ඔනෑම Dongle එකක් Unlock කිරීම.


අදාල ක්‍රියාකාරකම් කිරීමට ප්‍රතම සම්පූර්න ලිපිය හොදින් කියවන ලෙස ඉල්ලා සිටිමි!
ද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉතාම සවිස්තරාත්මකව ඔනෑම Dongle එකක් Unlock කරන්න පුලුවන් ආකාරය ගැන. සාමානයයෙන් ඩොගක් unlock කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. සමහර ඒවා හරිම ලේසියි. තවත් එවා ටිකක් අමාරුයි. නමුත් ගොඩාක් web,blog අඩවි වල තියෙන්නේ එක ක්‍රමයක් විතරයි. එතකොට මොකද වෙන්නේ.. කට්ටියකට ඒ Trix එක එල කිරි වගේ වැඩ කරද්දී තවත් කට්ටියකට ඒක කර ගන්න බැරිව යනවා. ඉතින් මම මේ ලිපියෙන් කියලා දෙන්න බලා පොරොත්තු වෙන්නේ දන්නෙම නැත් කෙනෙක්ට උනත් පහසුවෙන් ඩොගක් Unlock කරන්න පුලුවන් ක්‍රම කීපයක්. මේ ක්‍රම තමා දැනට ලෝකේ මම දන්න තරමින් පරිගනකයක් යොදා ගෙන Dongle unlock කරන්න පුලුවන් හොදම ක්‍රම ටික.
DC-Unlocker  මගින් Unlock කිරීම 


DOWNLOAD 5.84MB
 DC-Unlocker + Crack (Install කල පසු Crack කරන්න)


          මේකෙන් ඉතාම පහසුවෙන් ඔයාට dongle එකක් unlock කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සෙල්ලාම Dongle එකේ දැනට කියාත්මක තත්වයේ පවතින SIM කාඩ් එක ගලවලා වෙනත් SIM එකක් ඇතුලු කරල පරිගනකයට සම්බන්ද කරන්න. දැන් ඔන්න හුටු ගාලා Mobile Partner එක Open වේවි. බලන්න මොකක් හරි Unlock කෝඩ් එකක් ඉල්ලනවද කියලා. නැත්තම් Massage එකක් වැටෙනවද මොකක් හරි. (ඔන්න සමහර අයගෙනම් දන්නෙම නැතුව connect වේවි. ඒ Unlock වෙච්ච හින්ද නම් නෙමේ එයාගේ Dongle එක unlock කරන්න ඔනේ නැති එකක් නිසා. :-D) අර මම ඉස්සෙල්ලා කියපු Massage කතාව ආපු අයට තමා මම මේ කියන්නේ. දැන් Mobile Partner එක Close කරලා දාන්න. Close වුනාට පස්සේ DC-Unlocker Software එක open කරන්න. දැන් එතන තියෙන අත් කාචයක ස්වරූපය ඇති බොත්තම ඔබන්න. එතකොට ඔයාගේ dongle එක සවංක්‍රීයවම එයා සොයා ගනී. (එසේ සොයා ගැනීමට නොහැකි උනොත් ඔයාට මේ ක්‍රමයෙන් ඉදිරියට යෑම නිශ්පල විය හැකියි.) කෝකටත් කියලා මේ ක්‍රමය අත්හදා බලන්න ඉස්සෙල්ලා මේ වෙබ් සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලන්න ඔයාගේ Dongle එක DC-Unlocker Device list එකේ තියෙනවද කියලා.
http://www.dc-unlocker.com/supported_models_1/huawei_1 
හරි මම හිතනවා ඔයාගේ එක හොයා ගත්තා කියලා. දැන් දකුනු පැත්තේ ඉහලින්ම තියෙන Unlock කියන Tab එක යටතේ තියෙන Unlock කියන බොත්තම මත Click කරන්න. එත කොට ඔය මම ඉහත රූපයේ දාලා තියෙන විදියට Text වගයක් ඉහලට යනවා ඔයාට දැක ගන්න පුලුවන් වෙයි. වැඩේ ගොඩ ගියොත් අදාල Text Box එකේ පහලට වෙන්න SIM Lock Status : Unlocked කියල වැටේවි. බැරිවෙලාවත් Unlock Error කියල වගේ පෙන්නුවොත් ඔයා අඩන්න එහෙම එපා :-D. අපි එතකොට පහත ක්‍රමය ඒකියන්නේ Firmware Update කරමු.


වඩාත් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න 






Firmware Update කිරීම මගින් Unlock කිරීම  





 ඉස්සෙල්ලා මම කියල දෙන්නම්කො මේ Firmware (ෆ'ර්ම් වෙයා) කියන්නේ මොකක්ද කියලා. මේක හරියට අපි පරිගනකයේ භාවිතා කරන්නා Windows Operating System එක වගේ තමා. එහෙම කිව්වට එච්චර ලොකු එකක් නම් නෙමේ. firmware එක තියෙන්නේ හැම තිස්සෙම ROM එකක් ඇතුලේ. ඒකියන්නේ පුංචි Chip එකක් ඇතුලේ. මේවා Real-time විදියට Process වෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවට කරන්න තියෙන දේ ඒ වෙලාවට කරන එකයි. ඉතින් අපේ ඩොන්ගල් ඇතුලෙත් 15Mb විතර පුංචි firmware එකක් තියෙනවා. වැරදියට එහෙම වටහා ගන්න එපා. Mobile Partner එක Firmware එකක් කියලා. ඒක ඇවිත් User,Computer සහ Dongle එක අතර සම්භන්දය ගොඩ නගන්න නිර්මානය කල Software එකක් විතරයි. ඔය Mobile Phone වලට හම්බෙන PC Suite CD එක වගේ. 

මේ Update වීම සදහා සාමාන්යෙන් විනාඩියක් විතර යනවා. ඉතින් ඔය අතර කාලයේ ඔයාගේ Computer එක Off වෙලා,Restart වෙලා හරි Lap එකක් නම් Battery බැස්සොත් හැරි Dongle එක ගල් වෙනවා. ඒක මේ Flash වැඩ කරන අය අතර තියෙන කට වචනයක්. ඒ කියන්නේ අයේ භාවිතයට ගන්න බැරි වෙන්නම Software පැත්තෙන් විනාශ වෙලා යනවාට.  අන්න ඒ අවදානමත් හිතේ තියාගෙනම වැඩේට බහින්න.  Lap එකක් නම් හොදට Charge කරල Desktop PC එකක් නම් UPS එකක් පාවිචි කරලා ඔය මුකුත් නැති අය විනාඩියකට විතර පොඩි අවදානමක් අරගෙන තමා මේ වැඩේට බහින්න ඔනේ.  Computer එකට Software Install කරනවා වගේ Dongle වලට Firmware Update කරන්න බැහැ. මෙතනදි ඇත්තටම සිදුවෙන්නේ Flash කිරීමක්. ඒ කියන්නේ හරියට Pen එකක් Format කරලා මොකක් හරි ඇතුලත් කරනවා වගේ වැඩක්. නමුත් අපිට හිතුමනාපෙට මේවා Update කරන්න බැරි වෙන විදියට අදාල නිශ්පාදක සමාගම Chip එකට Flash Code එකක් දීලා තියෙනවා. ඒ code එක නැත්නම් ඒ Chip එක මත අපිට කිසිවක් ලියන්න දෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මේ Code එක හොයා ගනිමු. ඒකට අපිට Dongle එකේ IMEI අංකය ඔන වෙනවා. IMEI අංකය Dongle එකේ Box එකේ සහ Dongle එකේ පියන විවුර්ත කල විට දකින්න පුලුවන්.  
  

 ඒකත් කල් තියාම Notepad එකේ ලියාගෙන ඉන්න. දැන් මේ IMEI අංකයේ ගණනය කලාම අපිට Flash Code එක ලබා ගන්න පුලුවන්. ඉතින් අපි දන්නේ නැහැනේ ගනනය කරන්නේ කොහොමද කියලා. අන්න ඒ නිසා අපි මේකට Calculate Software එකක් යොදා ගන්නවා. මම මේ සදහා යොදා ගන්නේ Universal Master Code කියන පුංචි Tool එක. ඉතින් ඔය පහල දාලා තියෙන්නේ ඒක Download කරන්න පුලුවන් Link එක 

 DOWNLOAD 243.71 KB



ඉතින් මේක Run කරද්දි Dongle එක ගහලම තියෙන්න ඔනේ නැහැ. මොකද මෙතන වෙන්නේ Calculate වීමක්නේ. කරන්න ඔනේ උඩින්ම තියෙන Tab 6න් ඔයාගේ Dongle එකට අදාල Tab එක තෝරල පහලින් තියෙන IMEI කියන තැනට ඔයාගේ Dongle එකේ IMEI අංකය දීල Calculate කියන බොත්තම ඔබන එක විතරයි. ටික වේලාවකින් FLASH : කියන තැනටයි Result කියන Text Box එකටයි Code එක ඒවි. දැන් Flash Code එකත් කොහේ හරි ලියා ගෙන වෙනත් SIM එකක් ඇතුල් කරලා Mobile Partner එහෙම Open උනාට පස්සේ Close කරලා Firmware එක Update කරමු. මලා. එතකොට කෝ මේ firmware එක. දෙන්නම් දෙන්නම්. මේ තියෙන්නේ Dialog 2990 ඩොන්ග්ලෙ එකේ (Huawei E153U) Firmware එක.



 මම මේක දෙන්න හේතුව ලංකාවේ ගොඩ දෙනෙක්ට ඔය Unlock කර ගන්න බැරිත් ඔය Dongle එකම නිසා. Dialog මුදියන්සේ තුමා කොල්ලොන්ට ඔකේ ලොක් කඩන්න  බැරිවෙන්නම ලොක්කරල විතරක් නෙමේ උන්ම හදාපු Mobile Partner එකක් ඇතුල්කරලා. එක Spam program එකක්. නිතරම උන්ගේ Add ඒකේ වැටෙනවා. ඒකත් නැති කරන විදිය මම ඉදිරි ලිපියක ලියන්නම්කො. 
 E153U Dongle එකට අදාල firmware එක මෙතැනින් ලබා ගන්න 7.44 MB

 හොදා මම අර උඩින්ම කියල තිබ්බ ටික කරා නම් දැන් අපි Update කරන්න පටන් ගමු. බැරි වෙලාවත් ඔයාගේ Dongle එක E153U වර්ගයේ එකක් නෙමේ නම් ඒ වර්ගයට අදාල firmware එක Google වල Search කරලා  බාගෙනම වැඩේ පටන් ගන්න. මහ දෙයක් නැහැ. අදාල File එක හරියට Setup File එකක් වගේමයි.
නමුත් මේක Run කරන කොට Windows 7 භාවිතා කරන කෙනෙක් නම් Right Click කරලා Run Administrator ලබා දෙන්න.

 ඊට පස්සේ සාමානය Wizard එකක් වගේම තමා ඉස්සරහට යන්න.





 වඩාත් පැහැදිලි වෙන්න මේ Video එක බලන්න 



බැරිවෙලාවත් Error එකක් එහෙම ආවොත් Computer එක Restart කරලා ආපහු වැඩේ පටන් ගන්න ඉස්සරහට යනකොට ඉල්ලයි එක තැනකදී Password කියලා ඉල්ලයි අන්න එතැනට ඔයා කල්තියාම සොයා ගත්තු ඔයාගේ dongle එකේ IMEI අංකයට අදාල Flash Code එක ලබාදෙන්න. දැන් ඔතැන ඉදන් විනාඩියක් විතර යයි. ටික වෙලාවකින් ඔයාට Unlock වෙච්ච Dongle එකක් හම්බවෙයි.



!!! මෙ වැඩෙ ටිකක් විතර අවදානමක් තියෙනව. ඒ නිසා හොද අවදානයක් මේ සදහා ලබා දෙන්න. Unlock කිරීමෙන් අදාල Dongle එකේ Warranty නැති වෙනවා !!!

ඉතින් මම හිතනවා කාලෙකින් මම ලියපු හොද ලිපියක් කියලා. මා දන්නා හැම තොරතුරක්ම වගේ මෙතැනදී මම ලියල තියෙනවා. ඒ වගේම තමයි මම මේ ලිපිය ඔහේ ලියන්නම් වගේ ලිව්වේ නැහැ. සමහර තොරතුරු web site වලට හිහින් හොයා ගත්තු ඒවා. ඒ නිසා මේ ලිපිය මට හදන්න පැය 4 කට වඩා ගත උනා. මම හිතනවා Dongle Unlock කිරීම ගැන ලියපු හොදම ලිපිය කියලා. ඔයාලත් එහෙම හිතනවානම් දාන්න පොඩි Comment එකක් මාව දිරි ගන්වන්නත් එක්ක. තව දෙයක් මීට වඩා හොද ක්‍රමයක් වෙනස් ක්‍රමයක්  ඔයා දන්නවනම් මට කියන්න. ඔයා කැමතිනම් විතරයි.

Comments

Anonymous said…
YAALUWE... ANE LOKU UDAWWAK! E303 EKATH DAANNAKO.
තාම ඔය Model එක මට set වෙලා නැහැ යාලුවා. මම ප්‍රායෝගිකව අත්හදා බලපුව විතරයි දාන්නේ. බලමු ඉදිරියට මට ඔයා කියපු මොඩ්ල් එක සෙට් වුනොත් අනිවා මේ පෝස්ට් එකට Add කරනවා.
E303 firmware එක google වලින් හොයා ගන්න. IME අංකෙන් Flash Code එක Calculate කර ගන්න. ඔය ක්‍රමෙන් එහා වෙන ගේමක් මම දන්නේ නැහැ.
Anonymous said…
ගොඩක් වටිනා ලිපියක් මේ වගේ දැනුම ලබාදෙන්න ඔබට වැඩි වැඩියන් දැනුම ලැබේව
D link dongle ekaka software update karanna vidiyak tiyanawada
mp3sanjeewa said…
නියම කොල්ලෙක් නේ. සුපිරියටම වැඩ. තැන්කු මචන්.....
තාම සෙට් වෙලා නැති Dongle එකක්.. ඒ නිසා හරියටම කියන්න දන්නේ නෑ..
Unknown said…
mage dongle eka firmweare update kalata passe pc ekata gehuwata connect wen nee ne aiye
chooti helpn ekak one plzz
Anonymous said…
Mage Dongle eka E303S ekak. IMEI - 868988016627488
Firmware update kalata passeth gahuwata "Only Specific Sim can be used" kiyala enawa. Password ekak illanne naha. Kawruhari help plz.
Miheli said…
Important post thanks
Anonymous said…
Thank you sooo much buddy...ඔයාගේ මේ ෆ්‍රී සොෆ්ට්වෙයා එක නිසා මාස ගානක් මං හොයපු දේ කරගන්න පුළුවන් උන.. බොහොම පින්
Unknown said…
huawei e3372h kiyana eka unlock karana widiya kiyala denna
Anonymous said…
thnk u soo much bro... useful article. keep it up<3
3utools said…
Nice article pls keep update frequently thanks
Leshan said…
හෙලෝ box එකක්‍ wifi කනෙක්ට් කරල CCCAM වලින් ඩයලොග් ටීවී චැනල් ඔක්කොම අන්ලොක් කරල බලන්න පුළුවන්.ඒ උනාට එක අවරුද්දකින් expair වෙනවා. ඉතින් එක offline වැඩකරන්න පුළුවන් වෙන්න unlock කරන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද... ජයවේවා..👍👍