සුරතල් " ඒන්ජල් " මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.





 හලෝ හලෝ.. කොහොමද ඉතින් ඔයාලට. මතකනේ ගියපාර මම ඔයාලට ලස්සනම ලස්සන Gold Fish මාලු අභිජනනය ගැන පැහැදිලි ලිපියක් අරගෙන ආවා.. මම නම් මාලුන්ට ගොඩාක් ආසයි. මොකද දන්නවද. එයාල හරිම ලස්සනයි. එයාල දිහා බලන් ඉන්න කොට කාලය යනව තේරෙන්නෙත් නෑ.. හොදා හොදා.. හම්මේ ඇති අති.. මම ඉතින් කියවන්න ගත්තොත් නවත්තන්නේ නෑ.. අද මම ඔයාලට කියල දෙන්නේ සුරංගන මසුන් ගැන. හි හී. ඒක මම අතින් දැම්මේ හොදේ.. ඒන්ජල් කියන සුරතල් මත්සයා ගැන. අර වැඩියේ දගලන්නේ නැත්තේ.. ආන්න ඒ මාලුව තමා.. කියවලම බලන්නකො.

 බිත්තර වලින් තම වර්ගයා බෝ කරන තවත් වර්ගයකි. “එන්ජල්” නමැති මාළු වර්ගය. මෙම මාළුවන්ගේ පිරිමි හා ගැහැණු සතුන් වෙන් කර හඳුනා ගැනීම ඉතා දුෂ්කරය. මෙම මසුන් ටැංකියක සිටින විට පරිනත භාවයට පත් වූ මසුන් ජෝඩු වශයෙන් එකට සිටීම නිරීක්ෂණය කල හැක. දිනපතා මාළු ටැංකි පරික්ෂා කිරීම මේ සඳහා යෝග්‍ය වන අතර , ඉහත ආකාරයට ජෝඩු වෙන් වී සිටීමක් නිරීක්ෂණය කල විට ඔවුන් අනෙක් මත්ස්‍යයන්ගෙන් වෙන්කර වෙනත් ටැංකියකට දැමීම වැදගත් වේ.
       
       වෙන්කරන ලද අභිජනන මසුන්ට නිදහසේ පිහිනීමට හොඳ ඉඩ ප්‍රමාණයක් සැපයිය යුතු අතර, සජීවී ආහාර, ආහාර වශයෙන් සැපයිය යුතු අතර ඔවුන්ගේ පෝෂණය සඳහා ජීවී ආහාර සැපයීම වැදගත් වේ. මේ සඳහා ජීවී ඩැෆ්නියා (Daphnoea) ඉතා යෝග්‍යයි. අලල් පත්‍ර සහිත ජලජ පැළෑටි මත හෝ ආනතව තැබූ ප්ලාස්ටික් පතුරක් මත බිත්තර හෙලීම සිදු කරයි. එබැවින් අභිජනන මසුන් සිටින ටැංකි වලට ඝනකම පළල් පත්‍ර සහිත ජලජ පැළෑටි දැමීම හෝ ආනතව ප්ලාස්ටික් පතුරක් තැබීම වැදගත් වේ. මෙම පෘෂ්ට මසුන්ට බිත්තර හෙලීම සඳහා හොඳ පරිසරයක් වේ.
      
       ගැහැණු සතුන් පරිනත තත්ත්වයට පත්වීමේදී සුදු පැහැති නාලයක් ලිංගික විවරය තුළින් පිටපතට පැමිණේ. මෙම කාලයේදී පිරිමි සතුන් ප්ලාස්ටික් පතුර හෝ ජලජ පැළෑටි වල පත්‍ර පිරිසිදු කිරීම පටන් ගනී. දින කිහිපයකින් පත්‍රය පුරා බිත්තර දක්නට ලැබේ. බිත්තර හෙලීම අවසන් වූ  පසු බිත්තර සහිත පත්‍ර හෝ ප්ලාස්ටික් පතුර වෙනම ටැංකියකට බහාලිය යුතුය. මෙම ටැංකියට වාතය සැපයීම මෝටරයක් මගින් සිදු කල හැකිය. වැඩෙන බිත්තර සඳහා පිරිසිදු වාතය සැපයීම මෙහි අරමුණ වේ.
      
      දින කිහිපයකින් බිත්තර පුපුරා එළියට එන පැටවුන් ටැංකිය පතුලේ ඉස්ගෙඩියන් මෙන් චලනය වනු දක්නට ලැබෙයි. ඊට දින කිහිපයකට පසුව ඔවුන් නිදහසේ පිහිනීමට පටන් ගනී. මුල්ම දින කිහිපය තුලදී ඔවුන්ට ආහාරය සඳහා හොඳින් තම්දන ලද බිත්තර කහ මදය පිරිසිදු රෙදි කැබැල්ලක් තුළින් ජලයට මිරිකීමෙන් ලබාදිය හැකිය. සති දෙකකට පසු ටැංකියේ ජලය මාරු කිරීමෙන් පැටවුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය.





               මේ ආකාරයට “ඒන්ජල් මත්ස්‍යන්” ඉතා සාර්ථක ලෙස අබිජනනය කරගත හැකිය.

ඉතින් මොකද හිතන්නේ මගේ ලිපිය ගැන.. අඩු පාඩු තියෙනව නම් කියන්න.. මම SLK වෙතින් මේ ලිපිය ගෙන ආවේ රාධිකා සෙව්වන්දි.



Comments