ඕනම Android දුරකතනයක් Root කරන්න කියාපු බඩුව


 යාලුවනේ ගොඩ කාලෙකට පස්සෙ තමා මම මගේ බ්ලොග් එක පැත්තට ආවේ.. Call කලාට Massage කලාට වැඩක් නෑ ඉස්සෙල්ල රාජකාරිය, පස්සේ තමා මේ වැඩ ගැන බලන්න වෙන්නේ. තරහ නෑනේ. මන් දන්නව ඔයාල එහෙම තරහ වෙන්නේ නෑ.. හොදා හොදා.. 
මොකක්ද මන් අද ඔයාලට කියල දෙන්නේ කියල හිත හිත ඉන්න කොට තමා යාලුවෙක්ගෙන් Call එකක් ආවෙ එයා එයාගෙ 
Android Smart Phone එක Root කරන්න ගිහින් දැන් ඔන් වෙන්නේ නෑ කියල. ඉතින් මේක අපේ ගොඩක් යාලුවොන්නට් වෙලා තියෙනව. හරියට දන්නේ නැතුව Root කරන්න ගියාම ඔහොම වෙනව. සමහරු උඩ පැන පැන Root කරන්න හදනව.. "මොකක්ද බන් Root කරනව කියන්නේ " කියල ඇහුවම අහස පොලව ගැට ගහන්න කල්පනා කරනවා. සමහරු හිතන්නේ Root කරනවා කියන්නේ Sinhala Font දාන එකට කියල. Heee
මේව ඇහුවම සමහරුන්ට වෙන වෙන තැන් වලිනුත් හිනා යයි.. Lol.:P..
ROOT කරනව කියන එක ගැන තවම අවබෝදයක් නැති අය මේ ලිපිය ඉස්සෙල්ල කියවන්න   
READ
හරි එහෙම බෑ බොලව් දන්නේ නැති උන්ටයි දන්න උන්ටයි ඔක්කොටම ලේසියෙන්ම Phone එක Root කරන්න පුලුවන් Software කෑල්ලක් දෙන්නම් දැන්වත් වද දෙන්න එපා බන්.. අරක ඔන් වෙන්නෑ මේක ඔන් වෙන්නෑ කියල.. (Joke හොදේ) . :P




මේක තනිකර Korian භාශාවෙන් හදල තියෙන්නේ.. නමේ අස්සෙනුත් Koran කෑල්ලක් ගහල. මම Koran භාශාව දන්නේ නෑ.. ඒත් එකෙක් කිව්ව මේකෙ නම ROOT Master කියල. වෙන්න බැරි නෑ. නම වගේම තමා මෙයාගෙ වැඩ. 
දැන් කට්ටිය Koran Language ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙනව.. හරිම ලේසියෙන් භාවිත කරන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මේකෙ ක්‍රියාකාරිත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නෑ. ඒ තරමටම සරලයි. හිතන්නේ මේ Software එක හෙන සයිස් කියල නේද.. පිස්සු හැදෙයි... 5MB He Heee

හැබැයි කිසිම වගකීමක් මම ගන්නේ නෑ හොදේ.. කරන නොකරන එක ඔයාලගේ වැඩක් 

5MB





මම මේ ක්‍රමේට Galaxy Y, Galaxy S සහ Alcatel එකක් Root කලා. ඉතින් මට අව්ලක් නම් ගියේ නෑ.. ඉතින් යාලුවනේ ඔයාල Root කරල හරි ගියාට පස්සේ නිකන් ඉන්න එපා.. පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් Phone එකේ Model එක දාල ප්‍රතිචාරයක් දාන්න තරම් කාරුණික වෙන්න. මොකද තවත් ඔයාගේ වගේම දුරකතනයක් තියෙන කෙනෙක් මේක කරනවාද නැද්ද කියල බයෙන් ඉන්න පුලුවන්. ඔයාගේ සාර්තකත්වය දැක්කම එයාටත් බය නැතුව වැඩේට බහින්න පුලුවන්. ඒක ලොකු උදව්වක්. ප්‍රයෝජනයක් උනානම් මේ ලිපිය ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා..

Comments