ගෙදරදිම රසම රස Ice Cream හදන්න ඉගෙන ගමුද

         ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය කිරි නිෂ්පාදන වලින් එකක් ලෙස ice cream සැලකීමට පුළුවනි. උත්සව අවස්ථා වලදී පමණක් නොව සාමාන්‍ය අතුරුපසක් ලෙසත්, ice cream නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාව අතරත් ප්‍රචලිත වෙමින් පවතියි.

         උෂ්ණ දේශගුණයක් පවතින අවස්ථා වලදී තමන්ගේ පිපාසය සංසිඳවා ගැනීම සඳහා ලොකු කුඩා කවුරුත් ice cream කෙරෙහි දක්වන්නේ ලොකු ඇල්මකි. ලංකික ජනතාව අතර වැඩි කැමැත්තක් පවතින මෙම නිෂ්පාදනය සඳහා හොඳ වෙළඳ පොලක් රටේ පවතයි. එළකිරි හා මී කිරි වලින් ice cream සකස් කර අලෙවි කිරීම මගින් ගොවි මහතුන්ටත්, ගෘහනියන්ටත්, වැඩ හොඳ අමතර අදායම් මාර්ගයක් සලසා ගැනීමට පහසු කටයුත්තකි. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙකුට ස්වයං රැකියාවක් ලෙසින් ice cream නිෂ්පාදනයට පිවිසීම ඉතා පහසුවෙන් කල හැකිය. වැඩි වාසි ලද හැකි ව්‍යාපාරයකි.

     අවශ්‍ය ද්‍රව්‍ය
    ( කිරි ලීටර් 1 කින් ice cream සැකසීම සඳහා)
  • මී කිරි හෝ එළකිරි ලීටර් 1 යි.
  • යොදය සහිත කිරි පිටි මේස හැඳි 4 යි.
  • ජෙලටටීන් තේ හැඳි 2 යි.
  • සීනී ග්‍රෑම් 200 යි.
  • කොන් ෆ්ලවර් හෝ කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 යි.
  • වර්ණක හා රස කාරක ස්වල්පයක්.
     පිළියෙළ කරන අයුරු 

      පළමුවෙනම පහත සඳහන් පරිදි කිරි පිටි , කොන්ෆ්ලවර් හා ජේලටීන් මිශ්‍රණ පිළියෙළ කරගන්න.

  1. යොදය සහිත කිරි පිටි මේස හැඳි 04 ට උණු ජලය අඬු කෝප්ප 01 ක් දමා කැටි නොගැසෙන සේ හොඳින් දියකර ගන්න.
  2. කොන්ෆ්ල්වර් හෝ කස්ටඩ් පව්ඩර් මේස හැඳි 02 ඇල් ජලය අඬු කෝප්ප 1/4 ක දිය කර ගන්න. 
  3. උණු ජලය අඬු කෝප්ප 1/4 ක ජෙලටින් දියකර ගන්න.
  • මී කිරි හෝ එළකිරි ලීටර් 1 ක පිරිසිදු කරගත් භාජනයකට වත්කර ලිප තබා හැඳිගාමින් මඳ ගින්නේ රත් කරන්න. ( මෙහිදී කිරිවල අඩංගු ජලය යම් ප්‍රමාණයක් ඉවත් වි කිරි උකු බවට පත් වේ.)
  • සාමාන්‍ය තරමට ( සෙ.ග්‍රේ. 40 ) උණුසුම්ව පවතින කිරි වලට සීනී ග්‍රෑම් 200 දමා හොඳින් හැඳි ගාමින් රථ කරන්න.
  • කලින් දියකර ගත් යොදය සහිත කිරිපිටි මිශ්‍රණය උණු වෙමින් පවතින කිරි වලට එකතු කරන්න.
  • කලින් දියකර ගත් කොන්ෆ්ලවර් හෝ කස්ටඩ් පවුඩර් මේස හැඳි 02 උණු වෙමින් පවතින කිරි වලට එක් කරමින් නොනවත්වා හැඳි ගාන්න.
  • දැන් කිරි මිශ්‍රණය තරමක් උකුගතිය දැනෙන තෙක් රත් කිරීමෙන් පසු ලිපෙන් ඉවත් කර කලින් දියකර ගත් ජෙලටින් ද එයට මිශ්‍ර කර නිවෙන්නට තබන්න.
  • සාමාන්‍ය උෂ්ණත්වයට (සෙ.ග්‍රේ. 38 ) නිවුණු පසු රසකාරක හා වර්ණක ඊට එක් කරන්න.
  • ඉන්පසු කිරි මිශ්‍රණය කාමර උෂ්ණත්වයට සිසිල් වූ පසුව පැතලි නොගැඹුරු බඳුනකට දමා විනාඩි 5ක් පෙන නගින තුරු හොඳින් ගසා ( බීටරයක් මගින් ) අධි ශීතකරණයේ තබන්න.ඉන්පසු පැය දෙකකින් ice cream මිශ්‍රණය අධිශීතකරණයෙන් ඉවතට ගෙන විනාඩි 5ක් නවතත් හොඳින් ගසන්න. මෙලෙස පැය 02 කින් දෙකට හතර වාරයක් පමණ ice cream හොඳින් ගසා අධිශීතකරණයේ තබන්න.
  • මෙලෙස සකස් කර ගත් ice cream වල රසය හා ගුණය වැඩි කිරීම සඳහා කජු, මුද්දරස්පලම් වැනි දෑ එකතු කල හැකිය.
  • මනා අන්දමින් පිළියෙළ කළ ice cream අධිශීතකරණයේ පැය 6-8 අතර කාලයක් තැන්පත් කල විට ආවේණික සුවඳකින් යුක්ත වනු ඇත.

Comments