Apple i Phone 4S එකක් සහ Samsung Galaxy S3 එකක් බිමට අතහැරීම. (Schoollk සමග DROP TEST)


ඔන්න අද ඉදන් මම අමුතුම වැඩක් පටන් ගන්න යන්නේ. මම හිතන්නේ ලංකාවේ පලමු වරට තමා මේ වගේ ලිපි පෙලක් අරගෙන එන්නේ. මේකේ ලියනවට වඩා බලන් ඉන්න තමා තියෙන්නේ. මට හිතුනා ඔයාලට Drop Test කරන Video සෙට් එකක් අරන් එන්න. මේව මම ගන්නෙත් YouTube වලින් තමා. ඒත් මට ඕනේ මේකෙන් මගෙ බ්ලොග් එකට එන අයට විනෝදයක් ලබා දෙන්න. ඇත්තටම Drop Test කරල Phone ගන්න තරම් අපිට සල්ලි නැහැ. ඒත් YouTube වල ඕන තරම් Video තියෙනව Drop Test කරන. Drop Test කරනව කියන්නේ උපකරනයක් බිමට අත ඇරල සිදුවන හානිය ගැන තක්සේරුවක් ගැනීම. මේ තමා මගේ පලමු වීඩියෝව. මේ අක්ක බිමට අත අරින්න යන්නේ පැකින් කඩපු අලුත්ම Phone දෙකක්. දෙකම ලෝකය හොල්ලපු Smart Phone 2 ක්. එකක් Apple iPhone 4S, අනෙක තමා Samsung Galaxy S3. ඉතින් බලන්නකො මොකද වෙන්නේ කියල. 


Comments