මොකක්ද මේ Codec-Pack කියල කියන්නේ



පසුගිය දවසක FB එකෙන් කෙනෙක් අහපු නිසයි මම අද මේ Post එක දාන්න හිතුවේ.

ගොඩක් අය භාවිතා කරන Player එකක් තමා K-Lite codec player එක. සමහරු මේකට කියන්නේ "එක දෙක තුන ප්ලෙයර්" එක කියල. හරිම Classic Look එකක් තියෙන නිසා බොහෝ දෙනෙක් මේකට ලොකු කැමත්තක් නෑ. නමුත් ඉතා සරලව Codec ගැන කියල දෙන්නයි මම දැන් යන්නේ.

වීඩියෝ එකක් කියල කියන්නේ image සහ audio ගොනුවක සම්මිශ්‍රනයක් කියල හිතා ගන්න. මේ දෙකම එක File එකකට පරිවතනය කිරීම අපි කියනව Encode (කේතකරනීය) කරනව කියල. එතකොට මෙහෙම Encoding කරපු File එකක් ආපස්සට දත්ත ලබා ගැනීම Decoding (විකේතනය) කියල හදුන්වනව. Encode කරපු දත්තයක් Decode කරන්න භාවිතා කරනව program එකක් codec කියල. ඒකට පුලුවන් කමක් තියෙනව වේගයෙන් දත්ත Decoding කරන්න (faster transmission and decompresses received data). එතකොට මෙහෙම Decoding වෙන දත්ත Direct-show filters ඔස්සේ Video එකක් වගේ අපිට පෙන්නනව. තාක්ෂනික සිද්ධාන්තය තමා ඔය මම සරලව කිව්වේ. K-Lite Codec Pack එක ඇතුලේ තියෙනව පොදුවේ අපි භාවිතා කරන Video & Audio Format ‍රැසක් decode කිරීමේ පහසුකමක්. ඒ නිසා මේ K-Lite Pack එක ඔයා Computer එකට Install කලොත් ඔයාට ඒ මොහොතේ ඉදන් ඕනෑම Video or Audio ගොනුවක් Play කරන්න පුලුවන්. 

දැනටමත් මේ පහසුකම නැත්තන් මෙතනින් Download කරගන්න

Comments