Event සමග වැඩකරමු


ඔන්න මම තවත් ඉතාම වැදගත් පාඩමක් ඔයාලට අරගෙන ආවා. මේ පාඩමේදී මම ඔයාලට vb වල තියෙනා event ගැන කියාදෙන්න හිතුවා. event එකක්, එහෙමත් නැත්නම් අවස්තාවක්' අපි සාදනු ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ඔයා නිතර භාවිතාකල පොදු event එක ඔයාට මතකද. ඔයා බොත්තමක් mouse එකෙන් click කලා මතකද. එත කොට තමයි අපේ වැඩසටහන ක්‍රියාත්මක උනේ. එතනදී අපි යොදා ගත්තු event එක උනේ click event එක. නමුත් සංකීර්න software නිර්මානයේදී click event එකෙන් පමනක් වැඩකිරීමට නොහැක. ඔයාල සමහර විට දැකලත් ඇති සමහර වැඩසටහන් වලට යමක් ඇදගෙන ඇවිත් අත ඇරපුවහම ක්‍රියාත්මක වෙනවා. උදාහරනයක් විදියට මට ඔයාලා සිංදු අහනා ප්ලෙයර් එක (Windows Media Player)කියන්න පුලුවන්. සමහර විට ඔයාල දැකලා ඇති අපේ mouse pointer එක බොත්තමක් උඩට ගෙන ගිය විට එම බොත්තම දීප්තිමත් වෙනවා. උදා; windows වල තියෙන start බොත්තම හදුන්වන්න පුලුවන්. ඉතින් මේ විදියට තව ගොඩාක් event වර්ග තියෙනවා.
ඔයාල ඉස්සෙල්ලාම අලුත් project එකක් open කරගන්න. ඊට පස්සේ Form එක උඩ දෙපාරක් click කරලා View Code එක Open කරගනන. මෙතැනදී form එකට අදාල දැනට Select වෙලා තියෙනා event එක ඔයාලට දකුනුපසින් දකින්න පුලුවන්. ඒ අනුව Load කියන event එක තමයි select වෙලා තියෙන්නේ.

event එකක් තේරූ පසු ඊට අදාල Code ඉබේම Generate වෙලා තියෙන ආකාරය
පහත රූපය බලන්න


ඉහත රූපය දිහා බලපුවහම පේනව නේද තියෙන event ගොඩ. මේ මම පෙන්වලා තියෙන්නේ Frame එකට අදාල event විතරයි. ඔන්න මම පහල සරල වැඩසටහනක් නිර්මානය කරල තියෙනවා.


ඉහත වැඩසටහනට අදාල code පහත දැක්වේ.
Private Sub Command1_MouseMove(Button As Integer, Shift As Integer, X As Single, Y As Single)
Text1.Text = "E v e n t"
End Sub

Private Sub Form_MouseMove(Button As Integer, Shift As Integer, X As Single, Y As Single)
Text1.Text = ""
End Sub

කරලම බලන්න. අව්ලක් ගියොත් මට කියන්න.



Comments