Google Tone ගැන දන්නවද



ඔන්න අද post එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ Google Tone ගැන කියන්න. දැන් කට්ටිය හිතනව ඇති මම මේ Phone එකට දාන්න Ringing Tone එකක් වත් දෙන්නද හදන්නේ කියල. නෑ.. මේක ඊට වඩා වෙනස් දෙයක්.
කාලයක් තිස්සේ ගොඩාක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමා එක පරිගනකයක තියන වෙබ් අඩවියක් තවත් පරිගනක කීපයකට හුවමාරු කරගන්න එක. ඇත්තටම මේක මහ අමාරු වැඩක් ද කියල ඔයාට හිතෙන්න පුලුවන්.. ඕක මහ දෙයක්ද ලින්ක් එක share කලානම් ඉවරනේ.. ඇත්ත.. ඒක ඒතරම් අමාරු දෙයක් නොවුනත් හිතන්න ලින්ක් එකක් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට හුවමාරු කරන්නේ කොහොමද,

කොලේක ලියල, හ්ම්ම්.. ඒක හරියන්නේ නෑ.. සමහර ලින්ක් 
http:hsjduedbdkdvdjd/hdjdjdjdjdj/%*$=#73=$8 .. 
මේව කොහොමද බං කොලේක ලියන්නේ...


එහෙනම් ඊමේල් වලින්.. ඒකත් එච්චර ප්‍රායෝගික නෑ.. ඊමේල් එකට ලොග් වෙලා, ඊමේල් address ගහල, subject ගහල අනම් මනම් කරල එව්වට පස්සේ ආයෙත් ඕක රිසිව් වෙච්ච කෙනා ආපහු ලොග් වෙලා, ඊමේල් අස්සෙන් අපි එවපු එක හොයල කියවනකොට කතන්දර වැඩියි. අනෙකුත් සමාජජාල ජංජාල වලිනුත් ලින්ක් වලට වාරන දාන නිසා ඒවත් හරි යන්නේ නෑ..

ඉතින් මේක ඔය විදියට කිව්වට එච්චර ඇගට දැනෙන්නේ නෑනේ.. ඕකට ඉතින් කට්ටියක් එක්ක සෙට් වෙලා එකාට එක ගානේ ලැපක් තියාගෙන කස්ටියම නෙට් එකට වෙලා ඉන්නකොට , අඩේ බලපංකෝ මේ සයිට් එකේ තියෙන දේවල් , කෝ පෙන්නහංකෝ අපිටත් කිව්වම තමා ඉතින් අරූ සයිට් එක බලන එක පැත්තක තියල ලැප් එක වෙසක් පෝයට කැරකෙන කූඩුව වගේ එහෙට කරකෝනව මෙහෙට කරකෝනව.

මේ ගැටලුව හොදින්ම තේරුම් ගත්තේ අන්තර් ජංජාලයත් එක්ක හරි හරියට වැඩ කරන ගූගල් සමාගමයි. ඉතින් ඒගොල්ලෝ මේකට හරි අපූරු විසදුමක් තමා ඉදිරිපත් කලේ. ඒ තමා google tone.
නම වගේම ගූගල් ටෝන් කියන්නේ එක්තරා සවුන්ඩ් එකක්. මේ සවුන්ඩ් එකට පුලුවන් ඕනාම URL එකක් ශබ්දය අනුසාරයෙන් හුවමාරු කරන්න. ඉතින් ඔය වෙලාවේ අහල පහල තවත් පරිගනකයක් අන්තර්ජාලය සමග සම්බන්ද වෙලා ඉන්නව නම් ඒ පරිගනකයේ මයික්‍රෆෝනය මගින් අර ශබ්දයට සවන් දීල ඒ තුල සැගවුනු URL එක වෙත අපිව යොමු කරනව. මෙතනදි හුවමාරු වෙන්නේ අල්ට්‍රාසොනික් තරංග. ඒක ලොකු ශබ්දයක්. නමුත් මිනිස් කනකට ඒ ශබ්දය ග්‍රහනය වෙන්නේ නෑ.. හැබැයි මේ වැඩේ මෙහෙම වෙනකොට අපිට ලස්සන ටෝන් එකක් නම් ඇහෙනව.
ශබ්දානුසාරයෙන් කිව්වහම හිතාගන්න මේකෙත් ප්‍රායෝගික ගැටලු කීපයක් තියෙනව. එකක් මේක ඉතා ආසන්නව පවතින ප්‍රරිගනක අතර පමනක් වැඩකරන තාක්ශනයක්. ඒ වගේම ගොඩාක් ගෝෂාකාරී පරිසරයක මේක කොයිතරම් සාර්තක වෙයිද කියල මම දන්නේ නෑ..

මේ ව්‍යාපෘතිය පටන් අරන් දැන් ගූගල් වසර කීපයක් වෙනව. ඒත් තවමත් මේසදහා Google Chrome Extension එකකට එහා දෙයක් , අඩු තරමේ Android App එකක් වත් තාම නිර්මාණය කරල නෑ.. ඔයාල දන්නවනේ ගූගල් සමාගනේ අනෙකුත් වැඩසටහන් සදහා ඒගොල්ලෝ apps develop කරනව කියල. ඉතින් මම පවුද්ගලිකව හිතනව මේක අසාර්තක වෙච්ච වැඩසටහනක් කියල. කොහොම නමුත් මට මේ ගැන ලියන්න හිතුනේ මෑතකදී මට google tone පාවිච්චි කරන්න සිද්ද් වෙච්ච නිසා.
එහෙනම් ඔයාලත් try කරල බලන්න. ඔයාල මීට වඩා සාර්තක , වෙනස් ක්‍රම දන්නව නම් ටිකක් අමුතු විදිහේ ඒව පහලින් comment කරන්න අනිත් අයටත් දැනගන්න. එහෙනම් මම ගියා.. බායි...



Google Crome Extention එක මෙතනින් අරගන්න 

Comments