ඔයාගේ පලමු Visual Basic වැඩසටහන


මේ ලිපියෙන් මම ඔයාට වීබී ඇසුරෙන් සරල වැඩසටහනක් නිර්මානය කරලා වැඩසටහන තනි  exe ෆයිල් එකක් බවට පත්කරන ආකාරය ගැන කියා දෙන්නම්.
මුලින්ම වීබී වැඩසටහන විවුර්ත කර ගන්න. එතකොට අලුත් ෆෝම් එකකුත් එනවා. ෆෝම් එකක් කිව්වට වැඩියේ ගනන් ගන්න එපා.ඔය මම පහල නම් කරල තියෙන්නේ.

 දැන් මම ඔයාලට කියල දුන්නු Button එකක් මේ Form1 එකට ඇතුලු කරන්නකෝ.
 
ඊට පස්සේ එක මත ඩබල් ක්ලික් කරල කෝඩ් වින්ඩෝව විවුර්ත කර ගන්න. ඒක ඇතුලේ ඔය පහත් දැක්වෙන විදියට ලියන්න.

Private Sub Command1_Click()
Print "Sri Lanka"
End Sub


දැන් මේ වැඩසටහන හරියට වැඩ කරනවද කියලා බලමුද. ඔය උඩින්ම තියෙන Run බොත්තම ක්ලික් කරල පුලුවන් වැඩසටහන ක්රියාත්මක කරන්න.



Run වෙන අවස්තාවේදී බොත්තම මත ක්ලික් කල විට ඉහත ආකාරයටSri Lankaයනුවෙන් එක මත ඔයාට දැක ගන්න පුලුවන්.

මේ ක්රියාකාරකම ඔයාට එක එක විදියට කරලා බලන්න පුලුවන්. පහත් කේතයන් හොදට අධයනය කරන්න එතකොට තේරෙයි.

Private Sub Command1_Click()
Print "*"
Print "**"
Print "***"
Print "****"
Print "*****"
Print "******"
End Sub

දැන් අපි බලමු කොහොමද අපි මේ හදා ගත්තු වැඩසටහන සේව් කරන්නේ කියල. සදහා FileàSave Project යන්න තෝරන්න.


එය තේරූ පසු ඔයාලට අලුත් වින්ඩෝවක් මතුවෙයි. එහි Save in යන්න මගින් ඔයා Save කරනා තැන ලබා දෙන්න. ඔයා මෙතැන් පටන් හදනා හැම වැඩසටහනක්ම සේව් කිරීමේදී මතක ඇතුව අලුත් ෆෝල්ඩර්  එකක් නිර්මානය කරන්න. මොකද VB වැඩසටහනක් Save කලාම සමග තවත් උපකාරක Files අසලම Save වෙනවා. ඔයා සේව් කල Folder එකට ගියානම් ඔයාට ඒක දැක ගන්න පුලුවන්.





ඉතින් ඔයාගේ පලමු වැඩසටහන ඔයා Save කරලත් ඉවරයි. හැබැයි ඔයාට මේ හදපු වැඩසටහන තවත් පරිගනකයක ක්රියාත්මක කරන්න අවශනම් ඉස්සෙල්ලාම පරිගනකයෙත් Visual Basic 6.0 Setup වැඩසටහන Install කලයුතු වෙනවා. ඒක හරිම කරදර වැඩක් . නිසා අපි මේ වැඩසටහන exe file විදියට හැදුවහම ඒක පෙන් ඩ්රයිව් එකක උනත් දාගෙන ඔනම පරිගනකයක ක්රියාත්මක කරලා බලන්න පුලුවන්.
සදහා ඔයා File à Make Project1.exe ගිහින් කැමති තැනක සේව් කරගන්න.











Comments