සුරතල් "ඩිස්කස්" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.

            

ඔන්න යාලුවනේ මම තවත් මත්ස්‍ය වර්ග වල අභිජනන ක්‍රම පිළිබඳව තොරතුරු අරගෙන අවා.. අපි බලමු ඒ විස්තර මොනවද කියලා..

  • ඩිසකස් මත්ස්‍යයාගේ අභිජනනය. ( Discus Fish )

         මෙම වර්ගයේ පිරිමි හා ගැහැණු සතුන් තොර වෙන් කිරීම තරමක් අපහසු කාර්යයකි. කෙසේ වෙතත් පිරිමි මාළුවාගේ බඳ කොටසේ තද නිල් පැහැ රැලි වැනි ඉරි වැටි ඇත. අභිජනන සතුන් සඳහා සැපයිය යුත්තේ ප්‍රෝටීන් අධික ජීවී ආහාර වේ. එම ආහාර මඟින් සතුන් ශක්තිමත් වේ. මෙම අභිජනන සතුන්ට බිත්තර හෙලීම සඳහා ප්ලාස්ටික් පතුරක් ටැංකිය තුල ආනතව තැබිය යුතුය. බිත්තර දැමීමට පෙර මෙම සතුන් එම පතුර හොඳින් පිරිසිදු කරනු ලැබේ. ඊට පසු ගැහැණු සත්වයා බිත්තර එම පතුර මත හෙලන අතර , පිරිමි සත්වයා එම බිත්තර සංසේචනය කරයි.
        

          බිත්තර හෙලීමෙන් පසුව ගැහැණු මත්ස්‍ය වරල් වලින් ජලය කලතවමින් ජලය හොඳින් වාතනය කරනු ලැබේ. වාතනය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් පැය 50 – 60 කාලයකදී බිත්තර පුපුරා කුඩා පැටවුන් පිටවේ. දින කිහිපයකින් කුඩා මසුන්ට නිදහසේ පිහිනිය හැකි වේ. කුඩා මාළුන් ඔවුනට විශේෂිත වූ හැඩය ගැනීමට මාස 3ක පමණ කාලයක් ගත වේ. මාස 5 – 7 පමණ කාලයේදී මසුන්ගේ නියම වර්ණය ඔවුන්ට ලැබේ. පරිණත භාවයට පත්වීමට අවුරුදු 2ක පමණ කාලයක් ගතවේ.

           




             මේ ආකාරයට “ඩිසකස්” මත්ස්‍යයාගේ අබිජනනය ඉතා සාර්ථක ලෙස කර ගැනීමට හැකි වේ.

Comments

Chinthaka said…
රදික දිගින් දිගටම සුරතල් මසුන් ගැන වැදගත් ලිපි කීපයක් ගෙනව. ඒ නිසා මම ඒකටම කියල විශේෂ ලේබල් එකක් Schoollk තුල නිර්මානය කලා.
Unknown said…
niyamai aiya.... :D