Windows 10 එළිදකී



Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවකදී නවතම Windows මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නා. මෙහිදී Windows 9 මෙහෙයුම් පද්ධතිය වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ.

කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම සුදුසු නැතිබවයි පැවසෙන්නේ. මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි.

ඒ වගේම මෙය Windows මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි. එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි.


Comments