ඉබේ නැවෙන කඩදාසි රොබෝ


හාවඩ් සරසවියේ ඉංජිනේරුවන් පිරිසක් විසින් හරිම අපූරු තාක්ශනයක් සොයාගෙන.  මේක හරියට ඔරිගාමි කලාව වගේමයි. ඔරිගාමි වලදී කොල කෑල්ලක් අරන් නමල නමල එක එක සත්තු හදනව උනාට මේ තාක්ශනයේදී සිදුවෙන්නේ කොල කෑල්ල ඉබේම නැවිල අදාල වස්තුව නිර්මානය කර ගැනීම. 
මෙහිදී ස්වයං නැවීමක් සිදුවෙන්නේ විශේෂ අමුද්‍රව්‍යක් මගින්. මේ අමුද්‍රව්‍ය රත් වූ විට එහි ප්‍රමාණය අඩු වෙනව. ඉතින් රත්වීම සිදුකිරීම සදහා ඉතා කුඩා විදුලියක් හොදටම ප්‍රමාණවත්. මේ අමුද්‍රවය අදාල කඩදාසියේ නැවුම් රේකා වලට සම්බන්ද කරල විදුලිය දුන්නම නැවීමක් සිදුවෙනව.

තවමත් ප්‍රාථමික මට්ටමේ තියෙන මේ තාක්ෂනය ඉදිරියේදි වැඩිදියුනු උනොත් උපකරන වල විවිද චලනයන් සිදුකර ගැනීමට දැනට භාවිතා කරන මෝටර් යාන්ත්‍රනය , වැකුම් තාක්ශනය වගේ සංකීර්න යාන්ත්‍රික තාක්ශනයකට යන්නේ නැතුව සරල මෙටීරියල් එකක් භාවිතා කරල විවිද චලනයන් සිදුකරන්න පුලුවන් වේවි.

Comments