මොකක්ද මේ Dropbox කියන්නේ




…හිතන්න ඔයාට File එකක් Internet එක හරහා කාත් එක්ක හරි Share කරගන්න ඕනේ කියල. ඔයා මොකද කරන්නේ. ගොඩ දෙනෙක් කරන්නේ ඕක Email එකක් හරහා යවන එකනේ. එහෙම නැත්තන් Skype එකෙන්. එහෙමත් නැත්තන් MideaFire වගේ Online Storage එකක් මාර්ගයෙනුත් පුලුවන්. නමුත් ඔය හැම දේකටම වඩා පහඩුවෙන් File Share කරන්න පුලුවන් ක්‍රමවේදයක් තියෙනව. ඒ තමයි Drop-box.

Dropbox කියන්නේ නොමිලේ ලබා දෙන සේවාවක්. කොටින්ම මෙයාල ඇඩ් එකක් වත් අපිට පෙන්නල වද දෙන්නේ නෑ. Dropbox තුල Account එකක් හැදුවම එයාල අපිට 2GB Space එකක් ලබා දෙනව. මේ ඉඩ ප්‍රමාණය මදිනම් එයාලට කීයක් හරි දීල අමතර වැඩිපුර ඉඩක් ලබා ගන්න පුලුවන්. Drop-box ආරම්භ උනේ 2007 දී. Drew Houston සහ Arash Ferdowsi කියන MIT විශය හදාරන සිසුන් දෙදෙනාගේ නිර්මානයක්. කොහොම නමුත් මේ වෙනකොට මිලියන 200කට අදික පිරිසක් Drop-box භාවිතා කරනව. 

වාසි
Drop box මගින් ඔයාලට පුංචි Client වැඩසටහනක් ලබාදෙනව. 


ඔයාලට තියෙන්නේ ඒක ඔයාලගේ Computer එකේ Install කරගන්න. මේ Client වැඩසටහනෙන් ඔයාගේ පරිගනකය තුල Drop box සදහාම Folder එකක් හදා ගන්නව. දැන් ඔයා මොකක් හරි File එකක් හෝ Folder එකක් මේ Drop box Folder එක තුලට දැම්මොත් මොකද වෙන්නේ, ඔක්කොම ටික Upload වෙනව Drop box ලගේ Server එකට. දැන් ඔයාගේ file එක ඔයාගේ Computer එකෙත් තියෙනව, Drop box ලගේ Server එකෙත් තියෙනව. ඉතින් ඔයාට ලොකේ කොහේ කොතනක මොන පරිගනකයක් භාවිතා කලත් අර file එක ලබාගන්න පුලුවන්. Drop box සමග වැඩ කරන්න Client Application එක අනිවාර්යෙන්ම අවශ්‍ය වන්නේ නෑ. තිබ්බොත් තවත් පහසුයි. හිතන්න ඔයාගේ Com එක කැඩුන. එහෙමත් නැත්තන් හොරෙක් ඔයාගේ Lap එක ඉස්සුවත් අර File ටික නම් නැතිවෙන්නේ නෑ.

ඊලග කාරනය තමයි Dropbox මහින් පුලුවන් Shared Folder එකක් හදන්න. ඒ Folder එකට තවත් Dropbox සාමාජිකයන් ඕනෑම ගනනකට ඇරයුම් කරන්න පුලුවන්. 



මෙහෙම හිතන්නකො. ඔන්න ඔයාගේ Dropbox Folder එකෙ "MEGA" කියල Folder එකක් තියෙනව. ඔයා මේ Folder එකට Invite කරනව ඔයාගේ යාලුවෙක්ට. එයාටත් Dropbox Acc එකක් තියෙනව. එයා ඔයාගේ ඇරයුම පිලි ගන්නව. එතකොටම එයාගේ Computer එකේ තියෙන Dropbox Folder එක ඇතුලෙත් "MEGA" කියල Folder එකක් හැදෙනව. දැන් මෙ MEGA කියන Folder එකට දාන ඕනෑම  දෙයක් දෙන්නටම පෙන්නනව.

…අනිත් කරුන තමයි Drop-box මගින් Android Application එකක් නිර්මානය කරතිබීම. ඉතින් තවදුරටත් Computer එකටම සීමාවෙන්න ඕනේ නෑ. 

Dropbox තුල තියෙන ඔනෑම දෙයක්, Folder එකක් වේවා, File එකක් වේවා පහසුවෙන්ම අනිත් අය අතර බෙදා දෙන්න පුලුවන්. ගොඩක් සේවාවන් මගින් ගෙඩි පිටින් Folders Share කරන්න දෙන්නේ නෑ. එහෙම කරනව නම් Folder එක ZIP කරන්න ඔනේ. නමුත් Dropbox තුල එහෙම තහනමක් නෑ. අපූරුම වැඩේ කියන්නේ Dropbox තුල යොදන ඔනෑම File එකක Download ලින්ක් එකක් හදාගන්න පුලුවන්. සාමාන්‍ය විදියට හැදුවොත් ඒ ලින්ක් එකෙන් Download කිරීමට පෙර Dropbox ලාගේ Site එකට යවනව. නමුත් පුන්චි වැඩක් තියෙනව අපිට Dropbox තුල Direct ලින්ක් එකක් පහසුවෙන් හදා ගන්නත් පුලුවන්. මේ බලන්නකො

මේ තියෙන්නේ අපිට Drop-box මගින් සාමාන්‍ය විදියට ලබා දෙන Download Link එකක්
https://www.dropbox.com/s/hgiy2nvltktapt9/TestDownload.txt

 මේක Direct Link එකක් කරන්න www වෙනුවට dl යෙදීම සෑහේ. 
https://dl.dropbox.com/s/hgiy2nvltktapt9/TestDownload.txt

 අවාසි
පලමු අවාසිය තමා ඉතින් අපිට ලැබෙන්නේ 2GB ඉඩක්. 2GB කියන්නේ මහ ඉඩක්ද. හැබැයි යන්තම් ඔය පොඩි පොඩි වැඩ වලට නම් ඇති.

ඊලග කරුන තමයි Traffic එක සීමාකරල තිබීම. හිතන්න ඔයා Share කරපු File එකක් එක වර දහයක් විතර Download කරන්න යනව කියල. Dropbox මගින් ඒ Link එක Block කරනව. ඔව තමයි ඉතින්.

…තව සමහරු කියනව Dropbox තුල File වල ආරක්ශාව මදි කියල.

…කොහොම නමුත් නොමිලේ ලබාදෙන අසම සම සේවාවක් නිසයි අඩු කාලයකින් Dropbox මෙතරම් ප්‍රසිද්ධ උනේ.



Comments

Wedagath Lipiyak.All The Best Desh.......