ජංගම දුරකතනයකින් සිංහල වෙබ් පිටු අතර සැරිසරමු.
තමන්ගෙම මව් බසින් අන්තර්ජාලය පමනක් නොව පරිගනකය පවා පරිහරනය කල හැකිනම් කොතරම් පහසුවක්ද. කඩ්ඩෙන් දෙක තුන දුන්නත් අනේ! බොක්කට හොදට වදින්නේ සිංහලනෙ. මටත් මෙ ගැටලුව ගොඩ කාලෙක ඉදන් තියෙන්නේ. ඉතින් මම මේ ගැන ටිකක් බැහැල හොයද්දී තමා මේක දැක්කේ.
…මෙකට ඉතින් ඉස්සෙල්ලම කරන්න ඔනේ Opera
mini Mobile Application එක ඔයාගෙ Phone එකට Install
කර ගන්න. මෙක Web Browser එකක්. www.operamini.com
වෙබ් අඩවියෙන් බාගත කර ගන්න.
ඉහත පෙනෙනුයේ මගෙ දුරකතනයට Install
කරල තියෙන Opera mini App එක.
මෙහි Address
Bar එක තුල " config:
" යනුවෙන් type
කරන්න.
ඊට පස්සේ ඔන්න ඔය පහල තියෙන විදියට ඔයාලට දැක ගන්න පුලුවන්. එම පිටුවේ පහලටම යන විට Use bitmap font complex scripts යනුවෙන් සදහන් ව ඇති තැනක් හමුවේ. එහි ඉස්සරහ " No " යනුවෙන් සදහන්ව ඇත. එයට " Yes
" යනුවෙන් ලභාදෙන්න. ඉන්පසුව පහල වම් පැත්තේ තියේවි Save යනුවෙන් බොත්තමක්. එය ක්රියත්මක කරන්න.
දැන් Back
යන්න. බලන්න සිංහල වෙබ් පිටුවකට ගිහින්. ඔන්න ඉතින් මාත් ඉස්සෙල්ලාම
මගෙ Blog
අඩවියට ඇතුලු උනා. ඔය පහල තියෙන්නේ අපූරුවට. ඉතින් යද්දී Comment
එකකුත් දාගෙනම යන්න. ඒක මට සෑහෙන්න වටිනවා.
Comments