Android Phone වලට පට්ට PC Manager වැඩසටහනක්




දැන් මම ටිකක් Android පැත්තට බර කරල තමා පෝස්ට් ලියන්නේ. මොකද Android Device ඒ තරමටම අපේ ජීවිත ආක්‍රමනය කරල තියෙනවා. අද මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාංගයක් හදුන්වලා දෙන්න තමා යන්නේ. මෙයාගේ නම තමයි "Mobogenie". 

මොකක්ද මේ Mobogenie කියන්නේ කියල බලමු. Mobogenie කියන්නේ ඔයාගේ Android Phone එක Computer එකට සම්බන්ද කරාම ඔයාගේ Phone එක පරිගනකය උපකාරයෙන් කලමණාකරනය(Manage) කරන්න උදව් කරන අපූරු වැඩසටහනක්. ඔයාට කරන්න තියෙන්නේ Data Cable එක අරගෙන Computer එකට ගහන එක විතරයි. 


ඉතුරු ටික Mobogenie බලා ගන්නවා. ඇත්තටම මේ Mobogenie  කියන තරම් වැඩ කාරයෙක්ද! අපි බලමු මෙයාට කරන්න පුලුවන් මොනාද කියල.
  1. ඔයාගේ Phone එකේ Tab එකේ File බලන්න පුලුවන්. (SD Data)
  2. ඉතා පහසුවෙන් Backup සහ Restore කිරීමේ පහසුකම. (Contact/Massage/Apps/Video/Music).
  3. ".APK" File පටිගනකය මගින් Install කිරීමේ පහසුකම.
  4. Contact No බැලීමට සහ ඒවා Manage කිරීමේ පහසුකම.
  5. SMS බලන්න සහ ඒවා Manage කිරීමේ පහසුකම.
  6. දැනට Install කරල තියෙන Application Update කරන්න, Uninstall කිරීමේ පහසුකම. මෙහිදී Mobile Data වලින් නෙමේ Update වෙන්නේ.
  7. Phone එකේ තියෙන Music/Videos බැලීමට සහ Manage කිරීමට හැකිවීම.
  8. පරිගනකය Internet වලට සම්බන්ද කර ඇත්නම් එම Data යොදාගෙන Games,Apps,Wallpapers ආදිය දුරකතනයට Install කර දීම.

…මේ වගේ වැඩ ගොඩම් මෙයා කරනවා. හරිම Smart Program එකක්. ඕන නොතේරෙන කෙනෙක්ට පහසුවෙන් තේරෙන්න හදපු වැඩසටහනක්. ඉතින් ඔයත් බල බල ඉන්නේ නැතුව මේක Install කර ගන්න. මේ වැඩසටහන 15MB වගේ පොඩි Software එකක්. එහෙනම් මම ගියා. ජය වේවා!.. 



Comments

Anonymous said…
Lokaya hari punchiy neda?