IDM වලට නොදෙවෙනි EagleGet

ගොඩක් අය File Download කරන අවස්තාවන් වඩාත් කාර්යක්ශම කර ගන්න Download Manager වැඩසටහනක් යොදා ගන්නව. ඒ අතරින් Internet Downloader Manager එහෙමත් නැත්තන් බොහෝ දෙනෙක් හදුනන IDM වැඩසටහන ඉදිරියෙන් ඉන්නව. නමුත් මෙම වැඩසටහන නිකන් නම් ලැබෙන්නේ නෑ. සල්ලි දීල ගන්න ඕනේ. ඉතින් Crack Pach දාල හොරට Software පාවිච්චි කරන්නේ මොකටද. අද මම කියන්න යන්නේ IDM වෙනුවට යොදා ගන්න පුලුවන් ඒ හා සමාන වැඩසටහනක්. ඒ තමා Eagle Get

Eagle Get සම්පූර්නයෙන්ම නොමිලේ දෙන්නේ. ඒ නිසා කෙලින්ම Official Web Site එකෙන් Direct Download කරගන්න පුලුවන්. සරලව කිව්වොත් Virus Free .  මම මුලදිම කිව්ව නේද EagleGet කියන්නේ IDM වලට නොදෙවෙනි වැඩසටහනක් කියල. නෑ, මම කියනව නිකන් දුන්නත් IDM වලට වඩා බොහොම PowerFull කියල. 

Features


Increase Download Speed Greatly

Download වේගය වැඩි කරන්න EagleGet භාවිතා කරනව හරි අපූරු තාක්ශනයක්. ඒ තමා multi-threaded technology එක. මෙතනදි කරන්නේ ඔයා Download කරන File එක කුඩා කොටස් වලට කඩලා වෙන වෙනම ඒකක කාලයක් තුල ක්‍රමානුකූලව Download කරන එක. හරියට ලොකු කැට සීනි වලට වඩා කුඩා සීනි ඇට දියවෙන වේගය වැඩියි වගේ. මේ ක්‍රමය උපයෝගී කරගෙන සාමාන්‍ය Download කිරීමකට වඩා 6 ගුනයක් වේගවත් කරගන්න පුලුවන් කියල ඒ අය කියනව.

Schedule and Manage Downloading Jobs Smartly

කාලසටහනකට සහ ප්‍රමුකතා අනුපිලිවලකින් Download කරන්නත් ඔයාට පුලුවන්. මේ Features එක IDM වලත් තිබ්බ. මෙමගින් එකම වෙලාවේ Files කීපයක් Download කරන වෙලාවට මොනාද ඉක්මනට Download කරන්න ඔනේ වගේ දේවල් අපිට කල් තියා තීරනය කරන්න පුලුවන්.



Automatic Refresh Expired Download Address

සමහර වෙලාවට Download කරන කොට Internet Connection එක නැතුව ගියොත් ආයෙත් මුල ඉදන් Download කරන්න වෙනවනේ. එහෙම උනොත් ඉතින් ඔයාගේ කාලයයි මුදලුයි වතුරේ. නමුත් එහෙම වෙන්නේ නෑ. EagleGet වලට පුලුවන් කල් ඉකුත් වෙච්ච Link නැවතුන තැනින් පටන් ගන්න. EagleGet තමා මේ හැකියාව සහිතව මුලින්ම ලෝකයේ නොමිලේ දෙන වැඩසටහන කියලත් මම කියන්න කැමතියි. (නමුත් මේ Features එක IDM තරම් නම් සාර්තක නෑ කියල සමහර තැන් වලදි මට තේරුනා.)



Support All Popular Browsers

EagleGet දැනට ලොකයේ ප්‍රචලිත Web Browses සියල්ලන්ගෙම පාහේ කිසිම අපහසුවකින් තොරව වැඩ කරනව. Chrome, Firefox, Opera and IE. ඒ නිසා ඔයා භාවිතා කරන්නේ මොන Web Browser එකද කියල දැන් වද වෙන්න ඕනේ නෑ.


Download Audio and HD Videos from ANY Websites

EagleGet ස්වයංක්‍රීයව හදුනා ගන්නව Audio සහ Video File ඕනෑම වෙබ් පි‍ටුවක අන්තර්ගත කරල තියෙන. දැන් ඔයාට පුලුවන් Video File HD ආකාරයට Download කර ගන්න ( Chrome, Firefox, Opera or IE)




Convert Web Videos to Multiple Formats

ඔයාට HD Qulity Video විතරක්ම නෙමේ මේ ඔස්සේ Download කරන්න පුලුවන්. ඔයාගේ ජංගම දුරකතනයට ගැලපෙන ආකාරයට, iPhone එකට ගැලපෙන විදිහට බහු සැකසුම් ‍රැසක් ඔස්සේ අදාල ගොනුව තනිව හෝ කන්ඩායම් වශයෙන් Convert කරගන්නත් දැන් පුලුවන්.


Automatic Malware Checker & File Integrity Verifier

EagleGet සැමවිටම ඔබගේ ආරක්ශාව ගැන සොයා බලනව. ඔයා Download කරන File එක මොන ජාතියක එකක් උනත් ඒ තුල සැගවී පැමිනෙන Malware ආදී Virus කල්තියාම හදුනා ගන්නත් ඔයා Download කරන File එක හොද තත්වයෙන් නැතුව Corrupt වෙච්ච File එකක්ද යන්න ආදිය කල් තියා Verify කරන්න පුලුවන්.



Customizable User Interface

Customize කරන්න පුලුවන් User Interface එකක් තිබීමත් විශේෂත්වයක්. මේ හැකියාව IDM වලට නෑ. EG වලටම අනන්‍ය වූ Skin කීපයක් තියෙනව. ඉන් කැමති එකක් ඔයාට ‍තෝරා ගන්න පුලුවන්.


Flexible Notification Configurations & Silent Mode

EagleGet provides you multiple ways to get informed about the downloads. The featured Silent Mode can temporarily turn off all notifications to let you enjoy staying with a full-screen application or PC game.


Multi Language Support

EagleGet is translated into more than 30 languages, including Arabic, Chinese, French, German, Greek, Italian, Indonesian, Japanese, Malay, Polish, Portuguese, Russian, Romanian, Spanish, Turkish, Vietnamese…


Freeware Offers Smoothest Experience Ever

EagleGet’s well-designed interface and functionality will help you do more with doing less, maximize your productivity. Best of all, EagleGet is completely free.

ඉතින් EagleGet මමත් දැන් කාලයක් තිස්සෙ පාවිච්චි කරන නිසා ඒකේ හොද නරක සියල්ල අත් විදල තියෙනව. සහතික කරල කියන්න පුලුවන් සාමාන්‍ය එදිනෙදා වැඩ වලට මේක නම් හොදටම ඇති. 




Comments