Flexible Display ඇයි තවමත් පර්යේශන මට්ටමේ ?



නම්‍යශීලී දුරකතන තිර එහෙමත් නැත්තන් වෙනවිදියකින් කිව්වොත් Flexible Display ගැන කතා කරන්නේ වසර ගනනාවක ඉදන්. ඒත් ඇයි තාමත්  නම්‍යශීලී තිර සහිත නිශ්පාදන වෙලදපොලට එන්නේ නැත්තේ. 


ඔයාල දන්නව මෑතකදි සැම්සුන් සමාගමෙන් වෙලදපොලට දාපු edge මාදිලියේ දුරකතනවල වක්‍රතිර තිබුනත් නම්‍යශීලී නොවන ස්තායි හැඩයක් (Fixed Curve Display) සහිත තිරයක් තමා තියෙන්නේ. එහෙනම් මොකද මේ හේතුව තවමත් මේ නම්‍යශීලී දුරකතන තිර අප අතරට නොපැමිනීමට බලපාන හේතුව.ඇයි මේව තවමත් පර්යේශන මට්ටමේ පමනක් තියෙන්නේ.  අද අපි මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු. 


අපි දැනට සාමාන්යෙන් භාවිතා කරන OLED මාදිලියේ තිරයක් ගත්තොත් මේකේ රතු කොල නිල් (RGB) වර්න පෙන්වීම සදහා තමා නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් මේ වැඩේට යොදාගෙන තියෙන්නේ අපි කවුරුත් දන්න LED බල්බ. හැබැයි ඔයාල අපි අර බුදුරැස් මාලාවලට දාන LED වලට වඩා ගොඩාක් පොඩියි. කොහොම උනත් දෙකේම යොදාගන්න තාක්ශනය නම් බොහෝදුරය එක සමානයි. මේ LED බල්බ වල ආලෝකය හැමවිටම විහිදෙන්නේ කැතෝඩයේ සිට ඇනෝඩය පැත්තට. සාමාන්‍ය LED බල්බ් එකක නම් මේ ආලෝකය
එලියට විහිදෙන්න ඕන තරම් ඉඩ තියෙනව. ඒත් දුරකතන තිරයක ඇහැටවත් පේන්නේ නැති පුංචි LED ගොඩාක් එකට එකක් ලගින් ලගින් පැක් කරල තියෙන කොට මේ ආලෝකය එලියට යන්නේ ඇනෝඩය හරහා. එහෙනම් මේ ඇනෝඩය හොද පාරදෘශය මාද්‍යක් විය යුතුයි. ඒ වගේම විදුලිය සන්නයනය කරන්නත් පුලුවන් වෙන්න ඕන. 


මේ වගේ අමුද්‍රව‍ය එච්චර සුලභ නෑ. ඒ නිසා මේ වෙනකම් මේ වැඩේට බහුලවශයෙන්ම යොදාගත්තේ INDIUM TIN OXIDE (ඉන්ඩියම් ටින් ඔක්සයිඩ්) . ඉන්ඩියම් ටින් ඔක්සයිඩ් සම්පූර්ණයෙන්ම පාරදෘශයයි, හොද විදුලි සන්නායකයක්. හැබැයි මේ වගේ ලේයර් එකක් අපි නවන්න හැදුවොත් ඒක පතුරු වලට කැඩිල යනව. ඒ කියන්නේ ඉන්ඩියන් ඔක්සයිඩ් පාවිච්චි කරල නම්‍යශීලී තිර නිර්මාණය කරන්න හිතන්නවත් බැ. 


කතාව ටිකක් වෙන පැත්තකට අරගෙන යන්නයි හදන්නේ. කාබන් ගැන දන්නවනේ. කාබන් කියන්නේ පෘතුවියේ ඉතාම සුලභ ද්‍රව්‍යක්. කාබන් පරමානුවක පිටතින් තියෙන P කාක්ශිකයක නිදහස් ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනව. මේ හතරම පරමාණුක බන්දන වලට සහභාගි වෙලා ටෙට්ට්‍රාහීඩ්‍රන් (Tetrahedron) එකක් ආකාරයට හැදුනම අපි ඒකට කියනව දියමන්ති කියල. 


දියමන්ති ඉතාම ශක්තිමත්, ආලෝකය විනිවිද යන හොද පාරදෘශ මාද්යක් හැබැයි විදුලිය සන්නයනය කරන්නේ නෑ. 


ඒ විදිහටම කාබන් පරමාණුවක පිටතින් තියෙන කාක්ශිකයක ඉලෙක්ට්‍රොන හතරෙන් තුනක් විතරක් බන්දන වලට සහභාගි වෙලා මීවදයක ආකෘතියක් හටගෙන ලේයර් නිර්මාණය වෙනව. මේ විදිහට ලේයර් එකක් මත එකක් අපිලිවෙලට සකස්වුනාම අපි කියනව ඒකට මිනිරන් (Graphite) කියල. 


මිනිරම් කියන්නේ දියමන්ති වලට වඩා සෑහෙන්න වෙනස්. කලුපාටයි, හොදට විදුලිය සන්නයනය කරනව. මිනිරම් ලේයර් අතර තියෙන්නේ දුර්වල වැන්ඩවාල් බල විතරයි. ඒ නිසා හරිම මෘදුයි, අතින් උනත් පොඩි කරන්න පුලුවන්. 



2004 අවුරුද්දේ The University of Manchester සරසවියේ විද්‍යාඥයන් පිරිසකට පුලුවන් වෙනව මේ Graphite වලින් පරමාණුක අවස්තාවේ තියෙන එක ලේයර් එකක් වෙන්කරගන්න. මේ ලේයර් එක Graphite නොහොත් මිනිරන්  වලට වඩා සම්පූර්නයෙන්ම වෙනස්. මේකට අපි කියනව Graphene (ග්‍රැෆේන්) කියල. 

විද්‍යාත්මක ලෝකයේ මේක හදුන්වන අන්වර්ත නාමය Magic Material එක කියල. මේ වගේ එක ලේයර් එකක ගනකම එක කාබන් පරමානුවක ගනකමට සමානයි ඒ කියන්නේ 0.3NM නැනෝමීටර් වගේ. කෙස්ගහක් තරම් ගණකම් ශීට් එකක් හදාගන්න මේ වගේ ලේයර් ලක්ශ තුනක් විතර ඕන වෙනව. ඒ වගේම Graphene ඉතාම ශක්තිමත්. අලියෙක්ව උනත් මේ තුනී ලේයර් එකක් මත නග්ගන්න පුලුවන්. පාරදෘශයි, ආලෝකය හොදින් ගමන් කරනව, කොච්චර ශක්තිමත් උනත් මේක හරිම නම්‍යශීලියි. ඒ නිසා කැඩෙන්නේ නැතුව පහසුවෙන් නවන්න දිහ අරින්න පුලුවන්. ඒ වගේම තමා හොද විදුලි සන්නායකයක්. 

ගැෆේන් වලදි ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න තියෙන්නේ ද්වීමාන තලයක. ඒ නිසා දැනට පවතින සියලු විද්යුත් සන්නායක වලට වඩා හොදින් විදුලිය සන්නයනය කරනව. මොකද විද්යුත් ප්‍රතිරෝධය සෑහෙන්න අඩුයි. 

ඉතින් ඔයාට දැන් හිතෙනව ඇති ගැෆේන් නම්‍යශීලී තිර නිර්මානය කරන්න කොච්චර සුදුසුද කියල. නමුත් මේ වගේ අමුද්‍රව්‍යක් ගැෆයිට් වලින් වෙන් කරන එක හිතන තරම් පහසු නෑ. ඒ නිසා ගොඩාක් පර්යේශන දැන් සිදුකරනව මේ අමුද්‍රව‍ය කෘතීමව නිර්මානය කරන්න. එහෙම පුලුවන් වෙච්ච දවසක අපිට නම්‍යශීලී දුරකතන තිර දැකගන්න පුලුවන් වෙයි.





Comments