කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු


හැමෝටම සුභ දවසක් වේවා එහෙනම්. මොනාද බ්ලොග් එකේ ලියන්නේ කියල කල්පනා කර කර ඉන්න වෙලාවක මට හිතුන Google එකෙන් හදුන්වල දීල තියෙන අපූරු වැඩ කෑල්ලක් ගැන කියල දෙන්න.

ඔයා ලග Android Phone එකක් හරි Tab එකක් හරි තියෙනවද ? කවුරු හරි ඕක හොරකම් කලොත්  එක්කෝ ඔයාට තියපු තැන එහෙම අමතක උනොත් හරි මොකද වෙන්නේ???

ඔය අහපු ප්රශ්නය හොදටම තේරෙන්නේ ඔය වගේ අවස්තාවකට මුහුන දීපු කෙනෙක්ටම තමා. වෙලාවට ඉතින් දුක් වෙනවා මම අර ඇප් එක දාල තිබ්බනම් හොයන්න තිබ්බ තියෙන තැන, මේ ඇප් එක තිබ්බනම් හොලාව අතටම අල්ලගන්න තිබ්බ කියල.

මගේ අත්දැකීමේ හැටියට බොහෝ දෙනෙක් තමන්ගේ දුරකතනය නැති වුනාම ඒක Track කරන්න කිසිම වැඩ පිලිවෙලක් දාන්නේ නෑ. ඒව හරිම කරදර වැඩනේ. මෙන්න මේ නිසා ගූගල් සමාගමම අන්තිමට තීරනය කලා එයාලම දුරකතනය Google Account එකක් හරහා Track කරන්න

Google කියන්නේ කොහොමත් Android ලගේ අප්පොච්චිනේ :P .  ඔය එක එක Apps කෑලි දාගෙන Phone එක පුරෝල Slow කරගන්නවට වඩා එයාලගෙම Service එකක් පාවිච්චි කරන එක ඇත්තටම පහසුයි

මේ සේවාව ලබා ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Google Account එකට Log වෙන එක විතරයි. මතක තියාගන්න මේ Google Account එකත් Phone එකේ හෝ Tab එකේ තියෙන Account එකත් සමාන වෙන්න ඕන.

පියවර අංක 1
ඔයාගේ Email එකයි Password එකයි ගහල Log වෙන්න 


පියවර අංක 2
ඔන්න ඔය පිංතූරේ විදිහට දකුනු පැත්තේ සයිඩ් එකේ තියෙන තැනට ගිහින් My Account කියන එක තෝරන්න. 
පියවර අංක 3
ඊලගට එන Page එකේ පහලට වෙන්න ඇති Find Your Phone කියල එකක්. කොටන්න ඒකට. :P


පියවර අංක 4
ඊලගට එන්නේ ඔයා දැනට ඔයාගේ Account එකත් එක්ක සෙට් කරල තියෙන Device ටික. මම නම් Phone එක විතරයි. හොයන්න ඕන එක මෙතනින් තෝරන්න. 


ඔය තියෙන්නේ නිකං දිලිසි දිලිසි :)
කෝ ලංකාව නෙමේනේ... අහ් මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒකයි :P

ඉතින් මේ විදිහට Track කරල අපිට  Phone එක තියෙන ස්ථානය (Location) , දුර සිට Lock කිරීම, Ring කිරීමටඅමතරව දුර ඉදන්ම මුලු Phone එකම මකල දාන්නත් Erase පුලුවන්

මෙතනදි Location එක GPS දත්ත පදනම් කරගෙන තමා අරගෙන දෙන්නේ. ගොඩක් අය GPS On කරන්නේ නෑනේ. මාත් වගේ තමා. ඒත් මේ වැඩේදිනම් Off වෙලා තිබ්බ GPS එකත් නිකන්ම On උනා

Phone එක Lock කරන්න දුන්නම අපිට කැමති Password එකක් ඇතුලු කරන්න පුලුවන්. වගේම තමා කැමති මැසේජ් එකක් ලියන්නත් මේ දුරකතනය යලි අපිට ලබා දෙන්න අපව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් පවා දෙන්න පුලුවන්



(ටිකක් බොක්කටම වදින වදනක් දාල ලිව්වනම් තමා හිත උනු වෙන්නේ :p )

අනිත් එක තමා අපිට පොඩි Ring Cut එකක් දෙන්නත් පුලුවන්, මේ Option එකනම් ගොඩක් වටින්නේ Phone එක තියපු තැන හොයාගන්න බැරි වුන වෙලාවට. ඔය සමහරුන්ට හරියට අමතක වෙනවනේ Phone එක තිබ්බේ කොහෙද කියල. සමහරු ලග තියාගෙන හොයනව

Erase කරන්න විකල්පයකුත් තියෙනව. මම මේක නම් අත්හදා බලන්න ගියේ නෑ. නිසා දන්නේ නෑ මේ Erase වීම සාමාන් Factory Reset එකක්ද නැත්තන් SD Card එකෙයි Internal Mem එකෙයි Format වීමක්ද කියල. අත්හදා බලපු කෙනෙක් ඉන්නව නම් Comment කරන්න බලන්න.

කොහොමත් මේ ඔක්කොම සෙල්ලම්  දාන්න Phone එකේ Net තියෙන්න ඕන. ඒ වගේම Android Device manager එක Active කරල තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික හදාගන්න. 

එහෙනම් ඉතින් මම යනව. ඔයාලගේ අදහස් යෝජනා චෝදන එහෙම තියෙනව නම් අනිව කමෙන්ට් කරන්න



Comments

Anonymous said…
phone eka hoyaagena aet unlock krgnne kohomada bro,..?
Anonymous said…
4n eka hoyagttata passe kohomda unlock krgnne??