පෙන් ඩ්‍රයිව් එකේ ෆයිල්ස් හයිඩ් අන්හයිඩ් කරන්න දේශීය නිෂ්පාදනයක්

කාලෙකට පස්සේ තමා බ්ලොගිය පැත්ත එන්න උනේ. වෙලාවක් නැනේ ඉස්සර වගේ අප්පා කාලෙකින් අපු එකේ නිකන් අවේ නැ ටිකක් වැඩිපුර  මහන්සි වෙලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදලා එකත් අරන් ආවා.   මම කතාවට බහින්නම්කො එහෙනම් යාලුවනේ. ඔයාල දන්නවද skypee , nfc.vbs , new folder.exe   වගේ වයිරස් ගැන එහෙමත් නැත්තම් මාල්වෙයාර් ප්‍රෝග්‍රෑම් ගැන මේ වගේ  වයිරස් ආසාධනය උන පරිගණක පෙන් ඩ්‍රයිව් හරහා ඒ වයිරස් එක පතුරවනවා කොටින් කිවොත් බෝ කරනවා. මේකට මුල් වෙන  මාල්වෙයාර් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක් ආසාධිත පරිගණකය සමග සම්බන්ධ උන විගසම පෙන් ඩ්‍රයිව් එකේ තියන දත්ත සියල්ල අදෘශ්‍යමාන (hide) වෙලා shotcut ෆයිල් වගයක් පෙන් ඩ්‍රයිව් එක තුල ස්ථාපිත වෙනවා.

 

 


මේ shortcut ෆයිල් එකක් open කරන්න උත්සහ දරනකොට shortcut ෆයිල් එක හරහා open වෙන්නේ පෙන් ඩ්‍රයිව් එකට copy වෙලා hide වෙලා තියන මාල්වෙයාර් ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ඉතින් මාල්වෙයාර්  එක ප්‍රෝග්‍රෑම් කරලා තියන විදියට තමා වැඩ සිද්ද වෙන්නේ. මම කිව්වේ ඔයාගේ දත්ත සියල්ල අදෘශ්‍යමාන වෙනවා කියලා අන්න එක සිද්ද වෙන්නේ cmd  එක හරහා  එක නිසා folder option ගිහින් view කරාට හරියට view වෙන්නේ නැ. අන්න එකට විසඳුමක් තමා මම අද අරන් අවේ මේක නිර්මාණය කරන්න  චින්තක අයියත් එක්ක කතා කරලා අදහස් අරගෙන ටිකක් මහන්සි වෙන්න උනා ඉතින් හා හා පුරා කියලා සාර්ථක ප්‍රෝග්‍රෑම් එකක් විදියට එලියට දාන්න පුළුවන් උන එක ගැන චුටි පහේ අමුතු සතුටක් තියෙන්නේ.  VB 6 භාවිතා කරලා හදපු නිසා ලස්සන User interface   එකක්නම්  නැ. .නෙට් ෆාර්ම්වක්  වගේ සොෆ්ට්වෙයාර්  ඕනේ වෙන්නෙත් නැ. චුටි චුටි bugs ඇති ඒවුනාට වැඩක් ගන්න පුළුවන් මට්ටමේ තියනවා. තව එකක් මේකෙන් කලින් කියපු විදියට hide උන ෆයිල් unhide කරන්න පුළුවන් වගේම hide කරන්නත් පුළුවන් තව පම්පෝරි ඕනේ නැ සොෆ්ට්වෙයාර්  එක බා ගන්න . ඉස්සරහට පුළුවන් උනොත් update එකක් දෙන්නම්කො bugs fix කරලා.
file:///C:/Users/shan/Downloads/Setup_USB_tool_by_kristi.htm

Comments