Skip to main content
හොදා මගෙ යාලුවොන්ට ගොඩාක් කලෙකින් වීබී පාඩමක් කියා දෙන්නෙ බැරි උනා. එකට තරහ වෙන්න එපා. මට හිතුනා මෙ විදියට අපේ කට්ටියට වීබී උගන්වල වැඩක් නෑ කියල. මමත් මුලුන් හිතුවෙ වීබී මුල සිටම උගන් වන්න. නමුත් මම මෙ දාපු ලිපිත් එක්ක බලන කොට වීබී දන්නෙ නැති කෙනෙක්ට යම් අවබෝදයක් ලබා ගන්න පුලුවන් කියල මම හිතනවා. ඉතුරු ටිල ඔයාලගෙ අතේ තමා තියෙන්නේ. අද අන්තර්ජාලය ගත්තාම යම්තාක් දුරට සින්හලෙන් වීබී මූලික පාඩම් හොදට ආවරනය කරපු අපේ සහෝදරයන් සිටිනවා. ඉතින් වීබී පිලිබදව හොදට මූලික කොටස් අල්ලා ගන්න ඔයාලට නිකන් ඉන්න ගමන් Google වල සිංහලෙන් වීබී මුල සිට කියා යෙදුමක් යෙදූ විට පහසුවෙන් සොයා ගන්න පුලුවන්.
නමුත් ඔයාල ඕනෑම වෙලාවක වීබී පිලිබදව ගැටලුවක් පැන නැගුනොත් මට ලියන්න. මම අනිවාර්යයෙන් ඒ ගැටලුවට පිලිතුරක් සහිත ලිපියක් පල කරන්න සූදානම්. අවශය නම් දුරකතනයෙන් උනත් සහය වෙන්න කැමතියි. ඒ ප්රසිද්ධියක් ගන්න නෙමේ. මට ඕනේ හැම විටම මම දන්න දෙයක් තියෙනවනම් ඔයාලට කියා දෙන එක.නමුත් ඉතින් දන්නවනෙ. දුරකතන අංකය එක වර ප්රසිද්ද කලොත් එක privet bus වලයි මහජනයා නිතරම ගැවසෙන ස්තාන වලයි ලියවෙයි. මම දන්නෙ නැද්ද අපේ සම "හරක්" ගේ වැඩ. විශේෂයෙන්ම මම මෙ කියන්නේ අ.පො.ස සා.පේ IT ලියන කට්ටියට. බොහෝ පාසැල් වල මම දන්නා තරමින් VB පිලිබදව පාඩමක් උගන්වන්නට ගුරුවරුන්ටත් බැහැ. අනේ එහෙම කිව්වට මාගෙත් එක්ක තරහා වෙන්න එපා. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න එක කොච්චරනම් වටිනවද. සමහර විට මේ වෙනකොට මෙ ලිපිය කියවන්නේ අපේ රත්තරන් ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ඔය ඕන කෙනෙක්ට මම විවුර්තව ආරාදනා කරනව අද සිට වීබී වල ඔබ මෙතෙක් නොදුටු හපන්කම් පෙන්නන්නට.තාක්ශනය දැන් ගොඩක් දියුනුවෙලා. එදා තනි computer එකක වැඩසටහනක් දුවල වැඩකලාට අද එහෙම නෑනේ. ජාලගතව ක්රීයාත්මක වෙන සමූහ මෘදුකාංගවලට ලොකු වටිනා කමක් තියෙනව. Skype ඊට හොද උදා හරනයක්. වැඩි කතා ඕනේ නෑ. ඉස්සරහට එන පාඩම් ඔක්කොම ලංකාවෙ කිසිම වෙබ් අඩවියක නැති ඉතා දුර්ලභ පාඩම් වනවා නිසැකයි.
…
…
Comments