Schoollk Blog අඩවිය සියක් දහසක් නැරබූ වගයි


2011 දී පොඩියට බ්ලොග් එකක් ලියන්න හිතුන, ඉතින් හා හා පුරා කියල දන්න දේ දන්න සිංහලෙන් ලියන් ගියා.. මගේ දැනුම,මටම ආවේනික ක්‍රමයකට මම බ්ලොග් එක හරහා ලබා දුන්නා. ඒ නිසා ගොඩක් අය මගේ පාඩම් වලට ගොඩක් ආස කලා. කාලෙන් කාලෙට බ්ලොග් එකේ නම වෙනස් උනා. අවසානයේ නතර උනේ අද ඔයාල අපි කවෘත් දන්න කියන Schoollk Blog කියන නමින්. ඉතින් කියන්න සතු‍ටුයි ඇත්තටම ලක්ෂයක් දෙනා ගොඩ වැදුන මේ බ්ලොග් එකෙන් මම හිතනට රටට සමාජයට පුංචියට හරි දෙයක් ලැබෙන්න ඇති කියල.

ඇත්තටම බ්ලොග් කෙරුවාව ලේසි පහසු නෑ.. මොකද, නිරන්තරයෙන් අපිට ලිපි ලියන්න තරම් කාලයක් දැන් ඉස්සර තරම් සෙට් වෙන්නේ නැති නිසා. එහෙම උනත් මගේ බ්ලොග් එකේ ට්‍රැ‍ෆික් එක කවදාවත් බැස්සේ නෑ.. හැමදාම මගේ බ්ලොග් එක නරබන ගානක් තියෙනව.. කවද මම බ්ලොග් එකට ආවත් ඒ ගාන එතැනම හෝ ඊට වැඩි උනා මිසක් අඩු වෙලා නෑ.. මොකද Schoollk බ්ලොග් අඩවියේ ලිපි ඇවිත් ඉගෙන ගන්න පුලුවන් දෙයක් තමයි ලබා දෙන්නේ.. අනුන්ගේ ඕපා දූප කියල, බ්ලොග් එකක් කරන් යන්න අපිට ඕනේ නෑ.. මොකද මම කිසිම දවසක හිස් කතාවක් ලියල, මගේ වටිනා කාලය අපතේ යවා ගන්න කැමති නෑ.. ඕපා දූපයක් කියවන්නේ එක වරයි. ඒක කියෙව්වට පස්සේ ඒ ලිපියේ වටිනා කම බිංදුවයි. නමුත් ඉගෙන ගන්න කරුනක් ඇතුලත් කරපු ලිපියක් අද නරබපු කෙනාට තවත් බොහෝ කාලයකට පස්සෙත් ඕන වෙන්න පුලුවන්. ඒ නිසා අර්තවත් දේවල් විතරක් බ්ලොග් එකේ ලියනව.

සමහරු මගෙන් අහල තියෙනව ඔය බ්ලොග් ලියල උබට මොනාද ලැබුනේ කියල. බ්ලොග් ලියල ඇඩ් සෙන්ස් දාල ඇඩ් ෆලයි දාල සල්ලි හොයන්න මට ඕනේ නෑ.. මම පරිගනක අංශයේ හොද ‍රැකියාවක් කරනව. මට ඒ වැ‍ටුප හොදටම ඇති. නමුත් මම විටින් විට එහෙම සල්ලි හොයන්න උත්සහ කලත් තේරුන දේ තමා ඒව නිකන් අපිව අන්දන්න කරන වැඩ කියල.. Ad 1000 ක් Click කරල රුපියලක් හම්බ කරන්න ඕනේ නෑ.. ඒ නිකන් ලැබෙන රුපියලට වඩා මම හිතන්නේ මගේ රුපියල හොයන්න මම කී දෙනෙක්ගේ කාලය නිකරුනේ කා දමනවද කියන එකයි. ඒ නිසා මගේ බ්ලොග් එකේ කිසිම ලින්ක් එකකට මම Add fly දාල නෑ.. නමුත් එහෙම දෙයක් තිබ්බොත් මාව දැනුවත් කරන්න.. මොකද මම උත්සහ කල කාලයේ අවශේෂ තාමත් ඉතුරු වෙලා ඇති...

මේ බ්ලොග් කෙරුවාව නිසා මට හොද යාලුවො සෙට් එකක් ලැබුන.. ඒ ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. ආරම්භයේදී මගේ බ්ලොග් එක මම තනියෙම කරන් ගියාට මේ වෙනකොට මා ඇතුලු සාමාජික සාමාජිකාවන් 6ක් මගේ බ්ලොග් එකට ලිපි ලියනව, වයස් බේදයක් නෑ, ස්ත්‍රී පුරුෂ බේදයකුත් නෑ.. වැරදියට වටහ ගන්න එපා, Schoollk කියන්නේ හුදෙක් තාක්ෂනික ලිපි පමනක් පල කරන බ්ලොග් අඩවියක් කියල.. ඉගෙන ගන්න පුලුවන් ඕනෑම දෙයක් අපි පල කරන්න පසුබට වෙන්නේ නෑ.. ඉතින් මේ ලිපිය ලියන මොහොතේ කියන්න සතු‍ටුයි අපේ බ්ලොග් එකෙන් ඔයාලට ලිපි 195ක් දීල තියෙන වග.. 

අවසාන වශයෙන් මම ස්තූතිවන්ත වෙනව මගේ බ්ලොග් එකට නිතර එන යන ඔයාලට. විවේචනය කරන්න අපිව, බනින්න අපිට, හොදක් දැක්කොත් අගයන්න ඔය ඕන දේකට Schoollk අපි ඔට්‍ටුයි. ඔබට ජය!


Comments