ගෙදරදීම රසම රස Free Eggs Cake එකක් හදා ගමුද?

හායි... හායි... ඔන්න ඉතින් යාලුවනේ නිර්මාංශ අපේ යාළුවන්ට මම හඳුන්වල දෙන්න හදන්නේ බිත්තර රහිත Cake එකක් හදාගන්නේ කොහොමද කියලා. නිර්මාංශ යාලුවෝ දුකින් නේද හිටියේ Cake කන්න බැරුව? හි... හි..... ඔන්න ඉතින් දැන් සතුටින් කමු රසම රස නිර්මාංශ Cake එකක්... ගොඩක් අමාරු නෑ... හරිම ලේසියි හදාගන්න........

      

අවශ්‍ය ද්‍රව්‍ය
  • පොඩි ටින් කිරි ටින්              01
  • මාගරින්                              150 g
  • පිටි                                     250 g
  • බේකින් පවුඩර් තේ හැඳි      02
  • ආප්පසෝඩා තේ හැඳි         01
  • වැනිලා තේ හැඳි                 01


        මේ තමයි බිත්තර රහිත Cake එක හදාගන්න අවශ්‍ය කරන දේවල්.. අපි දැන් බලමු මේ Cake එක හදාගන්නේ කොහොමද කියලා.

       මුලින්ම ශීත කල මාගරින් සහ ටින් කිරි බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉන් පසු පිටි වලට බේකින් පවුඩර් , ආප්පසෝඩා දමා මිශ්‍ර කර තුන්වරක් හලාගන්න ඕනේ. ඉන්පසුව අපි හදාගත්ත මාගරින් මිශ්‍රණයට හලාගත් පිටි මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉන් පසුව එම මිශ්‍රණයට වැනිලා එකතු කරගන්න ඕනේ. කේක් එක ගොඩක් රසවත් කරගන්න අපිට පුළුවන් තව වියලි කජු සහ වියලි මිදි එකතු කරගන්න. ඔබට සීනී රස වැඩියෙන් අවශ්‍යනම් පුළුවන් සීනී 100 – 150 g අතර ප්‍රමාණයක් රස අනුව මෙම  Cake එකට යොදාගන්න. ඉන්පසුව සියල්ල එකතු කරලා හොඳින් මිශ්‍ර කරගත් මේ  Cake මිශ්‍රණය තැටියකට දමා Oven එකේ සෙන්ට්‍රි ග්‍රේට් අංශක 160 ප්‍රමාණයේ උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් බේක් කරගන්න. ඉන් පසුව ඔබට බිත්තර රහිත රසම රස Cake එක දැක ගන්න පුළුවන්.



       ඉතින් යාලුවනේ කොහොමද?  හොදයි නේද Cake එක? ඔයාලත් අදම මේක අත්හදා බලන්න. නිර්මාංශ යාළුවන් වෙනුවෙන් මම මේ ගෙන ආපු අපූරු රසවත්  Cake එක සමගින් අදට මම සමු ගන්නවා. තවත් දවසක මම එනවා ඔයාලා වෙනුවෙන්ම රසවත් කෑමක් අරගෙන අදට සමුගන්නම් මම රාධිකා සෙව්වන්දි.

Comments