SRT උපසිරසක් IDX වලට හරවමුද


අද මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක නම් ගොඩාක් වැදගත් වෙන්න පුලුවන්. මම දන්නව ඔයාල ඉංග්‍රීසි චිත්‍රපට සිංහල උපසිරසත් දාගෙනම බලන්න කැමති ඇති. ඉතින් පරිගනකයක බලන අවස්තාවලදි නම් අව්ලක් නෑ. නමුත් ඔයාගේ DVD Player එකෙන්, USB හරහා LCD TV එකෙන් සිංහල උපසිරස සමග චිත්‍රපටි නරබන්න යනකොට, ඒවා හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.

මේකට හේතුවක් තියෙනව. සාමාන්යෙන් බයිස්කෝප් සයිට් එකේ තියෙන උප සිරසවල් තමා ලංකාවේ බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ. එයාල Provide කරන්නේ SRT කියන Subtitle Format එක. මේ Format එක වැඩ කරන්න නම් අදාල Subtitle එක Play වෙන Device එකේ සිංහල සහය දක්වන Font එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ ගැටලුව පරිගනක වල නම් බොහෝ දුරට මග හැරෙනව. නමුත් සමහර Android Device වල වගේම අර මම ඉස්සර කියපු Device වලත් මේ  කියන අඩු පාඩුව කියනව. සරලව කිව්වොත් සිංහල සහය දක්වන්නේ නෑ. ඉතින් මේකට විසදුමක් තියෙනව. ඒ තමා SRT කියන Format එක IDX Format එකට හරවන එක. එතනදි වෙන්නේ සියලුම අකුරු, කුඩා Bitmap Image වලට හරවන එක. 

ඉතින් මේ වීඩියෝ එකේ මම ඉතා පැහැදිලිව ඒ පිලිබදව කියල දීල තියෙනව. ඉතින් බලල ඔයාලත් Try කරල බලන්න.






 වීඩියෝ එකට අදාල භාගත කල යුතු අත්‍යවශය Tools මේ සමගම එකතු කර ඇත.

Download: 
https://drive.google.com/uc?export=download&id=0B-X3quPFbnWIS2tSY0FCWEZ3RWs

Download Sinhala Unicode Font: 
https://drive.google.com/uc?export=download&id=0B-X3quPFbnWIODduYU01Zm40MWs

Comments