යන එන තැන අහගන්නට මෙන්න නියම මන්තරේ............

කාටත් නොමිලේ ම ඩවුන්ලෝඩ් කරගෙන අන්තර්ජාල සම්බන්දතාවය නැති උනත් පාවිච්චි කරන්න පුලුවන්  සිතියම් සේවයක් නොකියා වලින් දෙනවනේ..... ඒකෙ නම තමයි හියර් මප්ස්. සමහරු නම් මේක ගැන දන්නවත් ඇති.  පාරෙ යන කොට ඊට කලින් ඔයා හිටපු තැන හරි බලාගන්න පුලුවන් ජන්ගම දුරකතන ඔයා ගාවත් ඇති නේ.....
අපි කවුරුත් දන්නව, ඇපල් උපාන්ග එක්ක වෙනම ඇප් තියෙනවා. වින්ඩොස් උපාන්ග එක්ක බින්ග් මැප්ස් තියෙනවා. මේ විදියට නොකියා වලට කලින් තිබුනෙ නොකිය මැප්ස්...  2011 දී මේ නොකියා මැප්ස් සේවය ආවෙ කලින් තිබුන ඔවි මැප්ස් වෙනුවට.... දැන් නොකියා මැප්ස් වත් නැහැ....
2012 නොවැම්බර් මාසේදී තමයි හියර් මැප්ස් ආවේ....
    මේ හියර් මැප්ස් එක නොකියා වලට විතරක් නෙවෙයි.. ඇප්ල් අයිඕස් තියෙන අයිෆෝන් වලට අයිපෑඩ් වලදීත්, වින්ඩොස් ෆෝන් වලදීත්, සිම්බියන් ෆයර් ෆොක්ස්, අන්ඩ්‍රොයිඩ් කියන ඕනෙම  එකකදී බාවිතා කරන්න පුලවන්....
මේ විදියට ලෝකෙ සිතියම් සේව 6 ක් තියෙන්වා....
1. ගූගල් මැප්ස්
2.යාහූ මැප්ස්
3. බින්ග් මැප්ස්
4. මැප් ක්වෙස්ට්
5. ඕපන් ස්ට්‍රීට් මැප්  
6.හියර් මැප්ස්.  

යනු ඒවායි....
         
              ඒවා අතරින් ගූගල් මැප්ස් හැර අනිත් ඒවාට සිතියම් සපයන ඇමරිකානු සමාගමක් තියෙනවා... නිව්ටෙක් කියන ඒ සමාගම නොකියා සමාගමටම අයත් එකක්. ඒක නිසා නොකියා සමාගමට සතු අද්විතීයය ගුනාන්ග රැසක් තියෙනවා...  සිතියම් මාර්ගය පෙන්වන විට ඒ හඬ නගා කියන එකම සිතියම් සේවය හියර් මැප්ස්ය... රටවල් 74ක භාවිතා වෙන භාෂා 46කින් තමයි මේ මග පෙන්වීම කරන්නෙ.......... ලෝකයේ රටවල් 180 ක විස්තරාත්මක සිතියම් දෙන හියර් මැප්ස් අන්ශයේ සේවකයෝ 6400 කට ආසන්න පිරිසක් ඉන්නවා... ඉන්දියාවේ, මෙක්සිකෝවේ සහ ඇමරිකාවේ පිහිටවල තියෙන ශාඛා ඔක්කොම මෙහෙයවන්නෙ ෆින් ලන්තයේ තියෙන මවු සමාගම විසින්..   දවසකට  සිතියම් අලුත් කිරීම් 240000 ක් හියර් මැප්ස් වෙත එක් කරනවා.  සිතියම් තනන්නට මේ තොරතුරු දෙන නියෝජිතයො දහස් ගනනක් ලෝකය පුරාඅ විසිරිලා පැතිරිලා ඉන්නවා.. ඊට අමතරව දත්ත රැස් කිරීමේ අධ්තාක්ෂනික මෙවලම් සහිත වාහන 300ක් පමණ ලෝකය පුරා පාරවල් වල සැරිසරණවා..  ඒ වගේම ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයගේද තොරතුරු රැස් කරගන්නවා..   මේක හින්දා අනෙක් සියලුම සිතියම් සේවා වලට වඩා හියර් මැප්ස් සිතියම් සේවාව මගින් සපයන සිතියම් වඩා නිවැරදි විස්තරාත්මක ඒවාය........




  මෙන්න ඕන අය ඩවුන්ලෝඩ් කරගන්න....
                                 1. Symbian Users Click Here..........
                       2. Android Users Click Here



Bye friends..... Only from Schoollk. HaVe a nIcE dAy...

Comments