Fake Samsung Galaxy SIV හදුනාගනිමු

කාලෙකට පස්සේ අලුත් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා මේ ලගකදී අපේ group එකේ සහෝදරයෙක් අහපු ප්‍රශ්නයක් නිසා තමයි මේක ගැන ඉක්මනින් ලියන්න හිතුනේ හැබැයි මේක එයාට විතරක් නෙමේ මුළු ලංකාවේම ෆෝන් වලට ආස කරන අයට වැදගත් වෙයි මේක අලුතෙන්ම නිකුත් කරන ලද Samsung Galaxy S4 ගැන

ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල  Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේ

කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු 25000-30000 අතර මිලකට මේවා බැලූ බැල්මටම ඔරිජිනල් එකට සමානයි.ඒත් මෙන්න මේකයි ඇත්ත කතාව ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ SHV-E300 K/S/L කියලා.මේ මොඩල් කොරියාවේ පාවිච්චියට හදපුවා. SIV එකේ Anycall Version එකක්නම් තාම දකින්න ලැබුනේ නෑ ඒත් ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි.ලංකාවේ තියෙන කලින් සදහන් කරපු ඒවාගේ මොඩල් නම්බර් එක එන්නේ GT I9500 ඒ කියන්නේ ඒවා original කොරියන් ඒවා නෙමෙයි  එහෙනම් මේවා මොනවද?? කියන ප්‍රශ්නය ඔයාලට දැන් එයි හරි එහෙනම් ඒවා ගැන දැනගමු

මේවා නිෂ්පාදනය කරන්නේ HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට මෙන්න මෙතනින් ගියොත් බලාගන්ඩ පුලුවන් මේවා ගැන. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන ජංගම දුරකථන නිසා තමයි මෙච්චර ගණන් අඩු.

අපි එහෙනං වැදගත්ම දේවල් ටික එකින් එක සාකච්චා කරමු

තිරය (Display) 



-Original-
 ඔරිජිනල් එකේ තියෙන්නේ Samsungලා විසින්ම නිර්මාණය කරන ලද super AMOLED වර්ගයේ තිරයක්. මේවට අඩු විදුලියකින් වැඩි වර්ණාවලියක් පෙන්නන්න පුළුවන්.Resolution එක 1920x1080 ක අගයක් තියෙන්නේ ඒ කියන්නේ Full HD තිරයක්.මේවායේ අගලකට ඇති පික්සල් අගය ඉතා වැඩි.තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ මේවා වෙළඳ පොලට නිකුත් කරන්නේ.


-Clone-


මේවා බොහෝ දුරට ස්වභාවික වර්ණ පෙන්නන්ඩ හැකියාව තියෙන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720x 1280ක වගේ HD අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. දැනට තියෙන පට්ටම copy එක තමයි HDC Galaxy S4 Legend කියන phone එක.මේකෙ තියෙන්නේ HD විභේදනයක් සහ  298ක  ppi  අගයක්. එකත් නරකම නෑ. හැබැයි තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. panel එක IPS උනාට Chinese කාරයෝ දාන touch sensor එක නම් quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. උඩ තියෙන පින්තූරෙ දැක්කම පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ Color Depth එක වැඩී Clone එකට වඩා.


ප්‍රොසෙසරය (Processor)




-Original-

ඔරිජිනල් S4 කීපයක්ම තියෙනවා මේවගෙන් ලංකාවේ ගොඩක් තියෙන්නේ GT-i9500 මොඩල් එක. මේ මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් snapdragon 600 ප්‍රොසෙසර් එකට තියෙනවා.


-Clone-

 ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් වලට වඩා විදුලිය පිරිමහන එක තමා කරන්නේ. එදිනෙදා වැඩ කටයුතු වලට වරදක් නෑ. එත් පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා.


 කැමරාව (Camera)

මේ ගැනනම් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080p වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. එත් මේ කැමරාවත් නරකම නෑ


තවත් දැන ගන්න වැදගත් දේවල් කීපයක්ම තියෙනවා



  • එකක් තමා RAM එක මේවා 1GB හෝ 512MB තමා අන්තර්ගත වෙන්නේ. 1GB නම් ලොකු ප්‍රශ්නයක් නෑ.එත් එය විවිධ apps වලින් 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාම දැනගන්න පුළුවන්. HDCmobiles.com/Galaxy S4
  •  තවත් එකක් තමා HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා  පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා. 
  • අනික Android version එක 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2 
  •  ඊලග එක තමයි ධාරිතාව පේනවනේ system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි.
  • ඊලග එක තමා මේවා වෙළඳ පොළට එන ඔරිජිනල් වගේම Samsung package එක.ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා ඒක. එත් Korean version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා.
  • ඊලග එක බැටරිය ඒක ගැන කියනවනම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා
  •   මේ ෆෝන් වල  Home Button එක තියෙන්නේ screen එකෙන් ගොඩක් යට ඔරිජිනල් එකේ එහෙම නෑ.අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

  • *#0*# මේක තමා අමාරුවේ වැටෙන අනිත් තැන ඒක තමා Samsung ෆෝන් වල LCD Test කරන code එක.මේ HDC Clones හදල තියෙන්නේ මේ code එක වැඩ කරන විදිහට. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න
  •  අනිත් කාරණය තමයි මේවගේ ඔරිජිනල් එකේ තියෙන හුගක් sensor තියෙනවා ඒවා මුලින්ම හොදින් වැඩ කරනවා හැබැයි අඩු වියදම් hardware යොදා සෑදීම නිසා මේවා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා

එහෙනම් ඔයාලා මේවා ගැන හොදින් අවබෝධ කරගන්න ඇති කියල මම හිතනවා අඩු ගානක් දීලා මාස ගානක් භාවිතා කරන්න මේවා ගන්න එපා ගත්තත් වැඩියේ ඇගේ තියා ගන්න එපා විශේෂයන් පිරිමි අය මොකද මේවගේ SAR අගය පිලිබදව කිසිම සදහනක් නැති නිසා අනාගතයේ දරු ඵල අහිමි වෙන්න පුළුවන් යැයි සැකයක් මේවා පිලිබදව පල වෙලා තියෙනවා


පහල තියෙන පින්තුරෙනුත් ඔයාලට මේවාගෙ වෙනස හොයාගන්න උදවු වෙයි




මේ වෙන කොට ලංකාවේ බොහෝ පිරිසක් මේ ව්‍යාජ දුරකතනයට රැවටී ඇති බවක් පෙනී යනව. ඒ නිසා මම මේ ලිපිය උපුටා ගන්නා ලදී..  
http://kavigajanayaka.blogspot.com/2013/09/fake-samsung-galaxy-siv.html



Comments

Unknown said…
ගොඩක් වටිනවා සහෝ එත් පුස්නේ තියෙන්නේ මමත් මෙකකට අහු උනා .. කොරියන් එකක් කියලා .. පස්සේ ෆෝන් එක ගත්ත එකටම දීලා සල්ලි ඉල්ලා ගත්තා ....
මම මේ ලිපිය උපුටා ගෙන දැම්මෙත් අපේ ගොඩක් උන් පට්ටටම ඇන්දිල ඉන්නෙ මේ Korian Seen එකට. S4 එකක් ලාබෙට දුන්නත් 40න් එහා මිසක් මෙහා නැහැ.. මම කියන්නේ දැනට තියෙන තත්වය.. තව සීන් එකක්.. සමහර ඇන්දුන එවුන් රට ඉදන් ගෙනාපු එකක් කියල හරි Lady Used කියල හරි කෙප්ප ගහල විකුනනව..
ඇන්දෙන්න එපා එච්චරායි.. තව ටික කාලෙකින් මාර්කට් බහියි එදාට ගනිල්ල..
එල මචන් ගොඩක්ම වටිනවා...
එල මචන් ගොඩක් වටිනවා ....thanks