යන එන ගමන් බිමන් වලදී ඔයාගේ ජංගම දුරකතනය සිතියමකට පරිවර්තනය කරගන්නා හැටි



අප අතර නිතර ගැවෙසෙන ජංගම දුරකතනය ලොව තිබෙන ප්රබල සිතියමක් බවට සැනින් පත්කරගත හැකි බව ඔබ දන්නවාද. සැබවින්ම එය අපූරු අත්දැකීමක් වනු නිසැකයි.
මේ සදහා මිල අදික ජංගම දුරකතනයක් අවශ් වෙන්නෙ නැ.සාමාන් එකක් හොදටෝම ප්රමානවත්. එය පහත අවශ් තා සපුරා තිබීම පමනයි අවශ්.
  • භාවිත ජංගම දුරකතනයේ GPRS හෝ 3G පහසුකම තිබිය යුතු අතර එය Active තත්වයේ තිබිය යුතුයි. එසේ නොමැතිනම් පාරිභෝගික ඇමතුම් ජාලය හා සම්භන්ද වෙලා GPRS Setting ඉල්ලගන්න ඔනේ.
  • භාවිත දුරකතනය Java ඇප්ලිකේශන් මෙහෙය වීමට හැකියාවක් තිබිය යුතුයි. මෙවැනි හැකියාවක් ඇති දුරකතන වලට අන්තර්ජාලය ඔස්සේ විවිද ක්රීඩා ඇතුලු කල හැකි වනු ඇත.නමුත් චීනයේ නිශ්පාදිත දුරකතන වල මෙය කල නොහැකි නම් විතරක් දැන්ම මෙම අත්හදා බැලීමෙන් බැහැරවන්න.( ඇතැම් චීනයේ නිශ්පාදිත නව දුරකතන මෙම ඇප්ස් රන් කල හැක)
  • Google Map ඇප්ලිකේශන් එක ඔයාගේ දුරකතනයට ස්ථාපිත කොට තිබිය යුතුය. මෙහිදී ඔයාට පරිගනකයෙන් හෝ කෙලින්ම දුරකතනය ඔස්සේ වුවද ස්තාවනය කරගත ගැක. www.getjar.com හෝ www.mobile9.com යන වෙබ් අඩවි 2න් කැමති එකකට ගිහින් බාගත කර ගන්න.
 වැඩි විස්තර මෙතැනින් http://www.google.com/mobile/maps/

මෙම සිතියමෙන් ගත හැකි ප්‍රොයෝජන
    1. හිතන්න ඔයාට ඔයා ඉන්න තැන මොකක්ද කියල ආසන්න වශයෙන් හොයන්න ඔනෙ කියල එහෙනම් 0 බොත්තම  මෙම ඇප් එක ක්රියාත්මක කර ඔබන්න. නිල්පාට රව්මකින් ඔයා ඉන්නා ප්රදේශය ගැන ඔයාට අවබෝදයක් ගන්න පුලුවන්.
    2. චන්ද්රිකා ඡායා රූප ඔස්සේ සිතියම් නිරීක්ශනය කිරීමේ හැකියාවක්ද මේ සතුව පවතිනවා. කියන්නේ ඔයාලගෙ  නිවස පාසල  ඉහල අහසේ සිට නිරීක්ශනය කිරීමේ හැකියාවක් ලැබෙනවා.
    3. හිතන්න ඔයා නොදන්න පැත්තකට චාරිකාවක් යන්න හදනවා කියල. ඔයා ඉන්න තැනයි, යා යුතු තැනයි ලබා දුන් සැනින් ඔයාට එම ස්තානයට යා හැකි කෙටිම මාර්ගය පෙන්වනවා. එයත් අදියර තුනක් යටතේ ඔයාලට ක්රියාත්මක කරන්න පුලුවන්. ඔයා පයින්ම යනවානම් යාමට සුදුසු මාර්ගය, ඔයා වාහනයකින් යනවානම් සුදුසු කුමන මාර්ගයද යන්න මෙමගින් සොයාගත හැක.
    4. ඔයා යම් කිසි ගමනක් යන්නේනම් ගමන සදහා ඇති මුලු දුර ප්රමානය හා ගමනට ගතවන කාලය ආසන්න වශයෙන් මෙයින් සෙවිය හැක. එනිසා කාලය කලමනා කරගත හැක.
    5. ඉතා නිවැරදි සිතියම් බැවින් ගමනකදී ඔබට හමුවන පන්සල්, ගුවන් පාලම්, රෝහල්,පාසැල්,ගංගා ආදී බොහෝ දෑ මෙමගින් සොයා ගත හැක.
ඉතින් වරක් මෙම සිතියම ඔයා භාවිතා කලොත් ඔයා කවදාවත් මෙය ප්රතික්ශේප කරන්නේ නැහැ. මෙම ලිපිය ලියපු මමත් අදටත් මෙම සේවයෙන් උපරිම ප්‍රොයෝජන ගන්නවා.

Comments