Subtitle එක වීඩියෝ එකත් එක්ක හරියට සෙට් වෙන්නේ නැද්ද

ඔන්න අද මම කට්ටියට පොඩි ට්‍රික්ස් එකක් කියල දෙන්නයි යන්නේ. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Films බලන අයට. ගොඩක් අය Films බලන්න ආසයිනේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට ලැබෙන Film වෙනත් භාෂාවකින් තමයි තියෙන්නේ. ඒ වෙලාවට දන්න සිංහලෙන් ඕක බලන්න පුලුවන් එකම ක්‍රමයයි තියෙන්නේ ඒ තමයි සිංහල Subtitle එකක් දා ගන්න එක. නමුත් සමහර වෙලාවට ඔයාල අත් විදල ඇති මේ විදිහට යොදා ගන්න Subtitle එකත්, වීඩියෝ එකේ දෙබස් අතර යම් කිසි Delay එකක් එහෙමත් නැත්තන් පමාවක් ඇති වෙන්න පුලුවන්.එක්කො කතා කරන්න ඉස්සෙල්ල උපසිරස යනව, එහෙමත් නැත්තන් කතා කලාට පස්සේ උපසි‍රැස යනව. ඔය මොක උනත් අන්තිමට අපිට කතාව බලන එක එපා කරවනව.

මම අද කියල දෙන්න යන්නේ අන්න ඒ වගේ Delay එකක් හදල හරියටම Time එකට Sub එක Play කරගෙන Film එක ආතල් එකේ බලන ක්‍රමයක් ගැන.

මේ වැඩේට අපිට VLC PLayer එක ඕන වෙනව. 

මේ වැඩේට බහින්න ඉස්සෙල්ල අපිට සිද්ද වෙනව අදාල වීඩියෝ එකේ Subtitle එක Play වීමේ පමාව තත්පර වලින් ආසන්න වශයෙන් දැන ගන්න. ඒ වැඩේට කොරන්න තියෙන්නේ වීඩියෝ එකේ තේරෙන තැනක් අල්ල ගෙන ඊට අදාල උපසි‍රැස හරියටම යන කාලය අතර වෙනස තේරුම් ගැනීමයි.

තේරුනේ නැද්ද... අය්යෝ.. 

හිතන්න ඔයා බලන්නේ English Movie එකක් කියල. ඔන්න ඒ කතාවේ 4 වන විනාඩියේදේ මනුස්සයෙක් Yes! කියනව. ඔයා දන්නවනේ Yes කියන එකේ තේරුම. ඉතින් ඔන්න Yes! කියල තප්පර 3ක් ගියාට පස්සේ තමා උපසිරස වැටෙන්නේ "ඔව්" කියල. තේරුනාද. එතකොට Delay එක තත්පර 3යි. 
එහෙමත් නැත්තන් මුලින්ම වීඩියෝ එකේ කතා කරන තැනයි මුලින්ම Sub එක Play වෙන තැනයි අතර කාල වෙනස හොයා ගන්නව.

ඔන්න ඕය සීන් එක තේරුම් ගන්න Computer Program එක දක්ශ නෑ. ඒ නිසා අදාල Delay වීම අපි ආසන්න වශයෙන් හොයා ගන්න ඕනේ.


ඔය මම උඩ දාල තියෙන පිංතූරය දිහා බලන්න. ඔය කියන පිලිවෙලට ඔයා යන්න. ඊට පස්සේ අංක තුන තියෙන තැනට අර තත්පර ගාන දෙන්න ඕනේ. මේ වීඩියෝ එකේ විදිහට නම් මේ කතාවේ මනුස්සය කියන දේට අදාල උපසි‍රැසි පාඨය යන්නේ තත්පර 42ක් ආසන්න වශයෙන් පමා වෙලා ඉතින් මම -42.000 කියල දාල තියෙන්නේ ඒකයි. මෙතනදි කාලය මනින්නේ mili Second වලින්. ඒ නිසා තත්පර ගානට පස්සේ බිංදු තුනක් ඒම අනිවාර්යයයි. ඕව තේරෙනව නේ. -42 ක් වෙනුවට මම +42 ක් දැම්මනම් තවත් තත්පර 42 ක් උපසිරස ඉස්සරහට යනව. මට ඕන උනේ පස්සට ගන්න. ඒ නිසා -42 කියල දැම්ම. ඔය මම කිව්වේ මගේ වීඩියෝ එකේ විදිහට. සමහර විට ඔයාගේ එකේ ඔයිට වඩා අඩු ගානක් තියෙයි. ඒක හොයා ගන්න ඕනා ඔයා.

එහෙම නම් උත්සහ කරල බලන්නකො.

Comments