Text Box හා Label එක්ක වැඩ කරමු 02


මේ යටතේ මම ඔයාලට කියන්න යන්නේ, කොහොමද Text Box දෙකක ඇති වචන 2ක් එක Text Box එකකට ගන්නේ කියලා.

මේ සදහා Text Box 3 ක්, Command Button 2 ක් ඔයාගේ විබී ප්රොජෙක්ට් එකට එකතු කර පහත ආකාරයට ප්රොපර්ටි වෙනස් කර ගන්න.

Text Box මේ ආකාරයට යොදන්නේ හිස්ව තැබීමටය 1
            Name = txt1
            Text = “” (මේ ආකාරයට යොදන්නේ හිස්ව තැබීමටය)
Text Box මේ ආකාරයට යොදන්නේ හිස්ව තැබීමටය 2
            Name = txt2
            Text = ““
Text Box 3
            Name = txt3
            Text = ““
Command1
            Caption = Start
Command2
            Caption = Clear
ඔය පහත ආකාරයට ඔයාලත් ෆ්රරේම් එක නිර්මානය කරගන්න.


Start Button සදහා පහත ආකාරයට Code ඇතුලත් කරන්න.

Private Sub Command1_Click()
txt3.Text = txt1.Text + " " + txt2.Text
End Sub

Clear Button සදහා පහත ආකාරයට Code ඇතුලත් කරන්න.

Private Sub Command2_Click()
txt1.Text = ""
txt2.Text = ""
txt3.Text = ""
End Sub



මේ කේත ඉතා දීර්ගව විස්තර කිරීමට අවශ වෙන එකක් නැහැ. තරමටම ඉතා සරලයි. නමුත් පරිගනක ක්රමලේඛනයේ විවිධ උපක්රම ගැන ඔයාව දැනුවත් කිරීම ඉතාම වටිනවා. මෙතනදී මම යන txt3.Text = txt1.Text + " " + txt2.Text
 පේලියට අවදානය යොමුකරන්න හිතුවේ අන්න නිසයි.

මෙතැනදී මට අවශය කලේ txt1 හා txt2 වල ඇතුලත් කරන ලද වචන දෙකක්, txt3 තුල එක්කොට පෙන්වීමයි. මෙතනදී මම  txt1.text , txt2.textයන්නෙන් බලාපොරොත්තු වුනේ වලට අදාල property, මෙතෙන්ට අනුව නම් ඔයා Text box  තුලට ඇතුලත් කරන ලද වචන "+" ලකුනෙන් එක් කිරීමයි. මෙතනදී මම තවත් ප්රයෝගයක් යොදාගත්තා. තමා නිකන්ම txt1.Text + txt2.Text ලෙස ඇතුලත් නොකර txt1.Text + " " + txt2.Text, ලෙස ඇතුලත් කිරීම. එතකොට නම් දෙක අතර හිඩැසක් ලබා ගන්න පුලුවන්. 

Txt1.text = Visual
Txt2.text = Basic

  • txt1.Text + txt2.Text à  VisualBasic
  • txt1.Text + " " + txt2.Text à VisualBasic


Project එක මම පහල දාලතියෙනවා. 



Comments