ගූගල් ප්‍රොජෙක්ට් ග්ලාස්




සිරුරේ පැලදගෙන යන්න පුලුවන් අමුතු අමුතු ගැජට් කෑලි අපේ යාලුවෝ ගාව ඇතිනේ. අපි කෙලින්ම කතාවට බහිමු.  ගූගල් ප්‍රොජෙල්ට් ග්ලාස්. මේක විශේෂයෙන් විස්තර කියන්න ඕන අමුතු භාණ්ඩයක්. මෙය මූලීක වශයෙන් ගත් විට අධ්තාක්ෂනික ඇස් පලදනාවකි. මේ ඇස් පලදනාව පිටතින් පේන්නේ ඍජුකෝණාස්‍රාකාර වීදුරු කැටයක්ද, ඊට කිට්ටුවෙන් සවි කරන ලද කැමරා කාචයක්ද සහිත ජේත්තුකාර උපකරණයක් ලෙසය. එය සාමාන්‍ය ඇස් කන්නාඩි යුගලක් මෙන් පලදාගෙන සිටින විට ඕන නම් වීදුරු කැටය හරහාත් බලන්නට පුලුවන. එතකොට සාමාන්‍ය වටපිටාවේ ඇති දේවල් පසුබිම සේ පිහිටන හෙවත් විනිවිද පෙනෙන දැවැන්ත ස්ක්‍රීන් එකක් පෙනේ. එහි නොයෙක් අයිකන පෙනෙන්නට තියෙනවා. මෙම ස්ක්‍රීනය හරියට ටච් ස්ක්‍රීනයක් මෙනි. එහෙත් සක්‍රිය කරන්නේ ඇගිල්ලෙන් නොව ඇස් බැල්මෙනි. මෙම ටච් ස්ක්‍රීනයෙන් පෙන්නන ඩෙස්ක්ටොප් එක ගූගල් සේවා ඇසුරෙන් නිමවා තිබේ. මේක ගැන විස්තර කියවනකොටම මේක වැඩ ක්‍රියාත්මක වෙන්නේ රැහැන් රහිත ක්‍රමයට කියල ඔයාලට තේරෙනව ඇතිනේ.
බ්ලූටුත් තාක්ශනය මුලටම එනු ඇත්තේ සිරුරේ පලදා තියෙන නොයෙක් උපකරණ අතර  සන්නිවේදන ගොඩ නගන්න පුලුවන් හොදම ක්‍රමය බ්ලූටුත් තාක්ෂණය හින්ද..... කෙටි දුරක දත්ත හුවමාරු කරන්න  බ්ලූටූත් තරම් හොද එකක් නැහැ. ඔරලෝසු වගේ සිරුරේ පැලදගෙන යන්න පුලුවන් සෞක්‍ය වාර්තා දෙන උපකරණ වෙලදාමද මේ දවස් වල නැගලා යනවා.. රුධිර පීඩනය, රුධිරයේ රසායනික සන්යුතිය, වගේ දේවල් නිතරම මැන බලන තාක්ෂණික මෙවලම් පැලදීමට වැඩි දෙනෙක් යොමු වෙලා තියෙනවා.  ඔන්න අදත් ඔයාලගේ ජීවිතේට අලුත් දෙයක් අරන් මම ආවා. එහෙනම් අපි යන්නම්.!! සැමට ජය!!!!

Comments