.jpg)
හායි ...... හායි.... මගේ හිත මිතුරු යාලුවනේ.... ඔන්න මම අලුත් කෑම වර්ගයක් හදන විදිහ අරගෙන අවා.. දන්නවද ඒ මොනවද කියලා.. අහ්! කියන්න බලන්න පුලුවන්නම්... හි හි හි... මේ තමයි.... “Mix Fruit Cake” ඔයාල කැමති නේද ඒවා හදන හැටි දැනගන්න? කියන කොටත් කටට කෙල උනනවා වගේ නේද? හි හි.. ඉතින් යාලුවනේ අපි බලමු මේ Cake එක හදන්න මොනවද ඕනේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනී 250 g
- පිටි 250 g
- මාගරින් 250 g
- බිත්තර 03
- බේකින් පවුඩර් තේ හැඳි 02
- මිශ්‍ර පලතුරු 150 g ( මේ සඳහා වියලි මිදි 25 g, චෙරි 25 g, රට ඉඳි 25 g, පුලුල් දෝසි 50 g, කජු 25 g, )
- මිශ්‍ර කුළු බඩු තේ හැඳි ½
- දෙහි පොතු තේ හැඳි ½
- ස්ට්‍රෝබෙරි එසෙන්ස් බින්දු 02
- අන්නාසි එසෙන්ස් බින්දු 02
මෙන්න මේ දේවල් තමයි අපිට මේ Mix Fruit
Cake එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් දැන් මේ ද්‍රව්‍ය
ටික සුදානම් කරගෙන අපි බලමු මේ Cake එක හදාගන්නේ
කොහොමද කියලා.
මුලින්ම
අපි පලතුරු ටික කුඩා කොටස් වලට කපාගන්න ඕනේ. ඊටපස්සේ මේ කුඩාවට කපාගත්තා පලතුරු
ටික අපි පිටි ස්වල්පයකට එකතු කරලා මිශ්‍ර කරගන්න ඕනේ. ඉන්න පසුව ඒ පලතුරු ටික මදකට
පසෙකින් තබා ගන්න.
ඉන්
පසුව වෙනත් බඳුනක් ගෙන සීනී හා මාගරින් දමා හොඳින් ගස ගන්න ඕනේ. පසුව එයට බිත්තරය
බැගින් දමමින් හොඳින් ගස ගන්න ඕනේ කැටි නොගැසෙන සේ. පසුව එයට පිටි ටික ටික දමා
හොදින් මිශ්‍ර කරගන්න ඕනේ. එය හොඳින් මිශ්‍ර කරගැනීමෙන් පසුව දෙහි පොතු ටික ද, මිශ්‍ර
කුළුබඩු ස්වල්පයද එකතු කරගන්න ඕනේ. ඉන් පසු අපි අර මුලින් හදාගත්ත පලතුරු ටික ද, ස්ට්‍රෝබෙරි
හා අන්නාසි එසෙන්ස් ටිකද මෙයට එකතු කර හොඳින් කලවම් කරගන්න ඕනේ.
හරි දැන් ම්ශ්‍රනය හදාගෙන ඉවරයි.. දැන් මේ මිශ්‍රණය
තැටියකට දමා එම මිශ්‍රණය උඩින් කජු හා චෙරිස් ඉසගන්න. පසුව oven එකේ සෙන්ටිග්‍රේට් අංශක 175 උෂ්ණත්වයෙහි විනාඩි 45 ක්
බේක් කරගන්න.
ඔන්න
ඉතින් දැන් Cake එක හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. කොහොමද
රස නහර පින යනවා නේද?
ඉතින් යාලුවනේ මම තවත් දවසක මේ වගේ රසම රස
ආහාරවේලක් අරගෙන SLK වෙත එන්නම් මම රාධිකා සෙව්වන්දි.
Comments