01-HTML Introduction

HTML කියන්නේ Hyper Text Markup Language කියන එක.මේක programming language නෙවේ එත්  markup language එකක්. 
ගොඩදෙනෙක් හිතන් ඉන්නේ HTML විතරක් යොදාගෙන web site එකක් හදන්න බැහැ කියල. ඇත්තටම ඒක වැරදි මතයක්. HTML පමනක් යොදා ගෙන ඉතා ලස්සනට website හදන්න පුලුවන්. CSS , PHP ,JS වගේ දේවල් යෙදුවහම ඉතින් තවත් හොදා. ඒ වාසි අවාසි ගැන මම මෙතැනදී සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.  

පහත දැක්වෙන්නේ HTML වල සරලම code එකකි.
<html>
<body>
<h1>School LK</h1>
<p>Sri Lanka</p>
</body>
</html>

හොදින් මතක තබා ගන්න.ඔබ HTML ලිවීමට පටන් ගත යුත්තේ <html> tag එක ඇතුලය.ඔබ code එකක් ලියු පසු(සරලවම ලිවීමට notepad එක යොදා ගනී.)එය .html ලෙස ඔබට අදාල තැන save කරගන්න.
1. රූපය
 


ඉහත ආකාරයට save කල පසු ඔබට  2. රූපය ලෙස දිස්වේ.දැන් එය open කර බලන්න,HTML වල output එක අපට දැක ගත හැක්කේ browser හරහායි.ඔබට කැමති browserයකින් මෙය open කර බැලිය හැක.මතක  තබා ගන්න browser වෙනස් වනවාත් සමගම output  එකෙත් යම් යම් වෙනස් වීම් දැකගත හැක.අප යොදා ගනුයේ google chrome browser යයි.
ඔබට ප්‍රතිපලය පහත ලෙස දිස්වේ.

School LK

Sri Lanka

Comments