හින්දුස්ථානි සංගීතයේ ස්වර සප්තකය ඉගෙන ගමුද?

    ඔන්න යාලුවනේ මම සංගීතය සම්බන්ධ New Post එකක් අරගෙන ආවා.. මේ තොරතුරු සංගීතය ඉගෙන ගන්න හැම කෙනෙක්ටම ගොඩක් වැදගත් වන තොරතුරු ගොනුවක්, මොකද,.. සංගීතයේ මුල් ආරම්භය පටන් ගන්නේ මෙතනින් තමයි..




ස්වර

      කනට මිහිරි සිත සතුටු කරන සංගීතයේදී යොදා ගන්නා නාද “ස්වර” යනුවෙන් හැඳින්වේ. පෙරදිග සංගීතයේ ප්‍රධාන ස්වර 7 කි. එම ස්වර හඳුනා ගැනීම සඳහා ස්වාරනාම ද ඒවාට අයත් සංඥා ද නම් කර තිබේ.


         ස්වර නාම
             ස්වර සංඥා

ෂඩ්ජය
ඍෂභය
ගාන්ධාරය
මධ්‍යමය
පඤ්චමය
ෛධවතය
නිශාදය

රි
නි


  • ස්වර ප්‍රභේද


     හින්දුස්ථානි සංගීතයේ “ස්වර ප්‍රභේද” 6ක් දැනට ලැබේ.
එනම්,
      
      1 .    ප්‍රකෘර්ති ස්වර
      2.      විකෘති ස්වර
      3.      චල ස්වර
      4.      අචල ස්වර
      5.      තීව්‍ර ස්වර

  • ප්‍රකෘති ස්වර


        ස,රි,ග,ම,ප,ධ,නි,....... ආදී ස්වර වෙනසක් නොවී මුල් තත්ත්වයෙන්ම පවතින විට ඒවා ප්‍රකෘති ස්වර හෙවත් ශ්‍රද්ධ ස්වර යනුවෙන් හදුන්වයි.

උදාහරණ:- ස, රි, ග, ම, ප, ධ, නි, .....

  • විකෘති ස්වර


        කිසියම් ස්වරයක් මුල් තත්ත්වයෙන් වෙනස් වුවහොත්, එයට විකෘති ස්වරයක් යැයි කියනු ලැබේ.මේවා විකෘති වන්නේ කෝමල ස්වර හා තීව්‍ර ස්වර ලෙසිනි. චල ස්වර යනුවෙන්ද මේවා ව්‍යාවහාර කරති.

උදාහරණ:- රි , , , නි , '

  • චල ස්වර


         කිසියම් ස්වරයක හෝ ස්වර කිහිපයක් මුල් තත්ත්වයෙන් නාදය අඩු හෝ වැඩි වේද, එහි වෙනසක් සිදු වූ නිසා ඒවා චල ස්වර ලෙස හඳුන්වනු ලැබේ. “චල” යනු සෙලවිමයි. නැතහොත් වෙනස් වීමයි. එනම් කෝමල ස්වර හා තීව්‍ර ස්වර මේ ඝනයට අයත් වේ.

උදාහරණ:- රි , , , නි , '

  • අචල ස්වර


         ස්වර 7න් “ස” හා “ප” යන ස්වර දෙක හින්දුස්ථානි සංගීතයට අනුව කිසිඳු අවස්ථාවකදීවත් වෙනස් වන්නේ නැත. එනම් කිසිඳු වෙනස්වීමකට භාජනය නොවන ස්වර අචල ස්වර ලේඅස හදුන්වනු ලැබේ.

උදාහරණ:- ස, ප

  • කෝමල ස්වර


         කිසියම් ස්වරයක ප්‍රකෘති හඬ අඩක් අඩුවීම කෝමල ලෙස හඳුන්වයි. ස්වර සප්තකයේ මෙවැනි ස්වර 4කි. මෙම ස්වර හඳුනා ගැනීම සඳහා ස්වරයට යටින් හරස් ඉරක් අඳිනු ලැබේ.

උදාහරණ:- රි , , , නි

  • තීව්‍ර ස්වර


        කිසියම් ස්වරයක ප්‍රකෘති හඬ අඩක් වැඩි වීම තීව්‍ර ලෙස හඳුන්වයි හින්දුස්ථානි සංගීතයේ මෙවැනි ස්වර එකක් දක්නට ලැබේ. මෙම ස්වර හඳුනා ගැනීම සඳහා ස්වරයට ඉහලින් දකුණට බරව ඇල ඉරක් අඳිනු ලැබේ.



උදාහරණ:-  ම'

ඉතින් යාලුවනේ. අද මම මේ ලියපු ලිපිය පාසල් වල සංගීත විශය හදාරන අපේ නංගිල මල්ලිලාට ගොඩාක් වැදගත් වේවි කියල මම හිතනව. එහෙනම් තවත් නැවුම් වූ ලිපියක් ඔයාල වෙතට අරන් එන පොරොන්දුව මත අද මම සමු ගන්නව. මම රාධිකා සෙව්වන්දි SLK වෙතින්.

Comments