සුරතල් "ගුරාමී" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.



        

             අභිජනන සතුන් එකම ටැංකියක වගාකළ හැක. ඔවුන්ගේ පෝෂණය සඳහා ජීවී ආහාර සැපයිය යුතුය. බිත්තර දැමීමට කාලය ලංවෙත්ම පිරිමි සතුන් මතුපිට හෝ පාවෙන පත්‍රයක් යට පැත්තේ වත බුබුළු විශාල සංඛ්‍යාවක් තැන්පත් කර ඝනවසයක් සාදයි. මෙම ක්‍රියාවලිය සඳහා ගැහැණු සත්වයාගේ සහභාගී වීමක් නොමැත. වත බුබුළු ඇති කිරීමෙන් පසු පිරිමි සත්ත්වයා ශ්‍රක්‍රාණු මුදාහරිනු ලැබේ. ඒ අතරම ගැහැණු සත්වයා බිත්තර මුදාහරිනු ලැබේ. සංකෝචනය වී පැය 24ක් ඇතුලතදී බිත්තර පුපුරා පැටවුන් එලියට පැමිණේ. දින 3ක් පමණ ගත වූ විට ඔවුන් නිදහසේ පිහිනීමට පටන් ගනී. මෙම දින ගණන තීරණය වන්නේ බිත්තරයේ තිබු කහමදය අවශෝෂණය වීමට ගතවන කාලය අනුවයි. කුඩා පැටවුන් නිදහසේ පිහිනීමට ආරම්භ කරන තුරු පිරිමි මත්ස්‍යයා කුඩා පැටවුන් රැක බලා ගනී.

          




           කුඩා ජීවින් ආහාර වශයෙන් අඩංගු වී ඇති, අපිරිසිඳු , විශාල ටැංකි වලට මෙම මාළු පැටවුන් දැමීමෙන් ඔවුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය කල හැකිය. විදුරු ටැංකි වලදී වර්ධනය ඉතා සෙමින් සිදුවේ. බිත්තර කහ මදයේ කුඩා කොටස් කරදිය කූනිස්සන් හා තවත් විශේෂ ආහාර ඔවුන්ට ලබාදිය හැක.


Comments