අපි PHP ඉගෙන ගමු 04 (VERIABLE)



VARIABLE එහෙමත් නැත්තන් සුද්ද සිංහලෙන් කිව්වොත් විචල්‍ය හැම පරිගනක භාෂාවකම තියෙනව. මේක හරියට අපි O/L කාලේ කොහෙවත් නැති ඉංග්‍රීසි අකුරකට අංකයක් ආදේශ කරගෙන ගනන් හදනව වගේ වැඩක්.

X = 2
Y = 3
X + Y = 5

ඇත්තටම අපිට සමහර වෙලාවට Variable ගොඩාක් වැදගත් වෙනව. මේ පහත උදාහරනය අත්හදා බලන්න.

<?php
echo 1 + 2;
?>

OUTPUT = 3

මේ උදාහරනය ඔයා අත්හදා බැලුවනම් Output එක විදිහට  "3" ලැබෙයි. ඒක සිය වතාවක් RUN කලත් ලැබෙන්නේ ඉතින් "3" ම තමයි. එතනින් එහාට මුකුත්ම එන්නේ නෑ.. නමුත් අපිට බොහෝවෙලාවට සිද්ද වෙනව මේවායේ අගයන් වෙනස් කරන්න සහ ඒ තුලින් වෙනස්ම පිලිතුරක් ලබා ගන්න. විචල්‍ය වැදගත් වෙන්නේ ආන්න ඒ වෙලාවට තමයි. අපි තව ඉදිරියට යමු එහෙනම්.



පේනව නේද මේ Image එක ඔයාලට. හොදට බලන්න. වම් පැත්තේ තියෙන්නේ සාමානය ආකාරයට ලියපු ගානක්. ඒක තේරෙනවනේ. දකුනු පැත්තේ තියෙන්නේ ඒ ගානම PHP වලින් කරන හැටි. මට මෙතන කියන්න වැදගත්ම දේ තමයි මෙතනදි මම ඩොලර් ලකුන "$" සමග මම X සහ Y යොදා ගෙන තියෙනව. මේ තමා මම මෙතැනදී යොදා ගත්තු වෙරියබල් 2ක. 

$X වෙනුවට ඕනේ නම් $cat , $patiyo :P උනත් යොදන්න පුලුවන්. සරලව කිව්වොත්

$+ කැමති නමක්

තේරුනා නේ.

ඔන්න මම Notepad++ Open කරල මෙන්න මේ විදිහට ලියනව.



ඊට පස්සේ Wamp Server එක මගින් ඒක Run කරනව. දැන් ඉතින් ඒ පියවර ටික කියල දෙන්න යන්නේ නෑ.


මේ පහත උදාහර ටිකත් අත්හදා බලන්න. ඔයාට හොද අවබෝදයක් ලැබෙයි PHP තුල විචල්‍ය භාවිතා කරන අන්දම ගැන.

Test 1

<?php
$x = 2;
$y = 3;
$Z
$Z = $x + $y;
echo $z;
?>

Test 2

<?php
$txt="Hello world!";
$x=5;
$y=10.5;

echo $txt;
echo "<br>";
echo $x;
echo "<br>";
echo $y;
?>

ඉතින් යාලුවනේ ඔන්න ඉතාම සරලව මේ විචල්‍ය සම්බන්දව කියල දුන්න. අද පාඩම ටිකක් කම්මැලි හිතුනට කමක් නෑ. මේ පාඩම ඉදිරි හැම පාඩමකටම වැදගත් වෙන නිසයි ලිව්වෙ. එහෙනම් යාලුවනේ. මම තවත් ඔයාලට වද දෙන්නේ නෑ.. 
ඔයාලට ජය!


Comments