රේඛිය ප්‍රසාරණය

අපෝ අපේ බ්ලොගියට ගිය කල බ්ලොගිය මාළු ටැංකියක් වෙලා වගේ .. එහෙම උනත් මොකද අපේ පාඨකයන්ට මොනවහරි දෙයක් ඉගෙනගන්න ලැබිලානේ ..ඉතින් කාලෙකට පස්සේ ඉඩක් ලැබුනේ අලුත් පොස්ටුවක්  දාන්න මට මතක හැටියට උසස් පෙළ තාපය මුල් කොටස මම ඔයාලට කියලා දුන්න  ඊළඟට රේඛිය ප්‍රසාරණය ගැන කියල දෙන්නම් කියලත් පොරොන්දු උනා  එහෙනම් ඉතින් අපි පටාන් ගමු නේ .....


රේඛිය ප්‍රසාරණය


අපි දැනටම දන්නවනේ ඕනෙම දෙයක උෂ්ණත්වය වැඩි කරනකොට  එක ටික ටික ප්‍රසාරණය වෙනවා කියලා . අන්න ඒ ප්‍රසාරණය  රේඛියව (දිගින් ) වැඩිවීම තමා සරලවම කිවොත්  රේඛිය ප්‍රසාරණය කියන්නේ . මේකේ අර්ථදැක්වීම තමා ඝන ද්‍රව්‍යක උෂ්ණත්වය 1° c කින් ඉහල නැංවූ විට එහි එකක දිගක සිදුවන දිගෙහි වැඩිවීම අපි රේඛිය ප්‍රසාරණය සංකේතවත් කරන්නේ (alpha) α ලකුණෙන් . රේඛිය ප්‍රසාරණය  එක එක ලෝහ සඳහා  වෙනස් වෙනවා . 0 °c  - 100 ° c  දක්වා රේඛිය ප්‍රසාරණය එක් එක් ලෝහ සඳහා  ඒ ඒ ලොහයට අදාළ එක නියත අගයක් .

රේඛිය ප්‍රසාරණය සඳහා වන සමීකරණය

α   =   දිගෙහි වැඩිවීම
         මුල්දිග × උෂ්ණත්ව වෙනස

ප්‍රසාරණයේදී වස්තුවක සිදුවන දිගෙහි වැඩිවීම  සෙවීම සඳහා වන සමීකරණය

lᶿ  =  l ( 1 + αѲ )


lᶿ   - වස්තුවේ නව දිග
l   - වස්තුවේ පෙර පැවතී දිග
α    - රේඛිය ප්‍රසරනය
Ѳ    - උෂ්ණත්ව වෙනස

මේ සමීකරණ දෙක බාවිතා කරලා අපිට පුළුවන් මේ ආශ්‍රිත ගැටළු විසඳන්න . අපි ඒවගේ ගැටළු කීපයක් ඊළඟ පොස්ටුවෙන්  සාකච්චා කරමු . මොනවහරි අඩුපාඩු එහෙම තියනවනම් ඒවා පෙන්නලා දෙන්න මට ලැබෙන කාලෙත් එක්ක  ටයිප් කරන්න එහෙම ගොඩක් කලේ නාස්ති වෙන නිසා බොහොම අඩුවෙන් නමුත් අවශ්‍යම වෙන විෂය කරුණු තමා  මම පොස්ටුවේ සඳහන් කලේ ඉතින් අපි එහෙනම් ඉලංග පොස්ටුවෙක් හම්බවෙමු


............................ ලබන සතියේ රේඛිය ප්‍රසාරණය ආශ්‍රිතගැටළු ............................



Comments