7 Folder Background Changer නව මුහුණුවරකින් ඔබ වෙත

7 Folder Background Changer|Ultimate



අද අපි කතාකරන්න යන්නේ PowerSoft Corporation|Sri Lanka. විසින් නිර්මාණය කළ ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ගැනයි. එය නමින් 7Folder  Background Changer|Ultimate. මේ නම දුටු සැනින් ඔබට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි. ඔව් සැබවින්ම මෙය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ Windows 7 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර නිර්මාණය වූ පළමු සහ එකම Folder Background Changer මෘදුකාංගයයි. මෙහි වූ පළමුවන එළිදැක්ම මීට මාස කිහිපයකට පෙර නිකුත් කරනු ලැබූ අතර අද ඔබ වෙත හදුන්වාදෙන නවතම සංස්කරණයේ විශේෂිත වූ තාක්ෂණික ක්‍රමවේදයන් රැසක් එක්කර බලගන්වා ඇත. ඒවායින් කිහිපයක් මෙසේයි............

  1. පාලක පුවරුවට එක්කර ඇති Aero Effect සහිත විධාන බොත්තම්.
  2. 100% Bugs වලින් තොර අධ්වේගී කේතකරණයන්.
  3. PowerSoft Corporation|Sri Lanka. හි Facebook යොමුව.
  4. අතුරුමුහුණත මගින් ලබා දෙන සහයක (Help) ගොනුව.





මේවා හැරුණු විට තවත් බොහෝ දියුණුකිරීම් වලට ලක්ව Windows7 32bit සහ 64bit යන මෙහෙයුම් පද්ධති දෙක තුළ ම ක්‍රියාත්මක වන ලෙස නිර්මාණය කර තිබීමත් සුවිශේෂී වේ. මෙවැනි වූ බොහෝ පහසුකම් වලින් හෙබි මෙම මෘදුකාංගය ඔබේ අතට පත්වන්නේ නොමිලේ  වන නිසාවෙන් කිසිදු අපහසුතාවයකින් තොරව අප නිල වෙබ් අඩවිය මගින් බාගත කර ඉතාම කෙටි කාලයකින් කාර්යක්ෂමව ඔබට අවශ්‍ය Folder වල වෙනස්කම් සිදු කර ගත හැකිය. එහෙනම් ඔයාලත් Download කරගෙනම බලන්න.


___________________________________________________________________


(System Requirement)                                                                                                                        පද්ධති අවශ්‍යතා :
*System Vista/7-32bit or 64bit                        
*Processor- 1.5 GHz P4 or Highter
*RAM –  MIN (256MB) MAX (512MB)                                                                                 
*.Net Framework – 3.5 or Highter



බාගත කරන්න Download එක මට Click කරන්න





වැඩිදුර හදාරන්න වීඩියෝව බලන්න 



අපිට Comment කරන්න අමතක කරන්න එපා.





Comments