Speed Web Designing Training Sinhala Lesson 1




කොහොමද කට්ටියට, ගොඩ දවසකින් මම මේ පැත්තට ආවෙත් නෑ, ඔන්න ඉතින් පහුගිය කාලේ හෙලවෙන්න බැරිඋනා, ඒ අතර මට හමු වුනා අපූරු යාලුවො ටිකක්, සාමාන්‍ය පෙල තොරතුරු තාක්ෂනය විශය හදාරන. ඉතින් මට කිව්ව අපිට පුලුවන් නම් HTML ටිකක් කියල දෙන්න කියල. ඉතින් නිවාඩුපාඩුවේ වෙලාවක් දාගෙන පංතියක් එහෙම කලා. මට හිතුන ලංකාවේ තව මේ වගේ අය කොච්චර ඇත්ද මේ තාක්ෂන විශයන්ගේ ප්‍රායෝගික පැත්ත දැනගන්න ආසාවෙන් ඉන්න. අන්න ඒ නිසා තමයි මට හිතුනේ HTML ගැන ඉතා සවිස්තරාත්මක වීඩියෝ පෙලක් හදන්න... කොටස් 4කින් සමන්විත මේ පාඩම් පෙල බැලුවොත් ඔයාට අනිවාර්යෙන් ඔයාගෙම වෙබ් අඩවියක් හදල ඒක ලෝකය පුරාවට පෙන්වන්න පුලුවන් හැකියාවක් ලැබෙන එක ලැබෙනව. 

මම විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක් නෙමේ... හැමදාම කියනවනේ මට තියෙන්නේ මා විසින්ම ගොඩනගා ගත්තු දැනුමක්. ඒ නිසා මම උගන්වන්නේ අමුතුම ක්‍රමයකට.. සමහර විට ඒක කෙනෙක්ට නුරුස්සන්න පුලුවන්.. එකට කමක් නෑ.. වැඩේ වෙනවනේ. අනික මේ වීඩියෝ හදන කොට කියන වචන වල පොඩි පොඩි අඩු පාඩු වෙන්න පුලුවන්... කරන දේවල් පොඩ්ඩක් වරදින්න පිලුවන්.. ඒව ගැන වද වෙන්න එපා.. සමස්තයක් හැටියට මගේ පාඩම් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහටය් මම හදන්නේ.

එදා මම දාපු පංතියත් මම බොහොම සැලසුම් සහගතව දාපු එකක්. මට තිබ්බ අභියෝගයක්.  ඒ තමයි මට ලැබෙන අවම කාලය තුල මගේ ශිෂයන්ට වෙබ් අඩිවියක් නිර්මානය කරල ඒක Publish කිරීම දක්වා සියලුම දෑ කරන ආකාරය කියල දෙන එක. ඉතින් ඒ අභියෝගය මම ජය ගත්ත කියල මට එදා හිතුන. එදා එයාලට මම Speed Web Design Training කියල මගේ පංතියේ මම පොඩි හෑන්ඩ් බිල් පාරක් එහෙම දුන්න.. ඒ ටිකත් ඔන්න මම දෙනව.. පුලුවන් කට්ටිය මගේ දැනුම අරගන්න.. එහෙනම් ඔන්න මම ගියා.


Speed Web Designing Training Sinhala 

Lesson One







Comments