සියල්ල එක වහලක් යටින් Torch Browser




මේ වෙනකොට ලෝකයේ විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරනවා. ඔයාලත් මමත් අන්තර් ජාලයට පිවිසීම සදහා භාවිතා කරන්නේ මොකක් හරි Web Browser එකක්. Web Browser එක Internet Explorer වෙන්න පුලුවන් Firefox හෝ Chrome නැත්තම් වෙනක් මොකක් හරි වෙන්න පුලුවන්.
ඉතින් අපි අන්තර්ජාලය පරිහරනය කරනා විටදී අපි කරන කාර්යයන් අතර Video Download කරන්න , Torrent බාන්න, මිතුරන් අතර විවිද දේවල් හුවමාරු කරන්න වගේ බොහෝ දේ කරන්න අපි web browser එකට අමතරව තවත් වැඩසටහන් වල සහය හෝ වෙබ් අඩවි වල සහය පතනවා. නමුත් ඔබ අසා තියෙනවද Torch browser එක ගැන. සමහර විට නැතුව ඇති. පෙනුමෙන් Chrome වගේමයි. නමුත් හැකියාවල් වලින් නම් ගොඩක් ඉදිරියෙන්. දැන් අන්තර්ජාලයේ ඔබ නරබන Video එකක් Download කර ගන්න IDM ඔනේ නැහැ. Torch browser එක එක Click කිරීමකින් ඔයාට Video එක Download කරල දෙනව. torrent බාගන්න BitTorrent වත් Utorrent වත් ඔනේ නැහැ. ඒ පහසු කමත් මෙයා ඔයාට ලබා දීල තියෙනව. කොහේ හරි ඔයා දකින පිංතූරයක් වචනයක් හෝ වීඩියෝවක් මිතුරන් අතර හුවමාරු කරන්න කරන්න ඕනේ ඇදගෙන ගිහින් අතහරින එක විතරය්. නැත්තන් වෙනදට මොකද කලේ, FB එකට log වෙලා Link දිග ඇරගෙන, එහෙමත් නැත්තන් දෙතුන් පාරන් Download කරගෙන, Upload කරල එක විකාරයයි නේ. Torch මේ ඔක්කොම බලා ගන්නවා. ඔන්න මම පොඩි Video කෑල්ලකුත් දාල තියෙනවා. කැමති අය පහත Link එකෙන් Download කරගන්න.




Comments