Facebook!



දිනෙන් දින Facebook නිසා සිදුවෙන මරන සංඛ්‍යාව ඉහල යන්වලු. ඇත්තද මේ කතාව. නෑ ඇත්ත ඒක නෙමේ. ඇත්ත තමා Facebook අපේකරනය වීම. මොකක්ද මේ. ඉස්සරම කාලේ ලියුම් වලින් තමා ගොඩක් අයගේ Love සික් එක නැග්ගුවේ.. ඉතින් ඔන්න ලියුම් ආතල් එකත් උපරිමේටම එන කොට එකෙක් ඔන්න වහ බොනව. තව එකෙක් ඔන්න බෙල්ල වැල දාගන්නව.. මේ ලියුම් කෑල්ලක් නිසා කොල්ලො කෙල්ලො කී දාහක් මැරිල ඇත්ද.. වහපල්ලකො තැපැල් කන්තෝරු. ඕන්න ඊලගට එනව SMS. ඕකත් නැගල යනව. ඔන්න SMS නිසා කී දාහක් පව්ල් අව්ල් වෙලා ඇත්ද.. කී දෙනෙක් මැරිල ඇද්ද. වහ බීල ඇද්ද. හා උගුලල දාපල්ල ඔක්කෝම ටෙලිෆෝන් කනු ටික. එතකොට හරි. ඔන්න මේ ලගදි ආතල් එක කියන්නේ දැන් Facebook නිසා මැරෙන ගාන වැඩි වෙනවලු. කට්ටියක් කියනව Facebook නැවැත්තුවාම හොදා කියල. තාක්ශනයට හිත් පිත් නෑ.. ඒත් ඒව පරිහරනය කරන උන්ට හිතන්න මොලයක් තියෙනව. මොලයක් නැති උන් මෙව පරිහරනය කරන්න එපා. Facebook වල Privacy Settings ඕනවටත් වැඩියෙන් දීල තියෙන්නේ උබලාගෙම ආරක්ෂාවට. ඉතින් රත් වෙච්ච යකඩෙක රස්නෙ හදුනන්නේ නැතිව ඇවිත් අල්ලල පිච්චුනාට අපි මොනා කරන්නද. දිය ගැබුරුයි නෑමෙන් වලකින්න කියල තියෙන තැන්වලම නාල මලාම වැරැද්ද කාගෙද. ගගේද, බෝඩ් එක ගහපු එකාගෙද, නැත්තන් ගගට පැනපු එකාගෙද..
වයස 13 ලමයෙක් පලමු වරට Facebook එකේ Account එකක් හදන කොට බලන්න Facebook එකෙන් මේන්න මේ වගේ අපූරු Massage එකක් පෙන්නනව.

Blocked: Users must vouch that they are 13 or older to sign up for the website but many children simply lie about their age

Facebook තවත් කාලේ කා දමන දෙයක් බවට පත් කරගන්න එපා.. මේකෙන් ජීවිතේට වැඩක් ගන්න උන් ඕන තරම් ඉන්නව. සමහරු කීයක් හරි හොයා ගන්නේ Facebook එකෙන්. පොඩි Publish පාරක් දාගන්න තියෙන පහසුම තැන Facebook. සමහර Website වලට අලුතෙන් Sign Up වෙනකොට දැන් ඉස්සර වගේ වැල් වටාරම් Forms පුරවන්න ඕනේ නෑ.. කෙලින්ම One Click taken එකක් මගින් පියවර දෙකක් වගේ අඩු ප්‍රමානයක් තුල Sign වෙන්න පුලුවන්.
පටු සීමාවක ඉදගෙන මේ ගැන කතා කරන්න එපා. Facebook ගැන කතා කරන්න ඇත්තටම අයිතියක් තියෙන්නේ Facebook පරිශීලකයෙක්ට විතරයි. මොකද අනිත් අයට මේක මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ..
HTML PHP CSS වලින් මාස කීපයකින් ලියල හදාපු Web Page එකක් වෙනුවෙන් දසමසක් කුස තියන් කිරිදීල හදාපු ඇට මස් ලේ නහර වලින් සහ උසස් මිනිස් හිතකින් සැදුම්ලත් ජීවිතයක් නැතිකරගන්න එපා. මැරුනට කමක් නෑ.. ඒ ජීවිතය අර්තවත් දේකට යොදවල.

Comments

Unknown said…
එකෙන්ම එකනම් ඇත්ත චින්තයියේ