Data Recover කිරීමේ තාක්ෂනික පැතිකඩ


ඔන්න මම තවත් අලුත් තාක්ෂනික ලිපියක් අරගෙන ආව. මෙතැනදී මම කියල දෙන්න යන්නේ මැකූ දත්තයක් යලි ලබා ගැනීම පිලිබදව ඉතා ගැබුරින් විමසා බලන්න. මටත් ඕනෙනම් පුලුවන් කොහෙන් හරි Software එකකුයි Serial No එකකුයි හොයල ඒ Upload කරපු Link එක ඔන්න බාගනිල්ලා කියල දෙන්න.ඒත් ගැටලුවට පිලිතුර විසදුනාට එතැනින් ඔයා ඉගෙන ගත්තු දෙයක් නැහැ. මම හැම විටම උත්සහ ගන්නවා යම් දෙයක් සිදු වෙන්නේ කොහොමද කියල හොයා ගන්න.  මම අද කියල දෙන්න යන්නේ දත්තයක් මැකුනම ඒක ඇත්තටම ගන්න පුලුවන්ද.. මොකක්ද මේක මැජික් එකක්වත්ද. අපි බලමු මේක මැජික් එකක්ද නැත්තන් විද්‍යාවක්ද කියල. 


 අපි කවුරුත් දන්නව දත්ත දැම්පත් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. පරිගනකයක නම් දත්ත තැම්පත් කර ගන්නේ Hard Disc එකේ කියල. මීට අමතරව අපි Flash Memory භාවිතා කරනවා. ඔය Pen Drive සහ  Memory Card වල තියෙන්නේ Flash මතකයක්. හොදයි දැන් මම කෙලින්ම හැරෙන්නේ Hard Disc එකක් පැත්තට. 

 Hard Disc එකක දත්ත තැම්පත් වෙන්නේ එහි පිහිටා තිබෙන Sectors වල. ඔච්චර ඕනේ නැහැ. පොඩි එකෙක්ට උනත් තේරෙන්න මම ඔන්න පල්ලෙහා දාල තියේන රූපය පොඩ්ඩක් බල්ලන්නකෝ..

 හිතා ගන්නකො ඔය රවුම Hard Disc එකේ ලෝහ තැටිය කියල. මේ තැටිය මත තමා දත්ත තැම්පත් කරන්නේ. ඒක හරියට කැසට් පටලයක ගීතයක් තැම්පත් කිරීමට බොහෝදුරට සමානයි. මෙහිදී චුම්භක ක්ශේත්‍රයක් පදනම් කරගෙන තමා දත්ත සහ තොරතුරු Hard Disk එකක තැම්පත් කරන්නේ. ප්‍රභල චුම්භක ක්ශෙත්‍රයකට පුලුවන් එක පාර උනත් මුලු තැටියෙම තියෙන ගිගාබයිට් ගානක තොරතුරු විනාෂකරන්න. ඒ අමතර කරුනක් හොදේ!.

බලන්නකෝ මම මගේ Hard Disc එකේ දාල තියෙන දේවල්. ඔය කහ පාටින් පෙනෙන්නේ මම ඊයේ Download කරපු ඉංග්‍රීසි Move එකක්. මොකක්ද කියල කියන්නේ නැහැ. කොල පාටින් පේන්නේ මම office එකේ හදපු Document එකක්. එතකොට ලා නිල්පාටින් පේන්නේ මගේ කෑල්ලත් එක්ක ගත්තු Photo එකක්. ඉතින් මම හොරෙන් කරන  ලව් එක නිසා Image ටික Delete කරන්න කියල හදන්නේ. Recycle Bin එකටත් නොයන්න කියල මම Shift + Delete කරන්න හදනව. යකෝ දන්නේ නැතුව Delete උනේ Document එක. මල් හතයි. ... (අඩෝ අපිට මොන කෑලිද )

දැන් බලමු Hard Disk එකේ තැටිය දිහා පොඩ්ඩ. මේක Imported Hard Disk එකක් තැම්පත් කරන Data ඇස් දෙකටත් පේනව :-P


බලන්නකො ඉහත රූපය දිහා. දත්තය මැකුවා. කොම්පූටර් එකේ පේන්නත් නැහැ.. ඒත් තාම Hard Disk එකේ නම් තියෙනවා. ඇත්තටම මොකද උනේ. ඈ..

…තාක්ශනිකව ගත්තම දතයක් ලිවීම සිදුවන්නේ චුම්භක ක්ශෙත්‍ර වෙනස් කිරීමකින්. එතකොට දත්තයක් මකන්න ඕනෙත් ඒ විදියටනේ. නමුත් මේ වැඩේට යම් කිසි කාලයක් වැය වෙනවා. ඔයා හොදට දැකල ඇති පරිගනකයක දත්තයක් Copy කරනවට වඩා ඉක්මනට ඒ දත්තය Delete කරන්න පුලුවන්. මෙතැනදී දත්තය Delete කරනවා කියල කියන්නේ ඒ දත්තය ඒ මොහොතේ සිට එම ස්තානයේ නොමැත කියල Hard Disk එක විසින් හිතා ගන්නවා. ඒ අනුව Hard Disk එක එතැන පවතින දත්ත අපට පෙන්නන්නෙත් නෑ. ආන්න එතකොට තමා අපි හිතන්නේ Data ටික Delete වෙලා කියල. පරිගනක නිර්මානය කල අය මෙවැනි දෙයක් කලේ පරිගනකයේ වේගය වැඩිකර ගන්න. හිතන්නකො මේ ක්‍රම වේදය භාවිතා කලේ නැත්නම් Delete කිරීමත් Copy කරනව වගේම මහ කම්මැලි වැඩක් වෙනවා.


ඉතින් Data Recover කිරීමේදී ඒ දුර්වලතාවය තමා අපේ වාසියට හරව ගන්නේ. ඒ මකපු දත්ත යලි සොයා ප්‍රතිස්ථාපය කරනවා. මරුනේ.. 

හොදා එහෙනම් මේ පල්ලෙහා රූපයත් පොඩ්ඩක් බලන්නකෝ..



හොදා මම අර Data වගයක් මැකුව ඔයාලට මතකනේ. ඉතින් මම මැකුවට පස්සේ තව File වගයක් ඒ Hard Disc එකටම Copy කලා. මේ තාක්ශනය හරිම පුදුමයි. කොච්චර Space තිබ්බත් Hard එකේ හොයන්නෙම මීට කලින් Data Delete කරල ඉතුරු වෙච්ච තැන්මයි. ඒක හරියට මිනී කනත්තක කොච්චර ඉඩ තිබ්බත් මීට කලින් වල දාපු තැනක්ම හාරනව වගේ වැඩක්. ( මේ උපමා ගැන නම් මුකුත් හිතන්න එපා ) . හොදා දැන් කියන්න බලන්න මම Delete කරපු Document එක මට ගන්න පුලුවන්ද කියලා.  බැහැ නේ.. දැනටමත් ඒ දත්තයෙන් 70% ක්ම විනාශ වෙලා. ඉතින් Recover Software නෙමේ මොන සක්කරය ආවත් දැන්නම් බඩු ගන්නව බොරු. 

ඉතින් මට කියන්න ඕන උනේ මොකක් හරි දත්තයක් මැකුනු සැනින් ඒ දත්තය ඔයා Recover කරන්න හිතන් ඉන්නව නම් ඒ Hard Disc එකට කිසිම දෙයක් Copy කිරීමෙන් වලකින්න ඕනේ. ඔයා Delete කලේ Local Disc D එකේ දත්තයක් නම් ඒ Partition එකට කිසිම දෙයක් නොදැමිය යුතුයි. ඒ වගේම ඉතා කුඩා මම මේ කියන්නේ 4KB වගේ පොඩි File recover කිරීම සමහර විට බොරු වැඩක් වෙන්නත් පුලුවන්. ඒ වගේ තමයි Recover කරන File එක තිබුනේ C Drive එකේ නම් (ගොඩක් අය Windows දාන එකේ) , Recover කරන දත්තයේ යලි ලබා ගැනීමේ සම්භාවිතාවය අඩුවෙනවා. මොකද අපිට නොපෙනුනත් System එකේ Background File Write වීම් නිරතුරුව වෙන නිසා. 


මෙතන තියෙනවා කරදරයක් නැතුව Recover කරගන්න පුලුවන් Software එකක්. කැමති කෙනෙක් Download කරගන්නකො. 


4MB (Mediafire)
DOWNLOAD

මේ ලිපිය වටිනව කියල හිතුනනම් පොඩි Comment පාරක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.


 

Comments

Anonymous said…
එළකිරි....ලිපියට බොහොම ස්තුතියි මාචෝ,,,,,,,,,
Anonymous said…
thanks machan...........