Lion Dictionary හැදුනේ මෙහෙමයි



ලංකාවට හොද පරිගනක වැඩසටහන් තියෙන්නේ අතලොස්සයි.  ඒ අතරින් මදුර Dictionary එකට මම ගොඩක් ගරු කරනවා. මොකද මට ගොඩාක් උපකාරී වූ වැඩසටහනක්. නමුත් අපි හැමෝම  දන්න දෙයක් තමයි මදුර Unicode වලට සහය දක්වන්නේ නැති විත්තිය. මට Programing පිලිබද ලොකු දැනුමක් නැති කාලේදීත් මට ඒ අඩු පාඩුව ගොඩක් දැනුනා. මොකද සිංහල Unicode වලින් සැදුම් ලත් වචනයක් සොයන්න මේ වැඩසටහනෙන් නොහැකියි. font වලින් කෙමෙන් කෙමෙන් මිනිස්සු දුරස් වෙලා Unicode වලට දැන් හුරුවෙලා. මීට වඩා දියුනු පරිගනක වැඩසටහනක අවශ‍ය තාවය මට එන්නේ ඔතනදී.
2008 වසරේ ඉදන් මම සිංහල ඉංග්‍රීසි Dictionary  එකක් හදන්න කීප වරක්ම උත්සහ කලත් ඒක හරිගියේ නැහැ. එකක් ඒ වෙන කොට මගේ පරිගනක වැඩසටහන් නිර්මානය කිරීමේ දැනුම ගොඩක් අඩු මට්ටමක තිබ්බේ. අනික මේ වැඩසටහන නිර්මානයට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Data base එකක අඩුව.
මෙහෙම කියන කොට සමහර දෙනෙක්ට මේව නොතේරෙන්නටත් පුලුවන්. කමක් නෑ ..  මම වැඩේ අත හැරියෙ නැහැ. මම Database එකත් කොහොම හරි හොයා ගන්නව. ඒක තනිකරම Text ෆයිල් එකක්. ඒකෙ තියෙන්නේ ඉංග්‍රීසි වචනයට අදාල සිංහල තේරුම විතරයි. උන්නු හැටියට මලත් මොකෝ කියල ලද දෙයින් මම සතුටු වුනා. ඒ අනුව මම 2011 වසරේ DIC PRO (Dictionary Project) කියල තනියම මේක හදන්න පටන් ගන්නවා. Text file එක Line by Line කියවල තමා අපි සොයන වචනයට අදාල අර්තය සපයන්නේ මේ ක්‍රම වේදයේදී. මේ ක්‍රමයෙන් අර්තය ලැබුනට හොයන්න ටිකක් වෙලා යනවා. තත්පර 2ක් 3ක් කියන්නේ මට නම් ලොකු කාලයක්. විවිද ක්‍රම අත්හදා බැලුවා. සමහර ක්‍රම අත්හදා බලන්න මට සති ගනන් ගත වුනා. මේ අතර තුරදී තමයි මට නාමල් සහෝදරයගේ Data Base එක ලැබෙන්නේ. ඇත්තටම එයා එතෙනදී කියලා තිබුනා DB එකේ නම වෙනස් නොකර වැඩක් ගන්න කියලා. ඉතින් මමත් ඒක අකුරටම පිලි පැද්දා. ආපහු මෙච්චර කල් කරපු ඔක්කෝම වැඩ පැත්තක දාල මුල ඉදන්ම ගේමට බැස්සා. දැන් මට පෙරටත් වඩා අත්දැකීම් තියෙනවා. මට ඕන වුනේ අමුතුම විදියේ පහසුකම් සමගින් මෙය නිර්මාණය කරන්න. හැබැයි මට මේ වැඩසටහන කාටවත් දෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. මේක හදලා මගේ වැඩවලට විතරක් තියා ගන්නයි මට ඔනාකලේ. කොහොම හරි 2012 දෙසැම්බර් මාසයේ DIC PRO ආපහු නව තාලයකින් හැදෙනවා. හරියටම  මාස 3ක් ම ගියේ මේකේ Search කරන කොටස ගොඩ නගන්න. මොකද මෙහි සෙවීමේ බොත්තම මගින් වැඩ කීපයක් කරනවා. Single Search, Multi Search,Add to History වගේ කොටස්. මේව ඒටික ගහල ඉවර වෙන කොට නම් මට පොඩි ගැම්මක් ආව. එතැන් සිට මම විවිද Option මේකට එකතු කර කර වැඩි දියුනු කලා. සිංහල ඇතුලත් කිරීමට මම SMS ක්‍රමය යොදා ගන්න තීරනය කලත් එය 100% ක් සාර්තක වුනේ නැහැ. ඒ නිසා තාවකාලිකව ඒක ඉවත් කරල Key Layout එකක් ගැහුව මටම ආවේනික විදියට. මම මුහුන දුන්නු ලොකුම ගැටලුව උනේ සිංහල හැසිරවීම. මොකද පරිගනක වැඩසටහන් තුල අපිට ඔන විදියට සිංහල හසුරවන්න අපහසුයි.
මේ සියලු දේ මා කලේ මගේ රැකියා ස්තානයේ සිට මට ලැබෙන විවේකය උපරිම ලෙස යොදා ගෙන. වචනයකින් වත් සහයක් ගන්න මට මෙහි කිසිවෙක් නැහැ. හැම දේම අන්තර්ජාලයෙන්ම පමනයි. දැන් ඔයාල බලනවා ඇති මම හදල තියෙන්නේ Lion Dictionary කියල , එත් මම කතා කරන්නේ DIC PRO එක ගැන. මම කිව්වනේ මම මේක මගේ ප්‍රයෝජනය, පහසුව සදහා ගොඩ නගපු දෙයක්. ඒත් ඒ තීරනය වෙනස් වෙන්නේ මගේ රැකියා ස්ථානයේ සිටින මගේ මිතුරු මිතුරියන්ගේ බලවත් ඉල්ලීම. එයාල හැමෝම කිව්වේ මේ වගේ වටින දෙයක් ඔයා ලෝකෙටම සගවාගෙන ඉන්නවට වඩා ඔයා මේ Dictionary එක හැමෝටම ලබා දුන්නොත් ඒක ලොකු සේවාවක් වෙයි කියලා. ඒ නිසා තමා අද ඔයාල අතට Lion Dictionary එක මේ විදියට ලැබෙන්නේ. සාමානය මිනිසුන්ට ගැලපෙන විදියට මම මෙහි User Interface එක වැඩිදියුනු කරන්නේ ඊට පසුවයි. Lion Dictionary නමින් නමක් තියල, Settings add කරල මම භාවිතා කරන්නාට වඩාත් පහසු වෙන විදියට මෙය නිර්මානය කලා. Lion Dictionary වලට Update System එකක් මම නිර්මාණය කලා. කාගෙන්වත් අහ ගන්නෙ නැතුව මගේ දැනුම, මගේ පරිකල්පනය යොදා ගෙන ඉතාම සරල Update ක්‍රම වේදයක් නිර්මානය කලා. මගේ උත්සහය දැකපු මගේ මිතුරෙක් මට නොමිලේ Server එකක් ලබා දෙන්නේ මගේම වාසනාවකට. පලමු Update ක්‍රම වේදය ඉවත් කරලා Server එකට ගැලපෙන විදියට ආපහු Code කරා. මෙම වැඩසටහන අවසානයේදී මම අත්හදා බැලුවේ මගේ රැකියා ස්තානයේ මිතුරියන් පිරිසක් මගින්. ඒ වගේම පාසල් යන පොඩි අයව දාලත් මම අත්හදා බැලුවා මෙය කොයි තරම් එයාලට වටහා ගන්න පුලුවන්ද කියලා. ඒ අනුව සුලුසුලු වෙනස් කම් කරලා අවසානයේ ලැබුනු ප්‍රතිපලය තමා මේ. Lion Dictionary අඩුපාඩු නැති වැඩසටහනක් කියල මම කියන්නේ නැහැ කිසිම වෙලාවක. නමුත් මගේ උත්සහය දිහා බලන විට පුංචි නිරහංකාර සතුටක් මගෙ හිතට දැනෙනවා.
…සමහරු මගෙන් අහනව මොකක්ද මචන් ඔයාට මේව කරල ලැබුනේ කියල. නමුත් කවුරු හරි කෙනෙක් මට මේ වැඩසටහන පාවිච්චි කරල,කියන හොද හෝ නරක හෝ ලැබෙන ප්‍රතිචාරය,  මගේ මුලු ආත්මයම සුවපත් කරන සතුටක් වෙනු නිසැකයි. බුදු හාමුදුරුවො කියපු අන්යන්ට උපකාරී කිරීමෙන් අත්වෙන නිරාමිස සුවය මිල මුදල් වලට සම කරන්න කවමදාකවත් බැහැ. ඒ නිසා මම සතුටම පමනක් මේ මගින් බලාපොරොත්තු වෙනවා.
(මේ මගේ සිතට ආපු අදහස්, සිතුවිලි වචනයෙන් ප්‍රකාශකරන්න හරිම ආමරුයි. තේරුනා හරි නැතුව හරි මේ ලිපිය කියෙව්වට ගොඩක් ස්තූතියි !  )

මෙම මෘදුකාංගය මේ තත්වෙට ගෙන එන්න මට උදව්කල මගේ 
ලයන් සාමාජිකයන් 



 Lion Dictionary එකේ Update System එක ගොඩ නැගීමට Server Space එකක අවශය තාවය පැන නැගුනු මොහොතේ මොහු මට කිසිදු පැකිලීමකින් තොරව එය ලබා දී ඒ මොහොතේ මට කලේ ලොකු උපකාරයක්. අද ඔයාලට Lion Dictionary එක මගින් එන සියලු Update Notification වල දත්ත සහ තොරතුරු රදවා තබා ගන්නේ මොහුගේ Server එක තුලයි. 
කමල් ඔබට මගේ ප්‍රණාමය!



අහම්බෙන් මෙන් මට හමුවූ පරිගනක වැඩසටහන් නිර්මාණය සදහා මහත් කැමැත්තක් දක්වන මල්ලි කෙනෙක්. ඒ වගේම Pariganaka Gatalu FB grupe page එකේ Admin වන්නේද මොහු. ප්‍රචාරන කටයුතු වලදී මොහු මට ලබා දුන් සහය අති මහත්.! 

Nilanthi Alakubura


මගේ හිතවතිය මිතුරිය වන නිලන්ති අක්කා ඉංග්‍රීසි භාෂාව පිලිබදව හොද දැනුමක් තියෙන කෙනෙක්. Lion Dictionary එකේ Help Document එක හදන්න වගේම User Agreement එක හදන්න ගොඩක් උපකාර කලා.



වෘතියෙන් දක්ශ ඡායා රූප ශිල්පිනියක් වන මගේ හිතවත් සහෝදරිය දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක්. Lion Dictionary එකේ GUI එක ගොඩ නැගීමේදී සහ ඡායා රූප ගැනීමේදී, සංස්කරන අඩුපාඩු සොයා බැලීමේදී බොහෝ උපකාර කලා.

මීට අමතරව නම් නොකීවත් විවිද අය මට වචනයකින් හරි උපකාර කලා. ඒ වගේන Online Help වල Newton Edirisinghe සහ www.aluth.com වෙබ් අඩවියේ Sameera Kodikara මිතුරන් මෙය මේ තත්වයට ප්‍රසිද්ධ කරන්න උපකාර කලා. එකී නොකී මෙකී හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !







Comments

Waruna said…
Mama adai dic1 down kara gatte. Adai mata meka ahamben wage hambune. Eththatama mama hoya hoya hitiye dic1k. Madhura tiyenawa, eth mama hewwe eta wada honda 1k. Umbe wede supiri machan. Ohoma digatama yaman, mama umbata suba pathanawa.
Waruna said…
Mama adai dic1 down kara gatte. Adai mata meka ahamben wage hambune. Eththatama mama hoya hoya hitiye dic1k. Madhura tiyenawa, eth mama hewwe eta wada honda 1k. Umbe wede supiri machan. Ohoma digatama yaman, mama umbata suba pathanawa.
Anonymous said…
jaya wewa ,,,,,,,, gamana subai jaya niyathai..........
niyamai, තවත් ඉදිරියට හොද හොද software ලියන්න.ජය වේවා.