Microsoft තුල වටහා ගැනීමට නොහැකි වූ රහස්


ඔයාල අපි දන්නේ නැති බොහෝ අභිරහස් මේ ලොකේ තියෙනවා. සමහර අභිරහස් තවම විසදිලා නැහැ. ඒවා සදාකාලික අභිරහස් සේ යටපත්ව පවතිනවා. ඉතින් මම ඔයාලව අද ටිකක් පුදුම කරන්න යන්නේ. මේ ලිපිය කියවල විතරක් මදි. කියල තියෙන ක්‍රියාකාරකම් ඒ විදියට කරලත් බලන්න. එතකොට තමයි ගැම්මක් එන්නේ. 


  • Microsoft හි සැගවුනු පලමු රහස. 

 
ඔයා දන්නවද ඔයාගේ පරිගනකය තුල "CON" කියල නම් කරල Folder හදන්න බැරි විත්තිය. පුලුවන්නම් Try කරල බලන්න. Folder එකේ නම වෙනුවට CON කියල දාල බලන්න මොකද වෙන්නේ කියල.

 මොකද උනේ !!! :-P

  •  Microsoft හි සැගවුනු දෙවන රහස 
    දැන් ඔයා Open කරගන්නකෝ MS Word. Open කර ගත්තු අය මේ =rand (200,99)  ලෙසට  Type කරල Enter Key එක ඔබන්න.(කලොත් තමා හොද Copy Past කරනවට වඩා. )

    Microsoft හි සැගවුනු තුන්වන රහස 



    ඔයාල දන්නවද නැත්ද මම දන්නෑ... Q33N දරන ගුවන් යානය තමයි වරක් ඇමරිකාවේ ලෝක වෙලද මද්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කලේ. ඉතින් ඔයා Notepad Open කරල Type කරන්න Q33N කියල. ඊට පස්සේ Font එක 72 ට විශාල කරන්න. හොදා. ඊට පස්සේ Font එක මාරුකරන්න Wingdings වලට. පුදුමයි නේ.

    • Microsoft හි සැගවුනු හතරවන රහස

    මේක නම් Windows XP වල තමා වැඩ කරන්නේ. Notepad Open කරල මේ විදියට Type කරන්න
    bush hid the facts දැන් කැමති නමකින් Save කරල Close කරල Save කරපු File එක Open කරල බලන්න..



    • Microsoft හි සැගවුනු පස්වන රහස

     මේකත් 7 වල වැඩ කරන එකක් නෑ. Notepad Open කරල මේ විදියට Type කරන්න this app can break 
    දැන් කැමති නමකින් Save කරල Close කරල Save කරපු File එක Open කරල බලන්න..



    • Microsoft හි සැගවුනු හයවන රහස

    …මේක නම් ඕන එකකට වැඩ. Open කරන්න Notepad.
    Type කරන්න .LOG කියල
    …දැන් කැමතිනමක් ගහල අවසානයේ  .save කියල (Magic.save) ලබාදීල Save කරන්න. File එක Close කරල ආයෙත් Open කරල බලන්නකෝ!


    පුදුමයක් සහ විනෝදයක් ලැබුනනම් Comment පාරක් දාන්න අමතක කරන්නත් එපා.

    Comments