සුරතල් "සියමීස් ෆයිටින්" මත්ස්‍යයාගේ අභිජනනය සොයමු.

මේ පාර නම් අරන් ආවේ විසේ කාර මාලුවෙක් ගැනයි.. මෙයා වෙලාවකට මාලු අතර මැරයෙක් කිව්වට වරදක් නෑ.. හැබැයි පුදුම ලස්සනක් තියෙන්නේ.. මෙයාලගේ වර්නන් හරිම අපූරුයි. ඒ නිසා ගොඩක් අය මෙයාට කැමතියි.. 
මේ කියන්න යන්නේ ෆයිටින් මාලුව ගැනයි. හරියටම නම කිව්වොත් "සියමීස් ෆයිටින්". කියවල බලන්නකො එහෙමනම් මේ ලිපිය

        

පහසුවෙන් අභිජනනය සැදී කල හැකි වර්ගයකි. පිරිමි සතුන් හඳුනා ගැනීමට පෘෂ්ටිය වරල, ගුද වරල වලිගය හා ඔවුන් පෙන්වන්නා වූ විවිධ වර්ණ උපකාරී වේ. ගැහැණු මත්ස්‍යයන්ට සාපේක්ෂ වශයෙන් කුඩා වරල් ඇත. පිරිමි සතුන් තනිව ඇතිකල විට අලංකාර ලෙස වරල් වර්ධනය වේ. ගැහැණු සතුන් හා පිරිමි සතුන් එකට ඇති කිරීමෙන් වරල් වල සම්පුර්ණ වර්ධනයක් දැකිය නොහැකි අතර, ඔවුන්ගේ නම හා අදාල වූ කාර්යක්ෂමතවක්ද, දැකිය නොහැක. ගැහැණු සතුන් බිත්තර දැමීමට ආසන්න වූ විට ඔවුන්ගේ ශරීරය හරහා දිවෙන කැඩුණු රේඛාවක් දිස්වේ. ඒ අතරම ගැහැණු මාළුවාගේ උදර බිත්තිය තුළින් බිත්තර දැකගත හැක.
       



             




          ජලයේ උෂ්ණත්වය සෙ. ග්‍රේට් අංශක 28 – 30 වන ජල ටැංකියකට පිරිමි හා ගැහැණු මසුන් දමා ටික වෙලාවකින් බිත්තර හෙලීම සිදු කරයි. බිත්තර දැමීමට ප්‍රථම ජලය මතුපිටට වයු බුබුළු විශාල ප්‍රමාණයක් නිකුත් කරයි. ගැහැණු සත්වයා නිකුත් කරන බිත්තර පිරිමි සත්වයා විසින් මෙම වායු බුබුළු මත තැන්පත් කිරීම කරනු ලබයි. බිත්තර හෙලීම අවසන් වූ පසු ගැහැණු හා පිරිමි සතුන් වෙන් කරනු ලැබේ.



           


මේ ආකාරයට “සියමීස් ෆයිටින්” මත්ස්‍යයාගේ අබිජනනය ඉතා සාර්ථක ලෙස කර ගැනීමට හැකි වේ.

Comments