නැති නිසා, ඒවා නිකන්ම නිකන් සංකල්ප විතරක් උනා. ඔහොම යනකොට මම හිතපු අදහසට බොහෝ දුරට සමාන පරිගණක වැඩසටහන් කීපයක්ම කරලියට ආවා. ඒවායේ ක්‍රියාකාර්ත්වය දිහා බලල මම විවිද අත්හදා බැලීම් කරල බැලුව. සමහර ඒවා පටන් අරගෙන ටික වෙලාවක් යනකොටම තේරුනා වැඩේ හරි යන්නේ නැති බව. සමහර වෙලාවට උදව් පවා ඉල්ලුවත්, ඉල්ලපු අයගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.  ඒ නිසා මේ ගැටලුවට උත්තරයක් මමම හොයා ගන්නව කියල හිතා ගෙන සෑහෙන අත්හදා බැලීම් කලා. Real Time විදිහට වැඩ කරන සිංග්ලිශ් ක්‍රමේට Type කරන්න පුලුවන් වැඩසටහන් කීපයක්ම මම හැදුවත් 100%ක් සාර්තක නම් උනේ නෑ. ඒ කියන්නේ මම ක්‍රම කීපයක්ම හොයා ගත්තා මේ වැඩසටහන හදන්න පුලුවන්. අන්තිමට සාර්තක ක්‍රමයක් හොයා ගත්තා. මම වැඩිම කාලයක් විසදන්න ගත්තු වැඩසටහනක් විදිහට මෙය හදුන්වනවා. 

අන්තිමට මම හොයාගත්තු මෙතඩ් එක නම් හරිම සරලයි. ඒ නිසා මම ඊලගට හිතා ගත්තා මේ Program එක Portable විදිහට හදන්න ඕනේ කියල. මොකද මෙතඩ් එක සරල නිසා උපරිම සිම්පල් විදිහට වැඩේ කරන්න පුලුවන් බව මට තේරුනා. එතකොට අමුතුවෙන් Install කරන්න ඕනේ නෑ. Double Click කරපු ගමන් වැඩ.. ඊට පස්සේ පොඩියට UI එකක් නිර්මාණය කලා. Logo එකක් හැදුවා. ඒ වැඩ ටිකට නම් දවස් 2ක් විතර ගියා. අන්තිමට ඔය දැන් ඔයාල දකින Lion Writer UI එක මම හැදුවා. 




ඇයි මේ UI එක මම Dark Look එකකට හැදුවේ කියල සමහරුන්ට ප්‍රශ්නයක් ඇති. ඒකටත් හේතුවක් තියෙනව. මේක Text Editor එකක්. User ට මේ වැඩසටහන දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න වෙනව. මේක Light Color හැදුවනම් ඇස් වලට අපහසුයි. ඒ නිසා Dark Look එකක් දුන්න. 

Sky Blue වලින් Buttons නිර්මානය කලා. ඒවා ගොඩක් Flat Type Look එකක් තමයි තියෙන්නේ. ලොකු ලොකු වැඩ දාන්න ගියේ නෑ. මූලිකවම ඕන කරන Options විදිහට Save, Open  සහ Copy කියන වැඩ ටික විතරක් Add කලා. Text Color සහ Background Color කැමති විදිහට වෙනස් කරන්නත් පුලුවන්. අනිත් එක තමයි සිංහල Font Style 5 ක් මෙයට ඇතුල් කලා, මොකද එකම Font එක ටිකක් Boring වෙන නිසා. 
අනිත් අපූරුම වැඩේ තමයි සිංහල අකුරු වල ප්‍රමානය වෙනස් කරන්න මම සාම්ප්‍රදායක ක්‍රම වලින් අයින් වෙලා වෙනස්ම Object එකක් Program එකට Add කලා. ඒ Track Bar එකක් . Track Bar සාමානයෙන් Text එකක Font Size වෙනස් කරන්න යොදා ගන්නේ නෑ.



මේ වැඩසටහන මෙතනින් හදල නවතින්නේ නෑ. තව අලුත් දේවල් මේකට එකතු වෙයි. ඒ නිසා Program එකට හොද Update System එකකුත් එකතු කලා. දැන් කිසිම බයක් නැතුව ඕන සයිට් එකකින් මේක ඔයාල Download කර ගන්න. කිසි ප්‍රශ්ණයක් නෑ. මොකද Lion Writer එකේ Update ඔයාලට ලේසියෙන්ම ගන්න පුලුවන්. තවත් ලේසි විදිහට කිව්වොත් ඇත්තටම Program එකත් මාත් අතර දුර අවම කලා. 

වැඩසටහන නිර්මාණය කරපු හැටි පියවරෙන් පියවර මෙහෙම කිව්වේ, අපේ රටේ කොල්ලොන්ගේ මොරාල් එක නග්ගන්න. මොකද මම දන්නව මේවාගේ දැනුම හොයාගෙන යන පිරිසක් මගේ Blog එකට එන බව. එයාලත් ආසයි මේ වාගේ නිර්මාණ කරන්න. නමුත් අදහසක් නෑ, කොතනින්ද පටන් ගන්න ඕනේ කියල. මේ වැඩසටහන නිර්මාණය කරල අවසානයේ මම ඉගෙන ගත්තු ලොකුම පාඩම තමා, උත්සහය කියන දේ කවදාවත් නතර කරන්න හොද නැති විත්තිය. 

මම මේ වගේ දෙයක් හදන්න, මම යම් කැප කිරීමක් කලා. මේ වගේ වැඩ අගයන අය සියයක් අතරේ, කොහෙවත් නැති වැ‍රැද්දක් කියන අයත් මට හදුන ගන්න පුලුවන් උනා. ඒ මිනිස්සුන්ගේ හැටි වෙන්න ඇති. 
අඩුපාඩු ඇති, ඒව එක පාර හදන්න බෑ. ඒත් ඒව හදාගන්න අපි උත්සහ කරමු. එහෙම අව්ලක් දැක්කොත් මට Report කරන්න. Program Error, Bugs වගේ දේවල් Report කරන්න පුලුවන් Option එකක් Add කලේ ඒකටයි.




  • Software Name : Lion Realtime singlish writer
  • File size : 495 KB (ZIP)
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  • License : Free
  • Version 1.2.0.0 (2015.03.03)


මෙම වැඩසටහනට අවශ්‍ය සිංහල Fonts Download කර ගන්න මෙතනින්.

ඉතින් ඔයාට මේ හා සම්බන්දව මොනා හරි තියෙනවනම්, පහලින් Comment කරන්න පුලුවන්. 

Comments