DO NOT MISS

අපගේ නවතම ලිපි

Graphic Design

Image Post

New Videos

Monday, September 26, 2016

Virus Gard එකක් ඕනෙමද ?


අත්‍යවශම නෑ. ඒක සම්පූර්නයෙන්ම රදාපවතින්නේ පරිශීලකය පරිගනකය භාවිතා කරන විදිහ අනුව. සමහර පරිගනක තියෙනව ඒව භාහිර පරිසරය එක්ක ගනුදෙනු කරන්නේ හරිම අඩුවෙන්. පොඩි ලමයි පාවිච්චි කරන පරිගනක එයාල චිත්‍ර අදින්න ගේම්ස් සෙල්ලම් කරන්න වගේ යම් කිසි රාමුවකට සීමා වෙච්ච වැඩ ටිකකට විතරක් යොදා ගන්නව. තවත් සමහර වෘතීන් වල ඉන්න අය, හිතන්න ජෝතීර්වේදියෙක් කියල. එයාල කේන්දර විතරක් බලන්න  පරිගනකය පාවිච්චි කරන්න පුලුවන්. මේ වගේ අයට ප්‍රතිවයිරස වැඩසටහනක් අවශ්‍ය වන්නේ නෑ. 

අන්තර්ජාලය සමග පරිගනකය සම්බන්ද කරාම වයිරස් එනව කියල සමහරු හිත්නව. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. සමහරු ඉන්නව හරිම පරික්ශාකාරී අය. එයාල අනවශ්‍ය Links වලට යන්නේ නෑ.  එයාල අන්තර්ජාලය භාවිතාකරන්නේ Youtube එකෙන් Videos බලන්න , Facebook යන්න වගේ සීමාවක් ඇතුලේ. ඒ වගේම විශ්වාසවන්ත වෙබ් අඩවි වලට තමා යන්නෙත්. මේ වගේ පාවිච්චි කරන අයටත් වයිරස්ගාඩ් එකක අවශ්‍යතාවයක් නෑ. නමුත් ඔයා Online Bank වගේ පාවිච්චි කරනව නම් මම කියන්නේ Internet Security එක සදහාම නිර්මානය කරපු ප්‍රති වයිරස වැඩසටහනක් පාවිච්චි කරන්න කියල. 
Antivirus Gard එකක් පාවිච්චි කරන්න කැමති නැති අය අඩුම තරමේ තමන්ගේ පරිගනකය Update කරල තියාගන්න. විශේෂයෙන්ම අලුතෙන් එන Operating System වලට පුලුවන් තරම් මාරු වෙන්න. පරන එකේම එල්ලිල ඉන්න එක වයිරස් වලට අත වැනීමක් වගේ. මොකද සෑම Operating System එකකම සිදුවෙන Upgrade කිරීමෙන් ඒවායේ Security  එක සෑහෙන්න දුරට කලින් තිබුනටත් වඩා වැඩිදියුනු කරනව. ඒ වගේමයි System එක ගොඩාක් Optimize කරන නිසා ඔයාගේ පරිගනකයේ Performance කලින් තිබ්බට වඩා වැදි කරගන්න පුලුවන්. ඒ වගේමයි අලුතෙන් එන Windows OS වලම In build Virus Gard එකක් තියෙනව Windows Defender කියල. මේක තරමක් දුරට හොද Virus Gard එකක්. ඒක සාමාණ්ය පරිගනක පාවිච්චි කරන කෙනෙක්ට ප්‍රමාණවත්. 
අනිත් කරුන තමා නිතරම තමන්ගේ Software Update කරල තියාගන්න. මම මෙතනදි අවදානය යොමු කරන්නේ විශේෂයෙන්ම Web Browser ගැනයි. ඔයා පාවිච්චි කරන්නේ Google Chrome වෙන්න පුලුවන්, FireFox වෙන්න පුලුවන්, මොකක් වුනත් කමක් නෑ, Update කරල තියාගන්න එක ඔයාගේ Security එකට හොදා. 


ඊලග කරුන තමා Pen Drive වගේ ඒව Computer එකට සම්බන්ද කරන කොට ටිකක් සැලකිල්ලෙන් පාවිච්චි කරන්න. Pen Drive එක ඇතුලේ තමන් නොදන්න යමක් තිබුනොත් ඒව එක්ක වැඩියෙ ගනුදෙනු කරන්න යන එකෙන් වලකින්න. 

එහෙමනම් මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියල හිතනව. 

Monday, July 18, 2016

කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු


හැමෝටම සුභ දවසක් වේවා එහෙනම්. මොනාද බ්ලොග් එකේ ලියන්නේ කියල කල්පනා කර කර ඉන්න වෙලාවක මට හිතුන Google එකෙන් හදුන්වල දීල තියෙන අපූරු වැඩ කෑල්ලක් ගැන කියල දෙන්න.

ඔයා ලග Android Phone එකක් හරි Tab එකක් හරි තියෙනවද ? කවුරු හරි ඕක හොරකම් කලොත්  එක්කෝ ඔයාට තියපු තැන එහෙම අමතක උනොත් හරි මොකද වෙන්නේ???

ඔය අහපු ප්රශ්නය හොදටම තේරෙන්නේ ඔය වගේ අවස්තාවකට මුහුන දීපු කෙනෙක්ටම තමා. වෙලාවට ඉතින් දුක් වෙනවා මම අර ඇප් එක දාල තිබ්බනම් හොයන්න තිබ්බ තියෙන තැන, මේ ඇප් එක තිබ්බනම් හොලාව අතටම අල්ලගන්න තිබ්බ කියල.

මගේ අත්දැකීමේ හැටියට බොහෝ දෙනෙක් තමන්ගේ දුරකතනය නැති වුනාම ඒක Track කරන්න කිසිම වැඩ පිලිවෙලක් දාන්නේ නෑ. ඒව හරිම කරදර වැඩනේ. මෙන්න මේ නිසා ගූගල් සමාගමම අන්තිමට තීරනය කලා එයාලම දුරකතනය Google Account එකක් හරහා Track කරන්න

Google කියන්නේ කොහොමත් Android ලගේ අප්පොච්චිනේ :P .  ඔය එක එක Apps කෑලි දාගෙන Phone එක පුරෝල Slow කරගන්නවට වඩා එයාලගෙම Service එකක් පාවිච්චි කරන එක ඇත්තටම පහසුයි

මේ සේවාව ලබා ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Google Account එකට Log වෙන එක විතරයි. මතක තියාගන්න මේ Google Account එකත් Phone එකේ හෝ Tab එකේ තියෙන Account එකත් සමාන වෙන්න ඕන.

පියවර අංක 1
ඔයාගේ Email එකයි Password එකයි ගහල Log වෙන්න 


පියවර අංක 2
ඔන්න ඔය පිංතූරේ විදිහට දකුනු පැත්තේ සයිඩ් එකේ තියෙන තැනට ගිහින් My Account කියන එක තෝරන්න. 
පියවර අංක 3
ඊලගට එන Page එකේ පහලට වෙන්න ඇති Find Your Phone කියල එකක්. කොටන්න ඒකට. :P


පියවර අංක 4
ඊලගට එන්නේ ඔයා දැනට ඔයාගේ Account එකත් එක්ක සෙට් කරල තියෙන Device ටික. මම නම් Phone එක විතරයි. හොයන්න ඕන එක මෙතනින් තෝරන්න. 


ඔය තියෙන්නේ නිකං දිලිසි දිලිසි :)
කෝ ලංකාව නෙමේනේ... අහ් මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒකයි :P

ඉතින් මේ විදිහට Track කරල අපිට  Phone එක තියෙන ස්ථානය (Location) , දුර සිට Lock කිරීම, Ring කිරීමටඅමතරව දුර ඉදන්ම මුලු Phone එකම මකල දාන්නත් Erase පුලුවන්

මෙතනදි Location එක GPS දත්ත පදනම් කරගෙන තමා අරගෙන දෙන්නේ. ගොඩක් අය GPS On කරන්නේ නෑනේ. මාත් වගේ තමා. ඒත් මේ වැඩේදිනම් Off වෙලා තිබ්බ GPS එකත් නිකන්ම On උනා

Phone එක Lock කරන්න දුන්නම අපිට කැමති Password එකක් ඇතුලු කරන්න පුලුවන්. වගේම තමා කැමති මැසේජ් එකක් ලියන්නත් මේ දුරකතනය යලි අපිට ලබා දෙන්න අපව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් පවා දෙන්න පුලුවන්



(ටිකක් බොක්කටම වදින වදනක් දාල ලිව්වනම් තමා හිත උනු වෙන්නේ :p )

අනිත් එක තමා අපිට පොඩි Ring Cut එකක් දෙන්නත් පුලුවන්, මේ Option එකනම් ගොඩක් වටින්නේ Phone එක තියපු තැන හොයාගන්න බැරි වුන වෙලාවට. ඔය සමහරුන්ට හරියට අමතක වෙනවනේ Phone එක තිබ්බේ කොහෙද කියල. සමහරු ලග තියාගෙන හොයනව

Erase කරන්න විකල්පයකුත් තියෙනව. මම මේක නම් අත්හදා බලන්න ගියේ නෑ. නිසා දන්නේ නෑ මේ Erase වීම සාමාන් Factory Reset එකක්ද නැත්තන් SD Card එකෙයි Internal Mem එකෙයි Format වීමක්ද කියල. අත්හදා බලපු කෙනෙක් ඉන්නව නම් Comment කරන්න බලන්න.

කොහොමත් මේ ඔක්කොම සෙල්ලම්  දාන්න Phone එකේ Net තියෙන්න ඕන. ඒ වගේම Android Device manager එක Active කරල තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික හදාගන්න. 

එහෙනම් ඉතින් මම යනව. ඔයාලගේ අදහස් යෝජනා චෝදන එහෙම තියෙනව නම් අනිව කමෙන්ට් කරන්න



Monday, July 11, 2016

වීඩියෝ වල ගුණාත්මක භාවය ගැන ඉගි කරන යෙදුම් ගැන හරියට දැන ගමු



පහසුවෙන් ගුනාත්මක තත්වයෙන් ඉහල චිත්රපටයක් එහෙම ඩවුන්ලෝඩ් කරනව නම් ඉතින් කාටත් මතක්  වෙන්නේ ටොරන්ට් තමා. ටොරන්ට් කියන්නේ මොකක්ද කියල මීට කලිම් මම බ්ලොග් එකේ කොහේ හරි ලිපියක් ලිව්ව. ඔන්න පහලින් ලින්ක් එක දැම්ම. ඒකත් කියවල බලන්නකො

මෙහෙම ඩවුන්ලෝඩ් කරන ගොඩක් අය වැඩියේ හිතන්නේ නැති තැනක් තියෙනව. තමා ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකේ තියෙන ගුනාත්මක භාවය

ඔයාල සමහර විට දැකල ඇති චිත්රපටයේ File Name එකට අමතරව එක එක දේවල් ලියල තියෙනව

මේ හැම එකකටම මොකක් හරි තේරුමක් තියෙනව. එක්කො මේ ෆයිල් එක අප්ලෝඩ් කරපු අය ගැන විස්තර, නැත්තන් ඒකේ ඕඩියෝ ෆෝමැට් එක, භාශාව වගේම මේ පිටපතේ සොභාවයත් මේ අතර තියෙනව. ඉතින් මේ සදහා කෙටි යෙදුම් ටිකක් සම්මත කරගෙන තියෙනව. ඉතින් යෙදුම් වල අර්තය දන්නව නම් අපිට අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින්ම හිතාගන්න පුලුවන් ඒකේ තත්වය මොන වගේද කියල

CAM
කැමරා කොපි ලෙස හඳුන්වන්නේ මේ ආකාරයේ චිත්රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත් සාදන්නේ චිත්රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස් චිත්රපට ශාලාවේ චිත්රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගත කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් ලබාගත හැකියි.


TELE SYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලටම සමානයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇති මයික්රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට සම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

TELECINE (TC)
TC ආකාරයට නිකුත්වන චිත්රපට පිටපත් අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර් කිරීම සඳහා අවශ් උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

SCREENER (SCR)
චිත්රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්රපටය පුරාවට දර්ශනය වියහැකියි.

DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදි යවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්රපටය පුරාවටදර්ශනය විය හැකියි.

DVDRip
ජනප්රියම පිටපත් ක්රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්රපටය සිනමා ශාලාවල ප්රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්ම රූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්රධානම අවාසිය වන්නේ චිත්රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.

VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p) 

TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුර Copy කරගන්නා ලද හෝ චන්ද්රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්රපට එවමින් සිටිනා අතරතුර ග්රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස හඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

HDRip
HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

DivX Re-Enc
චිත්රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්රසිද්ධව ඇත්තේ මේවායි.

DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ් සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි cords වර්ග දෙකක් භාවිතා වනවා. low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion cords පමණයි.

XVCD/XSVCD

පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා

Friday, July 8, 2016

Google Tone ගැන දන්නවද



ඔන්න අද post එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ Google Tone ගැන කියන්න. දැන් කට්ටිය හිතනව ඇති මම මේ Phone එකට දාන්න Ringing Tone එකක් වත් දෙන්නද හදන්නේ කියල. නෑ.. මේක ඊට වඩා වෙනස් දෙයක්.
කාලයක් තිස්සේ ගොඩාක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමා එක පරිගනකයක තියන වෙබ් අඩවියක් තවත් පරිගනක කීපයකට හුවමාරු කරගන්න එක. ඇත්තටම මේක මහ අමාරු වැඩක් ද කියල ඔයාට හිතෙන්න පුලුවන්.. ඕක මහ දෙයක්ද ලින්ක් එක share කලානම් ඉවරනේ.. ඇත්ත.. ඒක ඒතරම් අමාරු දෙයක් නොවුනත් හිතන්න ලින්ක් එකක් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට හුවමාරු කරන්නේ කොහොමද,

කොලේක ලියල, හ්ම්ම්.. ඒක හරියන්නේ නෑ.. සමහර ලින්ක් 
http:hsjduedbdkdvdjd/hdjdjdjdjdj/%*$=#73=$8 .. 
මේව කොහොමද බං කොලේක ලියන්නේ...


එහෙනම් ඊමේල් වලින්.. ඒකත් එච්චර ප්‍රායෝගික නෑ.. ඊමේල් එකට ලොග් වෙලා, ඊමේල් address ගහල, subject ගහල අනම් මනම් කරල එව්වට පස්සේ ආයෙත් ඕක රිසිව් වෙච්ච කෙනා ආපහු ලොග් වෙලා, ඊමේල් අස්සෙන් අපි එවපු එක හොයල කියවනකොට කතන්දර වැඩියි. අනෙකුත් සමාජජාල ජංජාල වලිනුත් ලින්ක් වලට වාරන දාන නිසා ඒවත් හරි යන්නේ නෑ..

ඉතින් මේක ඔය විදියට කිව්වට එච්චර ඇගට දැනෙන්නේ නෑනේ.. ඕකට ඉතින් කට්ටියක් එක්ක සෙට් වෙලා එකාට එක ගානේ ලැපක් තියාගෙන කස්ටියම නෙට් එකට වෙලා ඉන්නකොට , අඩේ බලපංකෝ මේ සයිට් එකේ තියෙන දේවල් , කෝ පෙන්නහංකෝ අපිටත් කිව්වම තමා ඉතින් අරූ සයිට් එක බලන එක පැත්තක තියල ලැප් එක වෙසක් පෝයට කැරකෙන කූඩුව වගේ එහෙට කරකෝනව මෙහෙට කරකෝනව.

මේ ගැටලුව හොදින්ම තේරුම් ගත්තේ අන්තර් ජංජාලයත් එක්ක හරි හරියට වැඩ කරන ගූගල් සමාගමයි. ඉතින් ඒගොල්ලෝ මේකට හරි අපූරු විසදුමක් තමා ඉදිරිපත් කලේ. ඒ තමා google tone.
නම වගේම ගූගල් ටෝන් කියන්නේ එක්තරා සවුන්ඩ් එකක්. මේ සවුන්ඩ් එකට පුලුවන් ඕනාම URL එකක් ශබ්දය අනුසාරයෙන් හුවමාරු කරන්න. ඉතින් ඔය වෙලාවේ අහල පහල තවත් පරිගනකයක් අන්තර්ජාලය සමග සම්බන්ද වෙලා ඉන්නව නම් ඒ පරිගනකයේ මයික්‍රෆෝනය මගින් අර ශබ්දයට සවන් දීල ඒ තුල සැගවුනු URL එක වෙත අපිව යොමු කරනව. මෙතනදි හුවමාරු වෙන්නේ අල්ට්‍රාසොනික් තරංග. ඒක ලොකු ශබ්දයක්. නමුත් මිනිස් කනකට ඒ ශබ්දය ග්‍රහනය වෙන්නේ නෑ.. හැබැයි මේ වැඩේ මෙහෙම වෙනකොට අපිට ලස්සන ටෝන් එකක් නම් ඇහෙනව.
ශබ්දානුසාරයෙන් කිව්වහම හිතාගන්න මේකෙත් ප්‍රායෝගික ගැටලු කීපයක් තියෙනව. එකක් මේක ඉතා ආසන්නව පවතින ප්‍රරිගනක අතර පමනක් වැඩකරන තාක්ශනයක්. ඒ වගේම ගොඩාක් ගෝෂාකාරී පරිසරයක මේක කොයිතරම් සාර්තක වෙයිද කියල මම දන්නේ නෑ..

මේ ව්‍යාපෘතිය පටන් අරන් දැන් ගූගල් වසර කීපයක් වෙනව. ඒත් තවමත් මේසදහා Google Chrome Extension එකකට එහා දෙයක් , අඩු තරමේ Android App එකක් වත් තාම නිර්මාණය කරල නෑ.. ඔයාල දන්නවනේ ගූගල් සමාගනේ අනෙකුත් වැඩසටහන් සදහා ඒගොල්ලෝ apps develop කරනව කියල. ඉතින් මම පවුද්ගලිකව හිතනව මේක අසාර්තක වෙච්ච වැඩසටහනක් කියල. කොහොම නමුත් මට මේ ගැන ලියන්න හිතුනේ මෑතකදී මට google tone පාවිච්චි කරන්න සිද්ද් වෙච්ච නිසා.
එහෙනම් ඔයාලත් try කරල බලන්න. ඔයාල මීට වඩා සාර්තක , වෙනස් ක්‍රම දන්නව නම් ටිකක් අමුතු විදිහේ ඒව පහලින් comment කරන්න අනිත් අයටත් දැනගන්න. එහෙනම් මම ගියා.. බායි...



Google Crome Extention එක මෙතනින් අරගන්න 

Wednesday, July 6, 2016

Flexible Display ඇයි තවමත් පර්යේශන මට්ටමේ ?



නම්‍යශීලී දුරකතන තිර එහෙමත් නැත්තන් වෙනවිදියකින් කිව්වොත් Flexible Display ගැන කතා කරන්නේ වසර ගනනාවක ඉදන්. ඒත් ඇයි තාමත්  නම්‍යශීලී තිර සහිත නිශ්පාදන වෙලදපොලට එන්නේ නැත්තේ. 


ඔයාල දන්නව මෑතකදි සැම්සුන් සමාගමෙන් වෙලදපොලට දාපු edge මාදිලියේ දුරකතනවල වක්‍රතිර තිබුනත් නම්‍යශීලී නොවන ස්තායි හැඩයක් (Fixed Curve Display) සහිත තිරයක් තමා තියෙන්නේ. එහෙනම් මොකද මේ හේතුව තවමත් මේ නම්‍යශීලී දුරකතන තිර අප අතරට නොපැමිනීමට බලපාන හේතුව.ඇයි මේව තවමත් පර්යේශන මට්ටමේ පමනක් තියෙන්නේ.  අද අපි මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු. 


අපි දැනට සාමාන්යෙන් භාවිතා කරන OLED මාදිලියේ තිරයක් ගත්තොත් මේකේ රතු කොල නිල් (RGB) වර්න පෙන්වීම සදහා තමා නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් මේ වැඩේට යොදාගෙන තියෙන්නේ අපි කවුරුත් දන්න LED බල්බ. හැබැයි ඔයාල අපි අර බුදුරැස් මාලාවලට දාන LED වලට වඩා ගොඩාක් පොඩියි. කොහොම උනත් දෙකේම යොදාගන්න තාක්ශනය නම් බොහෝදුරය එක සමානයි. මේ LED බල්බ වල ආලෝකය හැමවිටම විහිදෙන්නේ කැතෝඩයේ සිට ඇනෝඩය පැත්තට. සාමාන්‍ය LED බල්බ් එකක නම් මේ ආලෝකය
එලියට විහිදෙන්න ඕන තරම් ඉඩ තියෙනව. ඒත් දුරකතන තිරයක ඇහැටවත් පේන්නේ නැති පුංචි LED ගොඩාක් එකට එකක් ලගින් ලගින් පැක් කරල තියෙන කොට මේ ආලෝකය එලියට යන්නේ ඇනෝඩය හරහා. එහෙනම් මේ ඇනෝඩය හොද පාරදෘශය මාද්‍යක් විය යුතුයි. ඒ වගේම විදුලිය සන්නයනය කරන්නත් පුලුවන් වෙන්න ඕන. 


මේ වගේ අමුද්‍රව‍ය එච්චර සුලභ නෑ. ඒ නිසා මේ වෙනකම් මේ වැඩේට බහුලවශයෙන්ම යොදාගත්තේ INDIUM TIN OXIDE (ඉන්ඩියම් ටින් ඔක්සයිඩ්) . ඉන්ඩියම් ටින් ඔක්සයිඩ් සම්පූර්ණයෙන්ම පාරදෘශයයි, හොද විදුලි සන්නායකයක්. හැබැයි මේ වගේ ලේයර් එකක් අපි නවන්න හැදුවොත් ඒක පතුරු වලට කැඩිල යනව. ඒ කියන්නේ ඉන්ඩියන් ඔක්සයිඩ් පාවිච්චි කරල නම්‍යශීලී තිර නිර්මාණය කරන්න හිතන්නවත් බැ. 


කතාව ටිකක් වෙන පැත්තකට අරගෙන යන්නයි හදන්නේ. කාබන් ගැන දන්නවනේ. කාබන් කියන්නේ පෘතුවියේ ඉතාම සුලභ ද්‍රව්‍යක්. කාබන් පරමානුවක පිටතින් තියෙන P කාක්ශිකයක නිදහස් ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනව. මේ හතරම පරමාණුක බන්දන වලට සහභාගි වෙලා ටෙට්ට්‍රාහීඩ්‍රන් (Tetrahedron) එකක් ආකාරයට හැදුනම අපි ඒකට කියනව දියමන්ති කියල. 


දියමන්ති ඉතාම ශක්තිමත්, ආලෝකය විනිවිද යන හොද පාරදෘශ මාද්යක් හැබැයි විදුලිය සන්නයනය කරන්නේ නෑ. 


ඒ විදිහටම කාබන් පරමාණුවක පිටතින් තියෙන කාක්ශිකයක ඉලෙක්ට්‍රොන හතරෙන් තුනක් විතරක් බන්දන වලට සහභාගි වෙලා මීවදයක ආකෘතියක් හටගෙන ලේයර් නිර්මාණය වෙනව. මේ විදිහට ලේයර් එකක් මත එකක් අපිලිවෙලට සකස්වුනාම අපි කියනව ඒකට මිනිරන් (Graphite) කියල. 


මිනිරම් කියන්නේ දියමන්ති වලට වඩා සෑහෙන්න වෙනස්. කලුපාටයි, හොදට විදුලිය සන්නයනය කරනව. මිනිරම් ලේයර් අතර තියෙන්නේ දුර්වල වැන්ඩවාල් බල විතරයි. ඒ නිසා හරිම මෘදුයි, අතින් උනත් පොඩි කරන්න පුලුවන්. 



2004 අවුරුද්දේ The University of Manchester සරසවියේ විද්‍යාඥයන් පිරිසකට පුලුවන් වෙනව මේ Graphite වලින් පරමාණුක අවස්තාවේ තියෙන එක ලේයර් එකක් වෙන්කරගන්න. මේ ලේයර් එක Graphite නොහොත් මිනිරන්  වලට වඩා සම්පූර්නයෙන්ම වෙනස්. මේකට අපි කියනව Graphene (ග්‍රැෆේන්) කියල. 

විද්‍යාත්මක ලෝකයේ මේක හදුන්වන අන්වර්ත නාමය Magic Material එක කියල. මේ වගේ එක ලේයර් එකක ගනකම එක කාබන් පරමානුවක ගනකමට සමානයි ඒ කියන්නේ 0.3NM නැනෝමීටර් වගේ. කෙස්ගහක් තරම් ගණකම් ශීට් එකක් හදාගන්න මේ වගේ ලේයර් ලක්ශ තුනක් විතර ඕන වෙනව. ඒ වගේම Graphene ඉතාම ශක්තිමත්. අලියෙක්ව උනත් මේ තුනී ලේයර් එකක් මත නග්ගන්න පුලුවන්. පාරදෘශයි, ආලෝකය හොදින් ගමන් කරනව, කොච්චර ශක්තිමත් උනත් මේක හරිම නම්‍යශීලියි. ඒ නිසා කැඩෙන්නේ නැතුව පහසුවෙන් නවන්න දිහ අරින්න පුලුවන්. ඒ වගේම තමා හොද විදුලි සන්නායකයක්. 

ගැෆේන් වලදි ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න තියෙන්නේ ද්වීමාන තලයක. ඒ නිසා දැනට පවතින සියලු විද්යුත් සන්නායක වලට වඩා හොදින් විදුලිය සන්නයනය කරනව. මොකද විද්යුත් ප්‍රතිරෝධය සෑහෙන්න අඩුයි. 

ඉතින් ඔයාට දැන් හිතෙනව ඇති ගැෆේන් නම්‍යශීලී තිර නිර්මානය කරන්න කොච්චර සුදුසුද කියල. නමුත් මේ වගේ අමුද්‍රව්‍යක් ගැෆයිට් වලින් වෙන් කරන එක හිතන තරම් පහසු නෑ. ඒ නිසා ගොඩාක් පර්යේශන දැන් සිදුකරනව මේ අමුද්‍රව‍ය කෘතීමව නිර්මානය කරන්න. එහෙම පුලුවන් වෙච්ච දවසක අපිට නම්‍යශීලී දුරකතන තිර දැකගන්න පුලුවන් වෙයි.





සිංහලෙන් Arduino ගැන ඉගෙන ගන්න පාඩම් #4



Sinhala Arduino Tutorial 04 - if else and IR sensor

Arduino කියන්නේ Open-Source Platform එකක්. මේක පාවිච්චි කරල අපිට විවිද  Electronics Projects කරන්න පුලුවන්. ඉතින් විනෝදාංශයක් විදියට ඔයා මේ සම්බන්දව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මම හිතුව බ්ලොග් එක හරහා මේ ගැන පාඩම් සෙට් එකක් අරගෙන එන්න. 

මේ පාඩම් මාලාව නිර්මාණය කලේ නිසල් හේවාගමගේ කියන යාලුව. ඉතින් එයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනව.



මේ Link එකෙන් ගිහින් Channel එක Subscribe කරන්න 

2017 වන විට වෙළඳපොලේ තිබිය හැකි මොඩියුලර් ස්මර්ට් දුරකථන

ඔන්න යාලුවනේ අදත් ඔයාලට අපූරුම ලිපියක් අරගෙන එනව. මේ ලිපිය මම ලියන්න ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියේ. ඒත් ඒකට වෙලාවක් හරියට ලැබුනේ නෑ. නමුත් කියන්න සතුටුයි ඒ වැඩේ අපේ යාලුවෙක් බාරගත්ත. අයෝද්‍ය දහනායක සහෝට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනව එයාගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන්කල එකට. තවත් මේ වගේ වටිනා ලිපි ලියන්න හැකියාව ලැබෙන්න ඕන අපේ යාලුවට. හොදයි එහෙනම් ඔයාල ලිපිය කියවන්නකො. 


අපට අවශ්‍ය කොටස් කැමැති විදියට යොදාගෙන භාවිත කරන්න පුළුවන් ස්මාර්ට් දුරකථනයක් භාවිතා කරන එක සිහිනයක් විදියට පෙනෙන්න පුළුවන්. එත් තාක්ෂණයේ දියුණුවත් එක්ක එ හිනේ හැබෑ වෙන ලකුණු පහල වෙලා තියෙනවා. මේ අදහස සැබෑවක් වන ලකුණු පහල වුනේ LG සමාගම නිකුත් කල G5 දුරකථනය සහ ගූගල් සමාගම එලිදැක්වූ Project Ara දුරකථනයේ ආදර්ශකය නිසායි. තමන් කැමති විදියට මේහි කොටස් ගලවා මාරු කල හැකි මේය ගූගල් සමාගමේ අධ්තාක්ශණික වියාපෘතියක්. මේමගින් භාවිත කරන්නාට තමන්ට අවශ්‍ය විදියට වෙනස් කළහැකි බවත් සහ වඩාත් තෘප්තිමත් බවක් ලගා කරනවා.

මොඩියුලර් දුරකථන නමේ කියවෙන විදියට මොඩියුල්ස් ලෙස හදුන්වන දෘඩාංග කොටස් එකතු වෙලා හැදෙන දුරකථනයක්. "බිල්ඩින් බ්ලොක් ඩිසයින්" කියාත් මේ නිමාව හඳුන්වනවා. සාමාන්‍ය සාමාගම් වලින් නිකුත් කරන දුරකථන වලට වඩා මේවා තරමක් වෙනස්.

මොඩියුලර් තාක්ශණය යම් පද්ධතියක් තවත් කුඩා උප පද්ධති වලට වෙන්කර එමගින් එය වෙනස්ම පද්ධතියක් බවට පත්කරන්නට සමත් වෙනවා. අපි ජීවත් වෙන්නේ තමන්ගෙ වුමනා එපාකම් මත නිෂ්පාදනයන් වෙනස් කරගන්න කැමති කාලයකයි. වගේ කාලෙක මොඩියුලර් තාක්ශණය බාවිත කරන දුරකථන වලට ස්මර්ට් දුරකථ්න භාවිත කරන්නන් අතර ලොකු ජනප්රියත්වයක් ලැබෙන්න පුළුවන් වගේම එය තාක්ශණික පැත්තෙනුත් විශාල ජයග්රහනයක් විදියට හඳුන්වන්න පුළුවන්.

අන්තර්ජාල වෙළඳපොලක් වන Kaymu ඔවුන්ගේ විකුණුම් ඇසුරෙන් සිදුකල විශ්ලේෂණයකට අනුව පවසන්නේ ශ්‍රි ලංකාව තුල ස්මාර්ට් දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපාංග වල විකුණුම් දිනෙන් දිනම වැඩිවන බවයි. උසස් ස්මාර්ට් දුරකථන වැනි තාක්ෂණික උපාංග වලටත් මේ ප්‍රවනතාවය එලෙසම පවතින බවයි ඔවුන් කියන්නේ.




Project Ara හි විකාශනය


Project Ara දුරකථන වල පෙනුම සහ මිල ගැන වගේ ගොඩක් දෙවල් ගැන ලොකු කතාබහක් පසුගිය කාලය පුරාවටම පැවතුණා. දැනට මේ Phonebooks තියෙන්නේ එවායේ මූලික අවදියේ (prototype stage), එය පෙනුමෙන් සරල සෘජුකෝණාශ්‍ර සැකිල්ලක (endoskeleton) හැඩයක් ගන්නවා. මෙහි ඇති හිදැස් වලට තම කැමැත්ත පරිදි වේගවත් සකසනයක්, මෙගා පික්සල් 8ක කැමරාවක්, හොඳ තත්වයේ ස්පීකරයක්, හෝ ස්ක්‍රින් එකක් වැනි දෘඩාංග කොටස් අමුණා ගන්න පුළුවන්. මේවැනිම තාක්ෂණයක් සහිත දුරකථනයක් PuzlePhones විසිනුත් අත්හදා බලමින් සිටිනවා.


ඔබ Project Ara දුරකථනයක් ලබා ගතයුත්තේ ඇයි?




ඔබට කැමති ලෙස තිරය, සකසනය කැමරාව ශබ්ද පද්ධතිය බොත්තම් සහ වඩාත් වැදගත් වර්ණය සහ නිමාව තොරාගැනීම සහ වෙනස් කර ගැනීම වගේ දේවල් කරන්නට ඉඩ ලැබෙනවා.භාවිත කරන්නන්ට තමන්ගේ අතේ ඇති මුදලට ඔවුන්ට අවශ්‍ය කරන විදියේ දුරකථනයක් නිර්මාණය කරගැනීමට මේමගින් අවස්ථාව ලැබෙන්වා. මේ දුරකථනය මිලදීගැනීමේ තවත් වාසියක් වන්නේ යම් දොෂයක් ඇතිවූ විට එම කොටස් ලෙහෙසියෙන් මාරු කළ හැකි වීමයි.

මේ Project Ara දුරකථන වල ඇති සුවිශේෂීම අංගයක් වන්නේ කුඩා ටෙලි ෆොටෝ කාචයක් හෝ හෳද ස්පන්ධන මානයක් වැනි  විශේෂිත උපාංග සම්බන්ධ කල හැකි වීමයි.

මේ දුරකථන තවමත් සාමාන්‍ය පාරිභොගිකයින් අතට පත්වෙන්නට තරම් දියුණු නැති වුනත් මෙවැනි දුරකථනයක අයිතිකරුවෙක් වන්නට බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දුරකථන වල මිල ගනණ්, නිකුතු දින සහ බෙදාහරින්නන් වගේ වැඩිදුර තොරතුරු ගැන දැනගන්න හුඟ දෙනෙක් උනන්දුයි.
ගූගල් සමාගම තවමත් මේහි නිකුතු දිනයක් ප්‍රකාශ කර නැතත් 2017 වසරෙදී මේ දුරකථනය වෙළඳපොලට පැමිනේවි කියා බලාපොරොත්තු වෙන පුළුවන්.


ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපට ලියන්න. 

Friday, June 24, 2016

සිංහලෙන් Arduino ගැන ඉගෙන ගන්න පාඩම් #3


Arduino කියන්නේ Open-Source Platform එකක්. මේක පාවිච්චි කරල අපිට විවිද  Electronics Projects කරන්න පුලුවන්. ඉතින් විනෝදාංශයක් විදියට ඔයා මේ සම්බන්දව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මම හිතුව බ්ලොග් එක හරහා මේ ගැන පාඩම් සෙට් එකක් අරගෙන එන්න. 

මේ පාඩම් මාලාව නිර්මාණය කලේ නිසල් හේවාගමගේ කියන යාලුව. ඉතින් එයාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනව.



මේ Link එකෙන් ගිහින් Channel එක Subscribe කරන්න 
 
Copyright © 2011 Schoollk Blog | Designed By R.K.D Chinthaka Deshapriya