avast! PREMIER 2014 හැම දාටම තියාගන්න



හැම දාටම තියා ගන්න කිව්වට මට නම් කරදරයක් නැතුව මාස 6 ක් වැඩ කලත් ඇති. මොකද මම මාස 6න් 6ට Windows දානව .. ඒ මොකද කියල කියන්නේ නෑ.. ඒක රහසක්. ඇත්තටම මම දැන් ඉස්සර වගේ Software Pach කරන හැටි සහ Crack කරන හැටි තියෙන පෝස්ට් දාන්න පොදුවේ අකමැතියි. නමුත් Virus වලින් ඔයාලව බේරගන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනව කියල හිතෙනව.

avast ගැන කියා දෙන්න නම් නමේ යන්නේ.. avast ගැන නොදන්න අය නෑ.. ඒ අනෙකුත් Virus Guard වලට වඩා බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනා ගෙන සිටින නිසා. මෙයාල 2014 වසරේ මුලදීම එයාලගේ නවතම avast 9 (2014) සංස්කරනය නිකුත් කලා. එකක් නෙමේ වර්ග 3ක් එයාල Users ල සදහා නිකුත් කලා..

පහලින් මම දාල තියෙන්නේ එයාලගේ නවතම සංස්කරන ටික 



ඉතින් මේක බැලුව ඕන කෙනෙක්ට තේරෙනව avast VG එකෙත් මොඩල් 3ක් තියෙන බව සහ ඉන් හොදම එක avast Premier බව.. නමුත් avast Premier , Avast Free වගේ නිකන් නම් දෙන්නේ නෑ.. මෙක තනි පරිගනකයකට මිලදී ගන්නවනම් $39.99 ක් වෙනව..

ඉතින් මම ඔයාලට කියල දෙන්නම් මේ avast Premier 2014 සදාකාලික කරගන්න හැටි.  මෙතනදි අපි ඉස්සෙල්ලාම Virus Guard එක Download කරගන්න එපැයි. අපි Download කරගන්නේ ඔය එක එක අහවල් Web Site වලින් නෙමේ.. කෙලින්ම avast නිල වෙබ් අඩවියෙන් පට්ට Original Software එක තමා Download කරන්නේ.. ඒක මම හිතනව ඔයාලගේ හිතටත් හොදයි කියල.. ඊලගට මම ඔයාලට මේ පහල දාල තියෙන Video එකේ විදියට වැඩේ කරගෙන යන්න.. මේ Guard එක සුපිරියට වැඩකරයි. කිසි කරදරයක් නෑ..

>> මෙතනදි මම භාවිතා කරන තියරිය ඔයාලට පැහැදිලි කරන්නම් ඊලගට Video එක බැලුවම තවත් ඔයාලට පැහැදිලි වෙයි. 
ඉස්සර වගේ නෙමේ දැන් Virus Guard එක Internet තියෙන කොට Avast server එකත් සමග Data Communicate කරනව.. ඔය නිසා තමයි අපි මොන සෙල්ලම් දාල Key දුන්නත් සුලු මොහොතකින් මේ Virus Guard එක හොරට Activate කලා කියල අල්ලන්නේ.. නවතම Virus Guard එකේ මේ තියරිය සැරටම තියෙනව.. මේක නවත්තන්නේ කොහොමද.. හ්ම් ඒවට තමයි Firewall කියල එකක් තියෙන්නේ.. මම Firewall එකෙන් avast Software එකේ Outer Communication නැත්තන් Internet හරහා, භාහිරත් සමග කරන ගනුදෙනු Block කරනව.. හි හී..(lol) දැන් ඉතින් කැලේ මැදට ගිහින් අත ඇරිය වගේ තමයි.. ආයේ ජීවිතේට හොයන්න බෑ එයාලට අපි හැන. මේක Hostfile හරහා Block කරනවට වඩා සාර්තකයි. 

>> ඊලගට මම මේක Crack කරන්නයි යන්නේ.. මේ Crack එක Virus එකක් නම් නෙමේ.. මේකෙන් කරන්නේ මොනා හරි සෙල්ලමක් දාල program එකට බලෙන්ම key එකක් ඇතුල් කරන එක.. අවාසනාවට Avast Guard එකේ තියෙනව තාක්ශනයක් Self Defend Module කියල ක්‍රමයක්. හිතන්නකො ඔයා මොකක් හරි virus එකක් හොරෙන් ඉස්සෙල්ලම Virus Guard එකට ගේම දෙන්න හදනව කියල, අපි කියමුකො avast එකේ file Content එක delete කරන්න වගේ හදනව කියල.. avast එකට පුලුවන් මේ හොර වැඩේ හදුන ගන්න.. ඉතින් Crack කරන කොටත් මේ තියරියමයි සිද්ද වෙන්නේ.. ඒ නිසා ලේසියෙන් Guard එක Crack වෙන්නේ නෑ.. ඉතින් මම මොකද කලේ.. crack වෙනකන් තාවකාලිකව මේ Self Defend Option එක Disable කරන එක.ඉතින් Crack කලාට පස්සේ ආයෙත් ඒක Enable කරගන්න..

ඔච්චරයි මෙතන තියෙන සිද්දාන්තය.. පහල Video එක බලන්න. ඔයාට වැඩේ තේරෙයි එලකිරි වගේ.. 

Download Avast Primier 9 (2014)

Download Activator: 




ඉතින් ලිපිය වැදගත් කියල හිතෙනවනම් ප්‍රතිචාරයක් දාන්න

Comments

Unknown said…
the best post for .................................
Unknown said…
the best post for you...................