File එකක Size එක හකුලන්න කියාපු බඩුව


…File එකක් ලොකු වුනාම අපි මාර කට්ටක්නෙ කන්නේ. Copy කරන්න ගොඩක් වෙලා යනවා, සමහර විට CD දෙක තුනක Write කරන්න වෙනවා , Mail කරන්න අමාරුයි , අපරාදේ නිකන් Hard Disc එකේ ඉඩ යනවා වගේ මෙකී නොකී ගැටලු ගොඩකට අපි මුහුන දෙනවානේ. සියලු සත්වයො නිදුක් වෙත්වා කියලා ඔන්න මම මේකට විසදුමක් දෙන්නයි යන්නේ. File Compress කියන එක අපේ යාලුවන්ට එච්චරම පුදුම සහගත මාතෘකාවක් නෙමේ කියලා මම දන්නවා. File එකක් Zip කලාම ඒකේ Size එක අඩු වෙනවා. ඒ සදහාම විශේෂයෙන් හදපු Software පවා තියෙනවා. ඔය Winzip,Winrar,7zip,KGB වගේ ඒවා වලින් එකක් වත් ඔයාලා අනිවාර්යයෙන් භාවිතා කරලා ඇති. නමුත් ඒ වැඩසටහන් වලටත් වඩා File compress කරන්න පුලුවන් වැඩසටහනක් තමා මම ඔයාලට අද හදුන්වල දෙන්න යන්නේ. නිකන්ම නෙමේ මමත් හොදට අත්හදා බලල වෙනසක් දැක්ක නිසා දෙනවා මිසක් මට මේ වගේ පොඩි සීන් කියල දෙන්න Blog වල Post ලියන්න කැමති නැහැ. මේ Software එක ඇවිල්ලා "UHARC" කියල තමා කියන්නේ. මේක 933 Kb තරමේ පුංචි වැඩසටහනක්. 

නමුත් කරන වැඩනම් පුංචි නැහැ. මොකද මම එහෙම කියන්නේ මෙයා මම දෙන File වලින් ගොඩක් File 50% කට වඩා හකුලල දැම්මා. සමහර ඒව 75% කටත් වඩා හැකිලුවා. 

ඉතින් මට ඔනේ වුනා කාටද හොදටම File Commpress කරන්න පුලුවන් කියල බලන්න. ඒ සදහා මම ඔයාල අපි හැමෝම දන්න Winrar 4.01 වැඩසටහනයි, Windows වල තියෙන Zip File Compress එකයි මම අද ඔයාලට හදුන් වලා දෙන UHARC අතර පොඩි තරගයක් තිබ්බා. වැඩේට මම අසම්භාවිතව තෝරා ගත්ත 8.58 MB ක File එකක් සහ 64.9 MB විශාල Folder එකක් :-P. File එක සදහා මම ගත්තේ MS Accsess වලින් හදපු Database File එකක්. මෙතැනදී මම අවසාන Output එක සදහා File ආකාර 4ක් යොදා ගත්තා. මම කියන දේ ඔයාලට තේරුනාද මන්දා. ඒ File මාදිලි 4 නම් 
  1. Winrar-Zip (Winrar අනුසාරයෙන් නිපදවපු Zip ගොනුව)
  2. Winrar-Rar(Winrar අනුසාරයෙන් නිපදවපු Rar ගොනුව)
  3. Windows-Zip(Windows7 අනුසාරයෙන් නිපදවපු Zip ගොනුව)
  4. UHARC-uha(UHARC අනුසාරයෙන් නිපදවපු uha ගොනුව)
මෙතැනදී කිව යුතු වැදගත්ම දෙයක් තමා UHARC මගින් නිපද වන්නේ uha ගොනුවක් පමනයි. මේ Format එක ඔයාලට එතරම් හුරු පුරුදු නැතත් සමහර Game Install කලාට පස්සේ Command promt Window එකක් මගින් ( අර කලුපාට Window එකක සුදු පාට අකුරු ඉහලට ඇදෙන්නේ )File දිග හරින්නේ මෙන්න මේ ගොනු මාදිලිය තමා. හා හා... ගේම් පස්සේ Install කරන්න පුලුවන් දැන් මේක කියවන්න :-P.    
ඉතින් වැඩේ කාටත් සාදාරන වෙන්න තමා මම කලේ. Winrar වල Compress Leval එක උපරිම වැඩිවෙන්න Settings හැදුවා. Windows වලනම් ඉතින් හදන්න දෙයක් නෑනේ. UHARC වලත් Setting සැලකිය යුතු ප්‍රමානයක් හැදුවා. වැඩේ කරලා බැලින්නම් මගේ ඇස් අදහා ගන්න බැරි උනා. ඔය මම ප්‍රස්තාරයක් ඇසුරෙන් දක්වලා තියෙන්නේ කට්ටිටයේ Compress leval එක තමා. 
පුදුමේ කියන්නේ දෙවන අවස්තාවේදී පෙනෙනා සීග්‍ර බැස්මෙන් පේන්නේ UHARC මගින් අදාල Folder එක 50% කින් නෙමේ 90 කටත් වඩා හකුලා ඇති බවක්. 64.9 MB--> 6MB දක්වා අඩුකලා. 

තව දෙයක්. මෙය එක්තරා විදියක තාක්ශනයක් පමනයි. මෙතැන මහා ප්‍රාතිහාර්යයක් වෙන්නේ නැහැ. අදාල කරුනු සපුරා තිබුනහොත් පමනයි හොද Compress එකක් ඇති වෙන්නේ. නැත්තන් මට ඒ Compress කරපු File එකත් නැවත නැවත Compress කර කර 1Kb ටම බස්සන්න පුලුවන්නේ. හෙම වෙන්නේ නැහැනේ. ඉතින් සමහර File 50% කින් හෝ ඊට වඩා Compress වුනේ නැහැ කියලා මට බනින්න එපා හොදේ. කොහොම නමුත් මේ වැඩෙන්නම් මම හොද Fun එකක් ගත්තා කියල අවසාන වශයෙන් ඔයාලට කියන්න කැමතියි. ඔන්න කැමති කට්ටිය බා ගන්නකෝ. 
ඉතින් මේ ලිපිය කියවලා කාටහරි Winrar ගැන ආසවක් ආවානම් ඔන්න ඒ අය Winrar මෙතැනින් බා ගන්නකො 
Download Winrar 32 & 64 bit cracked version 4.01 2.79 MB
(Virus Scanned!)

Comments

Anonymous said…
මමත් ඩවුන්ලෝඩ් කරගත්තා .... ස්තුතියි
MMKSAMEERA said…
මමත් හොයපු එකක් තමයි ඔක ස්තුතියි
දිගටම රැදෙන්න
Anonymous said…
thank you...